skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

පුතාගෙන් තාත්තාට ලැබුණු අපූරු තෑග්ග.[සත්‍ය සිදුවීමකි]

11 comments


මං හඳුනන පුද්ගලයෙක් ඉන්නවා හොඳ ධනවත්, වංශවත් ඒවගේම සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙන ඇත්තටම හොඳ පුද්ගලයෙක්. මේ පුද්ගලයාට විවාහ වයසේ පසුවන තරුණ දියණියක් සහ පාසල් අධ්යාපනය හදාරන තරුණ පුතෙක් ඉන්නවා. විවාහ වයසේ ඉන්න මේ දියණියව හොඳට ඉගෙනගත්ත එංගලන්තේ රැකියාවක් කරන හොඳ තරුණයෙකුට විවාහ කරලා දුන්නා. දියණියත් විවාහ වෙලා එහෙමම එංගලන්තයට පදිංචියට ගියා. ගිහින ටික දවසකින් තරුණිය සැමියාට කිව්වා ඇයට තනියෙන් ගෙදර ඉන්න කම්මැලි හින්දා මොකක් හරි හොඳ රස්සාවකට යන්න අවශ්යයි කියලා.

සැමියත් බිරිඳගේ ඉල්ලීමට කැමත්ත ප්‍රකාශ කලා. ඊට පස්සේ තරුණිය විශ්ව විද්‍යාලයක පරිපාලන අංශයේ රැකියාවකට බැඳුනා. එහෙදී තරුණියට හම්බ වුනා එංගලන්ත ජාතික තරුණයෙක්. ටික කාලයක් තුල මේ දෙන්නා හොඳ මිතුරන් බවට පත්වුනා. එහෙමම කාලය ගෙවිලා ගියා. මේ දෙන්නගේ මිත්‍රකම ආදරය දක්වා පැරලුණා. අන්තිමේදී මේ දෙන්නාගේ සම්බන්ධතාවය කායික ඇසුර දක්වා වර්ධනය වුනා. යම් අවස්ථාවක මේ පිළිබඳ තරුණියගේ සැමියාට දැනගන්නට ලැබුණා. මේ සිද්ධියෙන් කලකීරීමට පත් සැමියා මේ තරුණියව ඇයගේ පියා ගාවට ආපසු යැව්වා.

තමාගේ දියණිය විසින් සිදුකල මේ වැරදි ක්‍රියාව නිසා ඉමහත් කෝපයට හා කලකිරීමට පත්වූ පියා දියණියව තමාගේ පවුලට නැවත භාරනොගත්තා. මේ වනවිටත් තමන් අතින් සිදුවූ වැරැද්ද පිළිබඳව මේ තරුණියද කලකිරීමට පත් වෙලා හිටියා. ඉන්පසු තරුණිය ටික කාලයක් තනිවම ජීවත් වුනා.එහෙම අවුරුදු පහක කාලයක් ගතවුනා. ඉන්පසු පියා තමන්ගේ දියණියට සමාව දී තමන්ගේ බෑණා සමඟ කතාකොට දියණියව සැමියා ගාවට යැව්වා.

නැවත දියණිය හා බෑණා එකතුවීමෙන් මේ පුද්ගලයා ඉමහත් සතුට පත්වී සිටියා. මොනා වුනත් තමන් හුඟක් ආදරය කරපු දියණිය තමන්ගේ පවුලට යම් කැළලක් ඇති කලා යන වේදනාව පියා තුල පැවතියා. එම නිසා ඔහු හිතුවා තමන් වෙනුවෙන් ඉන්නේ තමන්ගේ පුතා විතරයි කියලා. පුතාව හුඟක් විශ්වාස කළා. ටික කාලයක් ගෙවී ගියා. මේ පුද්ගලයා තමන්ගේ පුතාට විවාහ කරදීම සඳහා සුදානම් වුනා. මේ පිළිබඳව පුතාට දැනගන්නට ලැබී ඔහු ලියුමක් ලියලා ගෙදරින් පැනලා ගියා. අනිත් දවසේ මේ පුද්ගලයා පුතාව හොයන කොට මේ ලියුම හම්බ වුනා. ලියුමේ තිබුණේ මේකයි.

"තාත්තේ මට සමාවෙන්න. මට කොල්ලෙක් ඉන්නවා. එයත් එක්ක මං යනවා. මාව හොයන්න එපා."

තාත්තා හුඟාක් විශ්වාස කරපු පුතාගෙන් තාත්තාට ලැබුණු අපූරු තෑග්ග.


10:50 AM



11 responses to "පුතාගෙන් තාත්තාට ලැබුණු අපූරු තෑග්ග.[සත්‍ය සිදුවීමකි]"

  1. budhajeewa said...
    June 3, 2010 at 7:08 PM

    අම්මලා තාත්තලා තමන්ගේ ඕනෑ එපාකං බලෙං ළමයින් ලවා කරගන්න හදනකොට, තමන් නියම කරන පීල්ලේම ළමයි යන්න ඕනෑ කියලා හිතනකොට, ඔහොම දේවල් වෙනවා.

    පුතා කරපු දේ වැරැද්දක් නෑ.

    බුද්ධික said...
    June 3, 2010 at 8:52 PM

    තාත්තේ මට සමාවෙන්න. මට කොල්ලෙක් ඉන්නවා. එයත් එක්ක මං යනවා. මාව හොයන්න එපා."

    :O meka gay kathwatk da?

    uS said...
    June 4, 2010 at 8:15 AM

    @ budhajeewa

    එහෙම කියන්නත් බෑ නේ.තමන් ගේ අම්මා තාත්තාගේ හිත රිදවන්නේ නැතුව වැඩ කරන එක අපේ යුතුකමක්. අපි කාගේ හරි හිත රිදවනවානම් අනිවාර්යෙන් ඒක නැවත අපිට බලපානවා. [සෑම ක්‍රියාවකටම ප්‍රති ක්‍රියාවක් ඇත]

    @ බුද්ධික

    යාළුවා ඔයාට ඕන විදිහට හිතා ගන්නකෝ. :)

    budhajeewa said...
    June 4, 2010 at 8:22 AM

    @US: දරුවන්ගේ හිත නොරිදෙන්න දෙමව්පියෝ වැඩ කරන්න ඕන නැද්ද? දරුවන් ඔය වගේ දැඩි තීරණ ගන්න යොමුවෙන්නේ තමන්ගේ තීරණ වලට කිසි ඉඩක් නැති වුනාම!

    Anonymous said...
    June 4, 2010 at 3:11 PM

    අම්ම තාත්තගෙ හිත රිදවන්න බෑ කියල තමන් අකමැති කෙනෙක් එක්ක ජීවිත කාලයක් දුකෙන් ඉන්නවට වඩා පුතයි දුවයි කරපු දේ හරි. දෙමව්පියන්ට ඔනෙ විදිහට වැඩේ සිද්ධ උනානම් ජීවිත හතරක් නාස්ති වෙන්න ඉඩ තිබුනා. දෙමව්පියන්ට කියන්න තිබුනෙ 'ඔන්න අපි පුලුවන් විදිහට උඹලව ලොකු මහත් කලා දැන් ඉතින් උඹලට කැමති දෙයක් කර ගනිල්ලා' කියල පැත්තකට වෙලා ඉන්න එකයි.

    uS said...
    June 4, 2010 at 11:09 PM

    @budhajeewa & TVS

    තමන් ඕන විදිහට ජීවත් වෙන්න නිදහස ඕන කියලා කියන්න පුළුවන්. මොකද ඒ අපේ අයිතිවාසිකමක්නේ. ඒත් අපේ යුතුකම අපි හරියට කරනවද?.....TVS කියන විදිහට තාත්තා එහෙම පුතාට කිව්වා කියමුකෝ. ඊට පස්සේ පුතා එයා කැමති කොල්ලා එක්ක ජීවත් වුනානම්. ඔක්කෝම හරිද?.... අපිටත් කවදා හරි ළමයි හම්බ වෙනවානේ එතකොට අපේ ළමයෙක් මෙහෙම කලා නම් අපි මොකද කරන්නේ?...... :)

    Anonymous said...
    June 4, 2010 at 11:55 PM

    >> "ඊට පස්සේ පුතා එයා කැමති කොල්ලා එක්ක ජීවත් වුනානම්. ඔක්කෝම හරිද?.... "

    ඔව්. මොකද්ද ප්‍රශ්නේ?

    >> "අපිටත් කවදා හරි ළමයි හම්බ වෙනවානේ එතකොට අපේ ළමයෙක් මෙහෙම කලා නම් අපි මොකද කරන්නේ?....."

    දරුවා වෙනුවෙන් සතුටු වෙනවා ඇරෙන්න වෙන මොනවද කරන්න තියෙන්නෙ? පුලුවන්මකමක් තියෙනවනම් ඒ ළමයට නිදහසේ ඉන්න පුලුවන් රටකට යවනවා.

    budhajeewa said...
    June 5, 2010 at 6:07 AM

    @US: TVS කියන දේට මාත් සම්පූර්ණෙං එකඟයි.

    අනිත් එක, ඒ පුතා තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විදියට ගෙනයන එකේ වැරැද්ද මොකක්ද?

    Anonymous said...
    June 26, 2010 at 8:06 PM

    මේක එක පැත්තකට වැරැද්දක් නෙමේ උනාට තව පැත්තකට වැරැද්දක් වෙන්න පුලුවන්

    පිස්සා පලාමල්ල said...
    June 29, 2010 at 11:34 PM

    ඕක හරි වැරද්ද හොයන්න බැරි ගැටලුවක්.

    Hasitha Gunasinghe said...
    June 30, 2010 at 12:05 AM

    මේ සංවාදයට දායකත්වයක් දෙන්න යමක් එකතු කරන්න කැමතියි. බුදුන් වහන්සේ දේශනා කළ සිඟාලෝවාද සූත්‍රයෙන් පුද්ගලයෙක් තමන්ට උරුම වෙන ඒ ඒ සමාජ භූමිකාවට අනුව නිවැරදිව කටයුතු කරන්න ඕනේ ආකාරය දක්වලා තියෙනවා. ඒ යටතේ දෙමව්පියන් හා දරුවන් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් වගේම දරුවන් විසින් දෙමව්පියන්ට ඉටුකල යුතු යුතුකම් ගැන දක්වලා තියෙනවා. ඒ යටතේ දෙමව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් 5 නම්

    1. පවින් වැලැක්වීම
    2. යහපතෙහි පිහිටුවීම
    3. ශිල්ප ඉගැන්වීම
    4. යෝග්‍ය වයසේදී ආවාහ විවාහ කටයුතු කරදීම
    5. සුදුසු කල දායාද පවරා දීම

    දූ දරුවන් වැඩිවියට පත්වුණාම තමන්ගේ දෙමාපියන්ට කල යුතු යුතුකම් ලෙස
    1. පෝෂණය කිරීම
    2. ඔවුන්ගේ විවිධ කටයුතු කරදීම
    3. පරම්පරාව රැකගැනීම
    4. උරුම වූ දේපළ ආදිය රැක බලා ගැනීම
    5. මියගිය පසු පින් අනුමෝදන් කරවීම

    දෙපාර්ශවයෙනම මේ යුතුකම් ඉටුවෙනවා නම් ගැටළුවක් ඇතිවෙන්න හේතුවක් නැහැ


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ▼  June (3)
        • සමලිංගිකත්වය I
        • පුතාගෙන් තාත්තාට ලැබුණු අපූරු තෑග්ග.[සත්‍ය සිදුවී...
        • රස කතා 05
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft