skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

රස කතා 05

2 comments

රස කතා 01 , රස කතා 02 , රස කතා 03 , රස කතා 04

තොප්පිය ගෙන ඒම

එක්තරා පොලිස් නිලධාරියකු, සිරකරුවෙක් බන්ධනාගාරයට ගෙන යන අතරතුරේදී ඔහුගේ තොප්පිය තද සුළඟට අසුව විසිවී ගොස් පාරෙන් ඉවත වූ කටු පඳුරක රැඳුනි.
"මං එතෙන්ට ගිහිල්ලා ඔබ තුමාගේ තොප්පිය ගෙන්නද? " සිරකරුවා ඇසුවේය.
"මං මෝඩයෙක් කියලා උඹ හිතුවද?... තමුසේ මෙතෙන ඉන්නවා. මං එතෙන්ට ගිහිල්ලා තොප්පිය ගේන්නම්."නිලධාරියා කෑගෑවේය.


අමතක වීම


නිතරම අමතක වන මහාචාර්යතුමකු හදිසි වාට්ටුවට කැඳවාගෙන එනු ලැබුවේ, කන් දෙකම හොඳටම පුලුස්සාගෙනය.
" මේක කොහොමද වුණේ?" වෛද්‍යවරයා ඇසුවේය.
"මං කමිසයක් මදිමිනුයි හිටියේ එතකොට මට කෝල් එකක් ආවා. මං හදිසියට කනේ තියලා තියෙන්නේ අයන් එක." මහාචාර්ය තුමා තේරුම් කර දුන්නේය.
"එහෙමද" එතකොට අනිත් කන පිලිස්සුණේ කොහොමද?"
"ඒක වුණේ මං දොස්තර මහත්තයාට කෝල් එකක් ගන්න ගියාම."


ණය ගෙවීම.

නිමල්, කමල්ගෙන් රුපියල් 100ක් ණයට ඉල්ලා ගත්තේ ඉක්මනින් එය ආපසු ගෙවීමට පොරොන්දු වෙමිනි.දින කීපයකට පසුව දෙදෙනා ගමනක් යමින් සිටියදී මංකොල්ලකාරයෙක් එතැනට පැන්නේය.
"දෙන්නම ගාව තියෙන සල්ලි ඔක්කොම දෙනවා. නැතිනම් මේකෙන්..."
කොල්ලකරුවා පිස්තෝලයක් පෑවේය.
නිමල් හිමින් සීරුවේ තම සාක්කුවට අත පොවමින් රුපියල් සීයේ නෝට්ටුවක් ඉන් එළියට ගෙන එය කමල්ගේ සාක්කුවේ දමමින් මෙසේ කොඳුළේය.
"මෙන්න මං ඔබෙන් ණයට ගත්තු රුපියල් සීය."


කුඩේ ගත්තාම හරිනේ.

වැස්ස තදින්ම කඩා හැළෙන්නට පටන්ගත් කල්හි, හැම දෙයක්ම අමතකවන මහාචාර්යතුමා මිදුලට බැසීමට සුදානම් වුයේය.ඔහුගේ බිරිද ඔහුට කතා කළාය.
"ඔබ කොහාටද මේ යන්න හදන්නේ?"
"මල් පැළවලට වතුර දාන්න." මහාචාර්යතුමා උත්තර දුන්නේය.
"පේන්නේ නැද්ද හොඳටම වහිනවා." ඇය නැවතත් පැවසුවාය.
"කුඩේ අරන් ගියාම හරිනේ" මහාචාර්යතුමා කීවේය.


8:56 AM



2 responses to "රස කතා 05"

  1. Hasitha Gunasinghe said...
    June 4, 2010 at 1:32 AM

    හික්ස් :) මෙන්න කතා කිව්වලු :)

    C0de BlUe said...
    June 27, 2010 at 2:12 AM

    අමතක වෙන මහාචාර්‍ය්යතුමා කොහොමද දන්නේ නැ මහාචාර්ය වුනේ ??? හික්ස් !!!


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ▼  June (3)
        • සමලිංගිකත්වය I
        • පුතාගෙන් තාත්තාට ලැබුණු අපූරු තෑග්ග.[සත්‍ය සිදුවී...
        • රස කතා 05
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft