skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

සමලිංගිකත්වය I

10 comments

ඇත්තට මං මේ වාද විවාද වලට පැටලෙන්න කැමති නැ, ඒත් මං ලියපු "පුතාගෙන් තාත්තට ලැබුණු අපුරු තැග්ග" කියන කතාවට budhajeewa සහෝදරයගෙන් සහ TVS සහෝදරයාගෙන් ලැබුණු ප්‍රතිචාර වලට මිත්‍රශීලී පිළිතුරක් සපයන්න තමයි මං මේක ලියන්නේ.
[මේ දවස්වල සින්දියේ බ්ලොග් අතර සිදුවන සීතල සටන් බලනකොට මේක ලියන්නත් ටිකක් බයයි.මොකද මං කැමති නැ කිසිම හේතුවකට හතුරෝ හදාගන්නවට.ඒත් ඉතින් ලියන්න කියලා හිතුනා ලියනවා. මං මේ වලියකට අදිනවා එහෙම නෙවෙයි ඔන්න කලින්ම කිව්වා මං මේ ලියන්නේ මගේ අදහසයි. ]

සමලිංගිකත්වය කියන්නේ ලෝකයම පිළිගත්ත දෙයක් නෙමෙයි. රටවල් කිහිපයක මේක නිතීගත වුනාට බහුතර රටටවල් මේකට විරුද්ධයි. ශ්‍රී ලංකාවේ නිතීය අනුව නම් සමලිංගිකව හැසිරීමට අවුරුදු 12 ක සිර දඩුවමක් ලැබෙනවා. නිතීයක් හදන්නේ 100% ජනතාවගේ කැමෙත්තෙන් නෙමෙයි.නිතියක් හදන්නේ බහුතර කැමත්තකින්. අපි කැමති වුනත් නැති වුනත් අපිට ඒ බහුතර කැමත්තෙන් හදපු නිතියට යටත් වෙන්න සිද්ධවෙනවා නිතිය අනුව ජීවත් වෙන්න සිදුවෙනවා. [ඔයගොල්ලන්ට කියන්න පුළුවන් අනාගතයෙදී නිතී සංශෝධනය වෙන්න පුළුවන් කියලා. ඒකට උත්තරේ ඒක අපි අනාගතයේදී බලමු කියන එකයි.මට 100% විශ්වාසයි ඉතා වටිනා සංස්කෘතියකට හිමකම් කියන අපේ රටේ මේක නිතිගත කරන්නේ නැ කියලා] අනිත් එක හොඳ නරක කියල දෙයක් තියෙනවානේ, අද කියයි සමලිංගිකත්වය නිතිගත කරන්න කියලා ඊට පස්සේ කියයි ඇමෙරිකාවේ වගේ අන්තර් පවුල් ලිංගිකත්වයට අවසරය ඉල්ලයි.යන්න යන්න මානව අයිතිවාසිකම් කියලා සත්තු එක්ක ලිංගිකව හැසිරීමටත් අවසර ඉල්ලයි[ඇත්තටම මේවා තමයි ජාත්‍යන්තර කුමන්ත්‍රණ]. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා බු.ව.2500 පස්සේ ලෝකය පිරිහෙනවා කියලා. මං හිතන්නේ ඒක තමයි දැන් සිද්ධ වෙන්නේ.

මං මෙතනැදී එඩ්ස් රෝගය ගැන පොඩ්ඩක් කතා කරන්න කැමති.

1981 අවුරුද්දේ ජුනි මාසයේ වයස අවු 29 රෝගී තරුණයෙක්ව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ලොස් ඇන්ජලීස් වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුල් කළා. වෛද්‍ය පරීක්ෂණ වලින් පෙනී ගියේ ඔහුගේ සිරුරේ සුදු රුධිරානුවල ඇති වසා සෛල ප්‍රමාණය අඩුවී ඇති බව, මුඛය තුළ කිරි මැලියම් හෙවත් Candida Albucans නැමැති පුස් රෝගයද, මුත්‍රා මාර්ගය Cytomebalo Virus නැමැති වෛරසයෙන් සහ පෙනහලු Pneummocysitis Carine (නියුමෝසිස්ටිස් කැරිනි) නම් විෂ බීජයෙන් අසාදනය වී නියුමෝනියාව වැළඳි තිබුණු බව. මේ රෝගියා තුළ රෝග තුනක් එකවිට දක්නට ලැබීම වෛද්‍යවරුන්ගේ විශේෂ අවධානයට යොමුවුනා. අදාළ රෝග සඳහා නිර්දේශිත ප්‍රතිකාර කලත් රෝගය සුව වුනේ නැ. නියුමෝසිස්ටිස් කැරිනි නැමැති විෂබීජය සාමාන්‍යයෙන් රෝග ඇති කරන්නේ සිරුරෙහි රෝග මැඩලීමේ ශක්තිය හීන වූ අය තුළය. ඒත් මේ රෝගී තරුණයාට නම් එවැනි රෝගී තත්වයක් වැලඳී තිබ්බේ නැ.

මේ රෝගී තත්වය ගැන වෛද්‍ය මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් පැවැත්වෙන වෛද්‍ය සම්මන්ත්‍රණවලදී සාකච්චාවට භාජනය වුනා. එහිදී හෙළී වුනා ඔය වගේ රෝග ලක්ෂණ තිබුණු රොගීන් තුන්දෙනෙක් පසුගිය මාස හය ඇතුළත් මෙම ආයතනයටම වාර්තා වී තිබෙන බව. ඉන්පසු වෛද්‍යවරුන් විසින් මේ අලුත් රෝගයට නමක් තිබ්බා. ඒ තමයි Acquired Immune Deficiency Syndrome හෙවත් AIDS. ඉන්පසු වෛද්‍යවරුන් විසින් අභිජන විද්‍යාවේ මූලික කටයුත්තල් වශයෙන් රෝගීන්ගේ ගති ලක්ෂන, ඔවුන්ගේ පරිසරය හා රෝග වැළඳෙන කාලය පිළිබඳ පුළුල්ව පරීක්ෂණ සිදු කළා. මෙහිදී හෙළිදරව් වූ වැදගත් කරුණු නම් රෝගීන් හතර දෙනාම වයස අවු 30ට ආසන්න, සමලිංගික සේවනයේ යෙදෙන , රෝගය වැළඳීමට පෙර හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවුනු ලොස් ඇන්ජලීස් නගරයේ ජීවත් වුනු පිරිමින් බවයි.

ඉන්පසු වාර්ථා වූනේ මෙම රෝගය සමලිංගිකයන් අතර පමණක් නොව හීමෝෆිලියාවෙන් පෙළෙන්නන් සහ ඇඟට ඖෂධ විදගන්නා මත්ද්‍රව්‍ය ලෝලීන් අතරත් දක්නට ලැබෙන බව. වැඩි කලක් ගත වීමට පෙර මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයන්න ට වෛද්‍යවරුන්ට හැකි වුනා. හිමෝෆිලීයාවෙන්, පෙළෙන්නන්ට සුළු තුවාලයක් ඇති වුනත් දිගින් දිගට ලේ ගලනවා. ඒ නිසා ඔවුන්ට ලේ පාරවිලනය කරන්නට සිදුවෙනවා. එවැනි අවස්ථාවක ඒඩ්ස් රෝගියෙකුගේ ලේ හිමෝෆිලීයා රෝගියෙකුට පාරවිලනය කලොත් ඔහුටත් ඒඩ්ස් රෝගය ඇති වෙනවා. ඒ වගේම මත්ලෝලීන් හුඟක් වෙලාවට එකම කටුව එකිනෙකා මාරුකර ගෙන ඉන්ජෙක්ෂන් මඟින් මත්දද්‍රව්‍ය ශරිර ගත කරනවා. එවැනි අවස්ථාවක ඒඩ්ස් රෝගියෙකුගේ ඉන්ජෙක්ෂන් කටුවක් තව එකෙකු ඇන ගැනිමෙන් ද ඒඩ්ස් රෝගය බෝ වෙනවා.

ඒඩ්ස් කියන්නේ සුළුපටු රෝගයක් නෙමෙයි.ලොකේ තියෙන අංක 1 කේ භයානක රෝගයක්.අද වෙනකොට වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුනත් එඩ්ස් රෝගය සඳහා මේ තත්පරය වෙනකොටත් පුර්ණ වශයෙන් සුව කල හැකි බෙහෙතක් හොයාගෙන නැහැ. ඕනැම මනුස්සයෙක් කවදාහරි මැරෙන්න ඕන ඒත් එඩ්ස් රෝගියෙක් වුනාම මානසික වශයෙන් වගේම කායික වශයෙන් දරුණු වේදනා විදින්න වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න එඩ්ස් රෝගයේ මුලාරම්භය කොතනින්ද? අද වෙන කොට හයක් හතරක් නොදන්න කොච්චර පොඩි ළමයිට මේ රෝගය වැලඳිලා තියෙනවාද? කිසිම වැරැද්දක් නොකරපු මිනිසුන්ගෙනුත් පළිගන්නා මෙම ඒඩ්සි රෝගයට මූල බීජයක් වුණූ ඒ වගේම ඒඩ්ස් රෝගය වර්ධනයට තව තවත් උපකාරී කරන පැහැදිලි වශයෙන්ම ස්භාවධර්මයට පටහැනි සමලිංගික ක්‍රියාවට පක්ෂව හඬක් නැගීම කිසිම අයුරකින් යුක්තිසහගත් ක්‍රියාවක් නොවන බව තමයි මගේ මතය.

මං කියපු "අපිටත් කවදා හරි ළමයි හම්බ වෙනවානේ එතකොට අපේ ළමයෙක් මෙහෙම කලා නම් අපි මොකද කරන්නේ?....." වැකියට TVS සහෝදරයා ප්‍රතිචාර දක්වලා තියෙන්නේ මෙහෙමයි.

"දරුවා වෙනුවෙන් සතුටු වෙනවා ඇරෙන්න වෙන මොනවද කරන්න තියෙන්නෙ? පුලුවන්මකමක් තියෙනවනම් ඒ ළමයට නිදහසේ ඉන්න පුලුවන් රටකට යවනවා."

ඒකට මට කියන්න තියෙන්නේ දැන් අපිට කියන්න පුළුවන් දරුවා වෙනුවෙන් සතුටු වෙනවා කියලා ඒත් ඇත්තටම තමන්ගේ දරුවෙක් සමලිංගිකයෙක් වීම නිසා සතුටට පත් වෙනවානම් ඒ දෙමාපියන් ගැන අපිට හිතන්න යමක් ඉතිරි වෙනවා.මොකද සමලිංගිකයෙක් වෙනවා කියන්නේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත කිරීමට වක්‍රව හෝ සෘජුව උපකාර කරනාව කියන එකයි. තමන්ගේ ළමයා මෙවැනි විනාශකාරී රෝගයක් ව්‍යාප්ත කිරීම ගැන දෙමාපියෙක් සතුටු වෙනවා නම් ඒ දෙමව්පියන් ගැන මොනා කියන්නද?....... සමලිංගිකත්වය කියන්නේ මානසික රෝගයක් ඒ නිසා තමයි සමලිංගිකයන්ට මානසික වශයෙන් ප්‍රතිකාර දී සුව කිරීම සඳහා රාජ්‍ය වශයෙන් හා රාජ්‍ය නොවන වශයෙන් විවිධ මධ්යස්ථාන පිහිටුවලා තියෙන්නේ.

ඒවගේම TVS සහෝදරයා කිව්වා පුළුවන්කමක් තියෙනවානම් ඒ ළමයාට නිදහසේ ඉන්න පුළුවන් රටකට යවනවා කියලා. එතකොට TVS සහෝදරයාම පිළිගන්නවා අපේ රටේ සමලිංගික සේවනය නිතීයෙන් තහනම් කියලා. ඒ හින්දනේ සමලිංගික සේවනය නීතිගත කරපු රටකට යවන්න කියන්නේ. ඒ අනුව බැලුවොත් සමලිංගිකයෙක් නම් වෙනරටකට යන්න වෙනවා. එතකොට සහෝදරයාගේ විග්‍රහය අනුව සමලිංගිකත්වය කියන්නේ පෝසතුන්ට විතරක් හැදෙන්න ඕන මානසික රෝගයක්. එහෙම නැත්තම් එඩ්ස් රෝගය ව්‍යාප්ත කිරීමට කරන උපකාරය ලංකාවෙන් පිට ඉඳන් කරන්න කියලා කියනවා වෙන්නත් පුළුවන්.

අවශාන වශයෙන් budhajeewa සහෝදරයා කියපු "අනිත් එක, ඒ පුතා තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදියට ගෙනයන එකේ වැරැද්ද මොකක්ද?"

ලෝක ජීවත් වෙන කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. එහෙම තියෙනකොට තරුණ ළමයෙක්ට කිසිම මඟ පෙන්වීමක් නැතුව එයා කැමති විදිහට ජීවත් වෙන්න ඉඩ අරින්න කියලා කියන ඒක හරිද?......

මේ මාතෘකාව පිළිබඳ අපිට පුළුල් වශයෙන් දකින්න වෙනවා. තනිකර කාමය, අශාව, ආදරය කියලා බැලුවොත් අපිට ඕන දෙයක් හරි කියලා තමයි හිතෙන්නේ.

ඒ වගේ මේ ලිපිය කියෙව්වට පස්සේ හොඳ නරක මොකක්ද කියලා හසිත ජයසුරිය මල්ලිට තේරෙයි කියලා හිතෙනවා.

මේ ලිපිය ලිව්වේ කාගෙවත් හිත රිදෙන්න නෙමෙයි . කාගේ හරි හිත රිදුනා නම් මං සමාව ඉල්ලනවා.


9:50 AM



10 responses to "සමලිංගිකත්වය I"

  1. පිස්සා පලාමල්ල said...
    June 29, 2010 at 11:32 PM

    සමලිංගිකත්වය නීති ගත කිරීම ගැන මම විරුද්ද වෙන්නෙ නැහ. අරක්කු සිගරට් නීතිගත උනා කියලා කවුරුවත් බලෙන් පොවන්නෙ නැහ නේ. කැමති අය බොනවා අකමැති අය නොබී ඉන්නවා. ගංජා තහනම්. ඒත් ඕනි එකා බොනවා. ඒ වගේ තමයි ඕකත්.
    වෙනසක් වෙන්නෙ නැහ.

    ඒඩ්ස් ගැන කියනවනම් සමලිංගික හැසිරීමෙන් නෙමෙයි ඕනිම විදියක ලිංගික හැසිරීමකින් ඒ දේ බෝවෙන්න පුලුවන්.

    මේ දේ නිසා වැඩි අඩුවක් වෙයි කියල මම හිතන්නෙ නැහ.

    Hasitha Gunasinghe said...
    June 30, 2010 at 12:04 AM

    මේ සංවාදයට දායකත්වයක් දෙන්න යමක් එකතු කරන්න කැමතියි. බුදුන් වහන්සේ දේශනා කළ සිඟාලෝවාද සූත්‍රයෙන් පුද්ගලයෙක් තමන්ට උරුම වෙන ඒ ඒ සමාජ භූමිකාවට අනුව නිවැරදිව කටයුතු කරන්න ඕනේ ආකාරය දක්වලා තියෙනවා. ඒ යටතේ දෙමව්පියන් හා දරුවන් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් වගේම දරුවන් විසින් දෙමව්පියන්ට ඉටුකල යුතු යුතුකම් ගැන දක්වලා තියෙනවා. ඒ යටතේ දෙමව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් 5 නම්

    1. පවින් වැලැක්වීම
    2. යහපතෙහි පිහිටුවීම
    3. ශිල්ප ඉගැන්වීම
    4. යෝග්‍ය වයසේදී ආවාහ විවාහ කටයුතු කරදීම
    5. සුදුසු කල දායාද පවරා දීම

    දූ දරුවන් වැඩිවියට පත්වුණාම තමන්ගේ දෙමාපියන්ට කල යුතු යුතුකම් ලෙස
    1. පෝෂණය කිරීම
    2. ඔවුන්ගේ විවිධ කටයුතු කරදීම
    3. පරම්පරාව රැකගැනීම
    4. උරුම වූ දේපළ ආදිය රැක බලා ගැනීම
    5. මියගිය පසු පින් අනුමෝදන් කරවීම

    දෙපාර්ශවයෙනම මේ යුතුකම් ඉටුවෙනවා නම් ගැටළුවක් ඇතිවෙන්න හේතුවක් නැහැ

    budhajeewa said...
    June 30, 2010 at 3:36 AM

    තමන් කැමති ඕනෑම කටයුත්තක නිරතවීම හෝ නොවීම, ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත මත රඳා පවතින දෙයක්. භාහිර සමාජයට ඉන් හානියක් නැතිනම්, නීති පනවා යමෙකුගේ ක්‍රියාකාරකම් නවත්වන්නට උත්සාහ කිරීම, ඒ ඒ අයෙගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.

    අනිත් එක, සමලිංගිකත්වයට එරෙහිව ගහන්න පුරුවං ලොකුම තුරුම්පුව ඒඩ්ස් පැතිරීම ලෙස ඔබ දකිනවානම්, එය බරපතළ ලෙස කරුණු වරදවා වටහා ගැනීමක්! ඒඩ්ස් පැතිරෙන්නේ සමලිංගික ලිංගික ක්‍රියා මගින් පමණක් නොවන අතර, සමලිංගිකයන් ඒඩ්ස් වාහකයින් ලෙස දැක්වීමද කරුණු වරදවා වටහාගැනීම්ය.

    Haru said...
    June 30, 2010 at 7:05 AM

    සිරවටම පිස්සා හා බුධාජීව සමග මම එකඟයි. ඕක නීතිගත කලා නොකල කියල නැතිව අවශ්‍ය මිනිස්සු සමලිංගිකත්වයෙ හෝල් සේල් එකෙ යෙදෙනවනම් එය නීතිගත නොකිරීමට හේතුවක් මම දකින්නෙ නෑ.
    අනික අර කිව්ව වගෙ සමලිංගිකත්වය නීතිගත කලොත් අවශ්‍ය පිරිස ඒ දේ කරයි. අනවශ්‍ය ඇත්තො පැත්තකට වෙලා ඉදියි.
    කොහොම නමුත් සමලිංගිකත්වය කියන්නෙ HIV පැතිරෙන ප්‍රධානම හා එකම ක්‍රමය නෙවෙයිනෙ. ඔබේ කතාව මූලාරම්භයේ හැටියට ඔබ ඒත්තු ගන්වන්න උත්සාහ කරනව AIDS වල ආරම්භය එන්නෙ සමලිංගික සේවනයෙන් කියල. ඒත් මුලදි වෛද්‍යවරු එහෙම උපකල්පනය කලාට පසුව ඒ මතය වෙනස් කර ගත්තයි කියලයි මම අහල තියෙන්නෙ. හැම උපකල්පනයක්ම නියමයක් වෙන්නෙ නෑනෙ.
    අනික සමලිංගිකකත්වය කියන්නෙ මානසික රෝගයක් විදියට හැදින්වීම වැරදියි. ඕක අපෙ සංස්කෘතියට පටහැනිවුන පමනින් එහෙම නිගමන ගැනීම වැරදියි. ලිංගිකත්වය කියන්නෙ මානුෂික අවශ්‍යතාවක්. ඉතින් එක එක්කෙනා ඒ අවශ්‍යතාවය තමන්ට රුසි පරිදි කර ගන්නවා. ඒ හැසිරීමෙන් අනෙක් ලිංගික සහකරුට හෝ සහකාරියට, එහෙම නැත්නම් සමාජයේ අනෙත් අයට පීඩාවක් නැත්නම් ඔවුන්ගේ මානුෂික අවශ්‍යතා සදහා බාධා පැනවීම කෙතරම් අයුක්ති සහගතද? කොහොම නමුත් ඔබ කියන සම්මත විෂම ලිංගික සබදතා ඇතුලෙ ඔයිට හපන් ලිංගික අසාමාන්‍යතා sexual disorders දක්නට ලැබෙනවා. දැන් බලන්න පර පීඩා කාමුකත්වය masochism තියන කෙනෙක් ලෝකෙට ලස්සනට සම්මත විදියට පවුල් කනව කියල පෙන්නුවත් ඒ ලිංගික හැසිරීම අනෙක් පාර්ශවයට කොතරම් වේදනාකාරීද? ඒව තමයි නියම මානසික රෝග!!!
    ඔබේ ලිපියෙ අන්තිමට තියෙනව වගේ, පුලුල්ව හිතන්න. සංස්කෘතික බැමි අතරෙ මානුෂික අවශ්‍යතා හිරකිරීම එච්චර යුක්තිසහගත නෑ.
    පුලුල් විදියට හිතන අය මේ ලිපියත් කියවලම යන්න
    http://haruprathap.blogspot.com/2010/06/blog-post.html

    Anonymous said...
    June 30, 2010 at 7:15 AM

    ඔබ මොනවා කීවත් 1)විද්‍යාව මගින් බොරු කර ඇති, 2)අසරණ මිනිස්සුන්ට හානිකරන මෙවැනි මිත්‍යා මත පළ කරනවනම් ඊට විරුද්ධව කතා කළ යුතුයි.

    ඔබට දීර්ඝ rebuttal එකක් ලියන්න මට වෙලාවක් නැහැ. පස්සෙ වෙලා තිබුනොත් ලියන්නම්. කොහොම උනත් ඔබට අන්තර්ජාලයෙන් ඔනෑ තරම් කරුණු සොයා ගත හැකි නිසා මෙවැනි දේ ලිවීමට ඇත්තටම නිදහසට කරුණක් නැහැ.

    මම හිතන්නෙ පිස්සා සහ budhajeewa දැනට කිව යුතු දේ කියල තියෙනවා. (ඔබ මේ ක්‍රිස්තියානි අන්තවාදීන්ගෙ මත නැවත කීමක් කරල තියෙන්නෙ.) මේ වගේ ලිපි දැක්කහම කියන්න තියෙන්නෙ මම කලින් කියපු කතාවක් ම තමා: මගේ දරුවෙක් සමරිසියෙක් වුනානම් (සාමන්‍යයෙන් ගැටවර වයස පැමිනෙන විට දරුවෙක් - විශේෂයෙන් පිරිමින් - තමා ලිංගිකව ආකර්ශනය වෙන්නෙ ගැහැනුන්ටද පිරිමින්ටද කියා හඳුනා ගන්නවා ), පුලුවන් ඉක්මනට ඒ ළමයට නිදහසේ ඉන්න පුලුවන් රටකට යවන එක තමා කරන්න තියෙන්නෙ.

    මලට නොඑන බඹරු said...
    June 2, 2012 at 7:01 PM

    සමලිංගිකත්වය ගැන මමත් බ්ලොග් එකක් හැදුවා. ඇවිත් බලලා යන්න.
    http://malatanoenabambaru.blogspot.com/

    Anonymous said...
    June 12, 2012 at 6:01 AM

    මම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදියට සමලිංගිකත්වය විකෘතියක් විදියට දකින්නෙ නෑ. ඒ වගේම ඔබ මේ පෝස්ට් එකේ බරපතග වරදක් කරලා තියෙනවා. වැරදි තොරතුරු සැපයීම. ලෝකයේ මේ වෙනකොට ලිංගික සම්බන්ධතා නිසා HIV ආසාදනය වෙන අයගෙන් 85%කට මේ රෝගය වැළදෙන්නේ විෂම ලිංගික සම්බන්ධතා නිසා. බ්ලොග් ලියනකොට මීට පස්සෙ බොරු ලියන්න එපා. මොකද දන්න කියන උදවිය මේවා කියවනවා.

    Unknown said...
    July 15, 2012 at 1:55 AM

    සමලිංගිකත්වය manasin nathikara ganna barida mama samalingika uannta mama kamathi nea eakata pls help me

    Anjana said...
    August 8, 2017 at 11:27 PM

    ලිංගිකත්වය තියෙන්නේ ජාතිය බෝ කරන්ඩ මිසක විකෘති වැඩ කරන්ඩ නෙවෙයි.භාවනාව තුළින් ඕනෑම ලිංගික හැඟීම් පාලනය කළ හැකියි.විකෘති වැඩ කරකර ඉන්ඩ නොවෙයි.

    Unknown said...
    May 14, 2018 at 6:14 AM

    WOW නියමයි බ්‍රෝ, උබ මැරුණම උබේ මොලේ දෙන්න ඕනි කපල බලල පරීක්ෂණ කරන්න, අනිවාම උබේ මොලේ වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වෙන අංගවිකලතාවක් තියනවා. අනිවාම උබ මැරුණම මේක කරන්න ඕනි, එතකොට උබට මේ කරන සමාජ සේවෙට වඩා සිය දහස් ගුණයක සමාජ සේවකට දායක වෙන්න පුලුවන්.

    උබ ඔය කියන 2500ක් පරණ , වටිනා සිංහල උඩරට සමාජෙම තමයි පණ්ඩිත රාලයෝ එක ගේ කෑම, වගේ දේවල් තිබුනේ. ඒවා වටින්නයි, ජීවිත කාලෙම එකම කෙනෙක් එක්ක ආදරෙන් ඉන්න සමලිංගික මිනිසුන් පිළිකුල් වෙන්නයි මොකද්ද බන් හේතුව.


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ▼  June (3)
        • සමලිංගිකත්වය I
        • පුතාගෙන් තාත්තාට ලැබුණු අපූරු තෑග්ග.[සත්‍ය සිදුවී...
        • රස කතා 05
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft