skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ලැබුවාවු නව වසරේ පළමු පියවර තබමු!!!!!!!

4 comments




පළමු පියවර තැබීම
බිය උපදවන දෙයකි
නොදන්නා දෙයකට මුහුණ දීම
ගෙනෙනුයේ අවිනිශ්චිත බවකි
බඩ ගැමෙන්
වෙහෙසට පත් වූ ළමයෙකු මෙනි
පළමු පියවර තැබිම
අන් සියල්ලට වඩා වැදගත්ය
එය ඔබේ ක්ෂිතිජය පුළුල් කරයි
ඔබට නව අලෝකයක් දැකිය හැකිය
ගවේෂණයේ අහ්ලාදය
ගුවනේ ගමනකට සමානය
ඔබ තබන පළමු පියවර
සියළු දොරගුළු හරිනු ඇත
ඔබ මෙයට පෙර දැක ඇති සැටියෙන්
ඔබටම ඔබ දැකගත හැක

-Rabona Turner Gordon


මෙම කවි පන්තිය ප්‍රසිද්ධියට පත් වූ පසුව එය කිය වූ බොහෝ පාඨකයෝ Rabona ට සුභ පැතූහ. පළමු පියවර කෙතරම් අමාරු වූවත්, අලුත් යමක් සඳහා පා තැබීමෙහි කිසියම් පුදුමයක් ඇති බව තමනට අත්විඳීමට ලැබුනු බව, තමන්ට සිහිපත් වූ බව ඔවුහු ලියා එවුහ.ඔබ අලුත් යමක් සඳහා පියවර තබන විට අභියෝග වලට මුහුණ දීමට සිදුවන බව අපේක්ෂා කළ යුතු බව ඔබට සිහිපත් කරනු ඇත. එය බඩගාන දරුවකු ඇවිදීමට පළමු පියවර තබනවාට සමාන ය.

ඔබ අසාර්ථක වන අවස්ථා තිබිය හැකිය. එහෙත් ඔබ ඔබේ සම්පූර්ණ අවධානය එම සිහිනය වෙතම තබා සිටින්නේ නම් ඔබ සාර්ථක වනු ඇත. ඔබ පළමු පියවර තැබීමට නිර්භීත වන්න. පළමු පියවර තැබු කල්හි දෙවන පියවර තැබිය හැකිය. වැටි වැටී නැගිටීම ස්වභාව ධර්ම න්‍යායයි. කිසි දා නො වැටී ඇවිද්ද දරුවෙකු ගැන අපට අහන්නට දකින්නට ලැබී නැත.

වැටුනත් නැගිටිවු
වැටි වැටී නැගිටිවු
පෙරටම යමු ලංකා \\\



ලැබුවාවු 2011 ඔබ තබන සියලු පියවරයන් සාර්ථක වන සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා!!!


11:25 AM



ගමරාළ කිරි දොවාගත්ත හැටි [අති:වැඩිහිටියන්ට පමණයි]

1comments


ළඟදී යාළුවෝ එක්ක සෙට් වෙලා පොඩි ගමනක් යන ගමන් මගේ අතිජාත මිත්‍රයෙක් කියපු කතාවක් මේක. කතාව හිතන කොටත් තාම හිනා යනවා. මිනිහාමයි කිව්වේ මචං උඹේ බ්ලොග් එකේ මේක ලියං කියලා. ඉතින් මිනිහටත් මගේ ප්‍රණාමය පුදකරලාම කතාව පටන්ගන්නම් ;) පළවැනියට කියන්න ඕන 18+ අයට තමා මේ කතාව වඩා සුදුසු. අනිත් එක කතාව කියවලා මං අනිත් අයව නරක් කරනවා කියලා චෝදනා කරන්නත් එපා :P

එක ගමක හිටියලු වෙනස්ම ජාතියේ ගමරාළ කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි. මං වෙනස් කියලා කිව්වේ මේ පවුලේ හැම වැඩක්ම කරන්නේ ගම හාමිනේලු. ගම රාළට තියෙන්නේ කන්නයි බොන්නයි නිදාගන්නයි තව ඉතින් අත්‍යවශ්යම දේවල් ටික කරන්න විතරයි. ගමරාළ මෙහෙම කම්මැලියෙක් වුනාට අර වැඩේටනම් දක්ෂයා (වැඩේ මොකක්ද කියලා දන්න අය දන්නවා.දන්නැති අය දන්න අයගෙන් අහගන්නකෝ) ඒ හින්දාම ගමහාමිනෙත් ගමරාළ කියන ඕනම දෙයක් අහනව.

එක දවසක් ගම හාමිනේට හොඳටම අසනීප වුනා. කිසිම වැඩක් කරන්න හයියක් නැ.ඉතින් ගම හාමිනේ ගමරාළට කිව්වාලු "අනේ මේ වත්ත පල්ලේහට ගිහින් කිරි ටිකක් දොවාගෙන එනවකෝ" . "හරි හරි" කියලා අසනීපෙන් ඉන්න ගමහමිනේ ගැන අනුකම්පා හිතිලා ගමරාළ වත්ත පල්ලෙහට ගියා කිරි දොවාගෙන එන්න. (ගමරාළ මීට කලින් කිරි දොවාගෙන පුරුද්දක් නැ) ගමරාළ එළදෙන ගාව බාල්දිය තියලා කිරි දොවන්න කියලා අත තිබ්බ ගමන්ම එළදෙන කකුලෙන් එකක් දුන්නා ගමරාළට තරු පෙන්න.ගමරාළට අම්බානෙට මළ පැනලා.

ගමාරාළ ලඟම තිබ්බ ගහක එළදෙනගේ පිටිපස්සේ කකුල් දෙක ගැට ගැහුව. ඊට පස්සේ ආයෙත් කිරි දොවන්න කියලා අත තිබ්බ ගමන් එළදෙන ඉස්සර කකුලෙනුත් ගහන්න හදනව. ආයෙත් ඉතින් ගමරාළ තව ගහක් අල්ලගෙන එළදෙනක අනිත් කකුල් දෙකත් ගැටගැහුව. දැන් ගමරාළ ෆුල් හැපි එකේ හිනා වෙවී කිරි දොවන්න කියලා අත තිබ්බ ගමන් එළදෙන වලිගෙන් ගමරාළට එකක් දුන්න ගමරාළගේ හම රතු වෙන්න.

ගමරාළ යකා නැග්ගා. කොහොමහරි කිරි දොවාගන්නවාමයි කියාගෙන ගමරාළ vs එළදෙන ෆුල් ෆයිට් එකක.ඔය අතරේ බාල්දිත් පෙරලෙනවා. අන්තිමේදී උත්සහවන්තයා ජයගන්නවා කියනවානේ ඒ වගේ ගමරාළත් කිරිටික දොවාගත්තා.

ගමහාමිනේට සද්දේ ඇහිලා ගමහාමිනේ "ඒයි ඒයි මොකක්ද වුනේ" කියාගෙන වත්ත පල්ලෙහට එනවලු.ඔය අතරේ ගමාරාළ ෆුල් ෆයිට් එකක් දාගෙන දොවාගත්ත කිරි බාල්දිය උස්සන කොටම ගමරාලගේ සරම කඩන් වැටුනා.ඔයා වේලාවෙම ගම හමිනේත් එතැන්ට ආවා. සරම නැතුව ඉන්න ගමරාළ දැක්ක ගම හාමිනේ කිව්වලු " අනේ අනේ මේ මනුස්සයා එළදෙනකටත් ඉන්න දෙන්නේ නැනේ. මූ වගේ මනුස්සයෙක්" :P


10:28 PM



විශ්වාසනීය ආදරය

6 comments

අන්තිමට ලිපියක් ලියල මාසයකටත් වැඩිය.... මුළු ජිවිතේම ප්‍රශ්න වලින් පිරිලා..වේලාව යනවා තේරෙන්නේත් නැ....ඊට අමතරව කරන්න තියෙන වැඩ ගොඩ ගැහිලා...මොන කරන්නද අර කියමනක් තියෙනවානේ "වෙනස් වෙන ලෝකයේ නොවෙනස්ව පවතින එකම දෙය වෙනස්වීම කියලා"...ඒ මදිවට බ්ලොග් එක පටන් අරන් අවුරුද්දකුත් වුනා තවම ලිපි 64 යි... හරිම මන්දගාමී නේ? :P මොන කරන්නද, බලමු ඉදිරියවත් ටිකක් සීඝ්‍රගාමී වෙන්න ඕන ;) ළඟදී බ්ලොග් කරුවන්ගේ සුහද හමුවත් තිබ්බා. යන්න වුවමනාව තිබ්බට කලින් සැලසුම් කරපු නැති හින්දා ඒකත් අරහං වුනා. හරිම දුකයි ෆුල් ට්‍රයි එකක් දෙනවා ලබන පාරේ යන්න.

ළඟදී අහන්න ලැබුනා පොඩි කතාවක් .හරිම ලස්සනයි..ඔයගොල්ලොත් කියවලා බලන්නකෝ...

පාලමක් උඩින් යන ගමන් තාත්තා තමන්ගේ පොඩි පුතාට මෙහෙම කියනවා " පුතේ, මගේ අතින් අල්ලගන්න එතකොට ඔයාට බයනැතිව ඟගට වැටෙන්නෙ නැතුව යන්න පුළුවන්."

එතකොට පොඩි එකා මෙහෙම කියනවා "නැ, තාත්තේ ඔයා මගේ අතින් අල්ලගන්න"

තාත්තා අහනවා "මොකක්ද වෙනස? " කියලා.

එතකොට පොඩි එකා කියනවා" ලොකු වෙනසක් තියෙනවා . මම තාත්තාගේ අතින් අල්ලා ගත්තෝත් මට මොනා හරි වුනොත් අත අතහැරී වැටෙන්න ඉඩ වැඩියි. ඒත් මම දන්නවා තාත්තා මගේ අතින් අල්ල ගත්තෝත්
මොනා වුනත් තාත්තා මගේ අත අතහරින්නේ නැ බව,"

හැම සම්බන්ධයකම විශ්වාසය තියෙන්න ඕන ඒක තදින් අල්ලා ගන්න එක නෙමෙයි එකේ ඇති විශ්වාසනීය බැඳීම මතයි. ඒ නිසා ඔයගොල්ලෝ ආදරය කරන කෙනාගේ අත ඔයගොල්ලෝ විසින් අල්ලා ගන්න ඕන මිසක් ඔයගොල්ලන්ව අල්ලාගන්න තෙක් ඉන්න එපා. <3

අලුත් අවුරුද්දට කලින් පොඩි අලුත් අවුරුදු තැග්ගක් එක්ක ඔය ගොල්ලන්ව නැවත හමුවෙනතුරු තාවකාලිව සමුගන්නවා..... ආයු බෝ වේවා!!!!


9:18 AM



Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ▼  December (3)
        • ලැබුවාවු නව වසරේ පළමු පියවර තබමු!!!!!!!
        • ගමරාළ කිරි දොවාගත්ත හැටි [අති:වැඩිහිටියන්ට පමණයි]
        • විශ්වාසනීය ආදරය
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft