skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

සමලිංගිකත්වය II

19 comments

සමලිංගිකත්වය කියන මාතෘකාව යටතේ මං ලියපු ලිපිය කියවපු Comment කරපු සියලු සහෝදරයන්ට මගේ ස්තූතිය.මගේ ලිපියට ලැබුණු Comments වලින් බහුතරයක්ම සමලිංගිකත්වයට පක්ෂපාතී ඒවා. ඒ වගේම සමහරු Comments වලින් මට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබ්බා.ඒ හින්දා ඒ ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන් සහ සමලිංගිකත්වය පක්ෂපාතීව දක්වපු අදහස් වලට මගේ අදහස් ඉදිරිපත් කරන්නයි මං මේ ලිපිය ලියන්නේ[කලින් ලිපියේ සඳහන් කළා වගේ මේක මිත්‍රශීලීව ප්‍රතිචාර දැක්වීමක්] .මගේ මේ පිළිතුරු ලිපිය වෙනම ලිපියක් වශයෙන් මෙහෙම ඉදිරිපත් කරන්නේ මේ ලිපිය සියමු දෙනාට වගේ කියවන්නට ලේසි වෙන නිසයි.

මගේ පළවෙනි ලිපියේ මං දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා ඒඩ්ස් රෝගයේ මුලාරම්භය සිදුවූනේ සමලිංගිකත්වය නිසා කියලා. ඒ ලිපියට ප්‍රතිචාර දක්වපු Haru සහෝදරයා කියලා තිබ්බා ඒඩ්ස් රෝගයේ මූලාරම්භය සමලිංගිකත්වය කියන එක වෛදය උපකල්පනයක් බවත් පස්සේ ඒ මතය වෙනස් කල බව.මූලදී ඒක උපකල්පනයක් වුනාට පසුව ඒඩ්ස් රෝගය පිළිබඳව කරපු පර්යේෂණ වලදී හෙළි වුනා ඒඩ්ස් රෝගයේ මූලාරම්භය සිදුවූනේ සමලිංගිකත්වයෙන් කියලා.ඒ පිළිබඳව කිසිම සැකයක් ඇති කීරීමට අවශ්‍ය වෙන්නේ නැ. 200% විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒඩ්ස් රෝගයේ මූලාරම්භය සිදුවුනේ සමලිංගිකත්වය නිසා කියලා. ආරියසේන යූ.ගමගේ වෛද්‍යතුමාගේ "රජෙක් වුනත් ලෙඩෙක් වුනෝත්" කියන පොතේ ඒඩ්ස් රෝගය හා එහි උපත පිළිබඳව පුළුල් වශයෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අන්තර්ජායෙනුත් අපිට ඒඩ්ස් රෝගයේ උපත පිළිබඳව දැනගැනීමට පුළුවන්. අපි කොහේ බැලුවත් ඒ හැමතැනම තියෙන්නේ එකම දෙයයි ඒඩ්ස් රෝගයේ උපත සිදුවූයේ සමලිංගිකත්වය නිසා කියලා.

අනිත් කාරණය එඩ්ස් රෝගයේ පැතිරවීමට එකම හේතුව සමංගිකත්වය විතර නෙමෙයි. අනවශ්‍ය ලිංගික චාර්යාවන් නිසාත් ඒඩ්ස් රෝගය පැතිරෙනවා. අනවශ්‍ය ලිංගික චාර්යාවන් වලටත් තරයේ විරුද්ධ පුද්ගලයෙක් මම. සමලිංගිකත්වය මතෘකාව කරගෙන ලියන ලිපියක් නිසා තමයි සමලිංගිකත්වය පිළිබඳව පමණක් මං මේ ලිපියේ අදහස් දක්වන්නේ. අනිත් එක ලංකාවේ වර්තමානයේ සමලිංගිකත්වය නිතීගත කිරීමට වඩා ගණිකා වෘත්තීය නීතීගත කරන්න කියලා කිසිම කෙනෙක් කියන්නේ නැ. සමලිංගිකත්වය තමයි මූලික වුවමනාව වෙලා තියෙන්නේ ඒ හින්දා තමයි මූලිකව ඒ ගැන ලියන්නේ. ඒ වගේම Haru සහෝදරයා සහ budhajeewa සහෝදරයා අදහස් දක්වලා තිබ්බා සමලිංගිකත්වය නිසා අනිත් සහකරු\සහකාරියට පිඩාවක් නෙමෙයි කියලා. ඒ පිළිබඳව මට කියන්න තියෙන්නේ සමලිංගික ක්‍රියාව නිසා තමයි එඩ්ස් රෝගය බිහිවුනේ ඒවගේම ඒඩ්ස් රෝගය තව තවත් වර්ධනය කිරීමට සමලිංගිකත්වය උපකාරී වෙනවා. ඒ අදහස ලොකේ සිටින විශේෂඥ වෛදයවරු සියලුදෙනාම පාහේ අනුමත කරලා තියෙනවා.Haru සහෝදරයා කිව්ව විදිහට සහකරුට හෝ සහකාරීය පීඩාවක් නැත්තේ සමලිංගික ක්‍රියාවේ නිරත වීමේදී විතරයි. මොකද ඒ වේලාවේ හොඳ ලිංගික වින්දනයක් ලැබෙනවා. ඒත් ඊට පස්සේ තමනුත් ඒඩ්ස් රෝගියෙක් වෙලා අනිත් අයටත් දැන හෝ නොදැන එඩ්ස් රෝගය බෝ කරනවා. මේ අනුව අපිට පැහැදිලිව පෙනෙනවා සමලිංගිකත්වය සහකරු\සහකාරියට පමනක් නෙමෙයි මුළු සමාජයටම අහිතකර දෙයක් කියලා. Budhajeewa සහෝදරයා කියලා තිබ්බා සමලිංගිකයින් ඒඩ්ස් රෝග වාහකයින් ලෙස හැඳින්වීම වැරදියි කියලා. මං කියන්නේ සමලිංගිකයින් කියන්නේ නැවත් නැවත එඩ්ස් රෝගය නිපදවන්නන්. එතකොට 100% සමලිංගිකයන්ගෙන් ඒඩ්ස් රෝගය බෝනොවෙන බව Haru සහෝදරයාට හෝ budhajeewa සහෝදරයාට කියන්න පුළුවන්ද?

පිස්සා පලාමල්ල සහෝදරයා අදහස් දක්වලා තිබ්බා අරක්කු සිගරට් නිතීගත කලා නම් මේක නිතීගත කරන එකේ වැරැද්දක් නැ කියලා. මේක ඉතින් වැරැදි වැඩක් කරන හැමදෙනාටම තියෙන තුරුම්පුවක්.X කියනවා ‍Y එහෙම කරන හින්දා මං මෙහෙම කරනවා කියලා. Y කියනවා X එහෙම කරන හින්දා මං මෙහෙම කරනවා කියලා. අන්තිම වෙනෙකම් මෙකම කිය කිය ඉඳීයි. මට කියන්න තියෙන්නේ මමත් අරක්කු , සිගරට්, මත්ද්‍රව්‍ය වගේම මිනිසුන්ට අහිතකර සියලු දේවල් වලට තරයේම විරුද්ධයි.අද වුනත් අරක්කු සිගරට් තහනම් කරනවානම් මගේ සම්පූර්ණ සහයෝගය ඒකට ලබාදෙනවා.

දැන් ගැටලුව වෙලා තියෙන්නේ තවම නිතීගත වුනේ නැති නිතීගත කරන්න කියල සුළුතරයක් විසින් කියන සමලිංගිකත්වයයි.නිකම් හරි සමලිංගිකත්වය නිතීගත කළානම් සමලිංගික ක්‍රියාව තව තවත් වර්ධනය වෙනවා. ඒවා වර්ධනය කරන්නට ඕනැ තරම සල්ලී දෙන්න සමලිංගිකත්වය හින්දා ඒඩ්ස් රෝගීන් වුන ඒ වගේම වෙන්න ඉන්න බොහෝ බටහිර ධනපතියන් ඉන්නවා. එතකොට වෙන්නේ තව තවත් ඒඩ්ස් රෝගීන් බහුල වීමයි. තවත් පැත්තකින් සමලිංගිකත්වය නිතීගත කලානම් ඊට පස්සේ කියයි සමලිංගිකත්වය නිතීගත කල එකේ සතුන් සමඟ ලිංගිකව හැසිරීමේ හෙවත් බෙස්ටියැලිටි නිතීගත කරන්න කියලා.ඔහොම ඔහොම ගිහින් අන්තිමට බලහත්කරයෙන් ලිංගිකව හැසිරීම හෙවත් දූෂණය කරන්න අවසර ඉල්ලයි. මොකද ඕනැවට වැඩිය නිදහස ගැන කතාකරන මිනිස්සු තමන්ගෙන් සමාජයට අයහපතක් නොවී ජීවත් වීම වෙනුවට තමන් පමණක් යහපතින් ජීවත් වෙන්න ඕන යන ආත්මාර්ථකාමි පුද්ගලයෝ බවට පත්වෙලයි ඉන්නේ.

අනිත් එක Haru සහෝදරයා කියලා තිබ්බා සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත් ඊට වඩා හපන් ලිංගික චාර්යාවන් පවතින බවත්. එතැනදී පොඩි සංශෝදනයක් කරන්න ඕන ඊට වඩා හපන් කියන එක වෙනුවට ඊට සමාන කියලා. සහෝදරයා කිව්ව විධියට අසාමාන්‍ය, ස්භාවධර්මයට පටහැනි, විවිධ මාරාන්තික රෝග නිර්මාණය කිරීමට සහ බෝ කිරීමට උපකාරී වන ලිංගික චාර්යාවන් සමාජයේ පවතිනවා. සහෝදරයා දක්වපු විදිහට පරපීඩා කාමුකත්වය විතරක් නෙමෙයි ස්වපීඩා කාමුකත්වය, සමලිංගිකත්වය, ඇඟලුම් මාරුව, ලිංගික අනන්‍යතා මාරුව, ප්‍රදර්ශනකාමිත්වය, ස්වඥාතිව්‍යාභිචාරය[ එකම පවුලේ සමාජිකයින් අතර සිදුවන ලිංගික ක්‍රියා],පූජාලංජන භක්තිය, දර්ෂනකාමීත්වය, සතුන් සමඟ ලිංගිකව හැසිරීම හෙවත් බස්ටියැලිටි ,ලමුන් කෙරෙහි ලිංගික ආකර්ෂණය හෙවත් පීඩෝෆිලියාව සහ බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයෙ යෙදීම හෙවත් දූෂණය කියන මේ හැම අසාමන්‍ය ලිංගික ක්‍රියාවක්ම සහකරුට\සහකාරියට හා සමස්ත සමාජයටම ඉතා අහිතකර ප්‍රතිවිපාකා උරුම කරදෙන ලිංගික ක්‍රියාවන්. මේ සියලුම ලිංගික ක්‍රියාවන් ලිංගික දුරාචාර රෝග නැතහොත් මානසික රෝග වශයෙන් තමයි වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ.

ඒ වගේම Haru සහෝදරයා විසින් ගබ්සාව පිළිබඳ ලිපියක් ලියලා තිබ්බා. අපි දන්නේ නැති හුඟක් දේවල් ඒ ලිපියේ තිබ්බා. Haru සහෝදරයාට ස්තූතීයි වන්ත වෙනවා ඒවගේ හොඳ ලිපියක් අපි වෙනුවෙන් ලියපු එකට. මං හිතනවා විදිහට ඒ ලිපිය අනුව සහෝදරයා ගබ්සාවට පාක්ෂපාතී කියලා[මං වැරදි නම් නිවැරදි කරන්න]. සමාජයට අහිතකර අනිකුත් ක්‍රියා මෙන් ගබ්සාවටත් මං තරයේම විරුද්ධයි.

සමලිංගිකත්වයේ ප්‍රතිවිපාක ගැන ලියනවානම් තව ඕන තරම් ලියන්න පුළුවන්. ඒත් මුලික වශයෙන් මං මෙතනැදි ඉදිරිපත් කලේ මගේ කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාරයට මගේ මිත්‍රශීලී ප්‍රතිචාරයයි.

අපි හැමවේලාවේම උත්සහ ගන්න ඕන අපේ අනවශ්‍ය හැඟීම් පාලනය කරන්න.හිත කියන දේ විතරක් කරන්නේ නැතුව මොලෙන් ටිකක් කල්පනා කරලා බලන්න ඕන හරි වැරදි මොකක්ද කියලා.විනාඩි ගාණකින් ශුක්‍රාණු පිටකරන්න මෙච්චර දරුණු විදිහට තමන්වත් විනාශ කරගෙන සමාජයත් විනාශ කරන්නට තියෙන වුවමනාව මොකක්ද?... [මං මෙහෙම කියන්නේ සමලිංගිකත්වය කියන්නේ අනිවාර්‍ය්යෙන්ම කාමයත් පදනම් කරගත් කායික හා මානසික දෙයක්. කාමයක් නැත්තම් ඒක සමලිංගිකත්වයක් නෙමෙයි.]

සින්ඩියේ අනිත් සහෝදරවරු වගේ ලස්සනට වචන ගලපමින් ලිපියක් ලියන්න තරම් මං දක්ෂයෙක් නෙමෙයි එත් මට පුළුවන් විදිහට ලිව්වා. මගේ මේ ලිපි කියවලා සමලිංගිකයෙක් හරි සමලිංගිකයෙක් වෙන්න හිතන් ඉන්න පුද්ගලයෙක් හරි ඒ සංකල්පයෙන් මිදෙනවානම් ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්.

අවසාන වශයෙන් කියන්න ඕන මං මේ ලිපිය ලිව්වේ කාගේවත් හිත රිදවන්න නෙමෙයි. මගේ මතය අනුව සමලිංගිකයෙක් වුනත් ඔහුගේ නොදැනුවත්භාවය නිසා තමයි ඔහු ඒ විදිහට හැසිරෙන්නේ. ඔහුත් මගේ සහෝදරයෙක්. එකේ කිසි වෙනසක් නැ. ඒ හින්දා මං මේ ලියුමෙන් කාගේ හරි හිත රිදුනා නම්, මං එයාගෙන් සමාව අයදිනවා.


9:25 AM



Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ▼  July (1)
        • සමලිංගිකත්වය II
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft