හැමෝටම ආයුබෝවේවා!!!! බ්ලෝග් එක පටන් ගන්න කොට තිබ්බ කඩිසරකම යන්න යන්න අඩු වුනානේ :P ඒකයි හුඟ දවසකින් බ්ලොග් එක පැත්තට එන්න බැරි වුනේ. එහෙම ඉඳලත් හරියන්නේ නැති හින්දා කල්පනා කර කර හිටියා මොනාද ලියන්නේ කියලා. එතකොට මට මතක් වුනා පරණ විහිළු කතාවක්. කතාව මේකයි...
යාළුවෝ දෙන්නෙක් කලින් දවසේ තම තමන් දැකපු හීන ගැන චැට් පාරක් දාගෙන ඉන්නවාලු.
එතකොට එකෙක් මෙහෙම කියනවා
" මං හිනෙන් දැක්කා මං ආයිමත් අවුරුදු දොළහක ළමයෙක් වෙලා සර්කස් එකක් බලන්න යනවා. අප්පේ, එතන හිටියා සත්තු ගොඩක්. අලි, සිංහයෝ, වලස්සු. එතකොට කට්ලට්, බිස්කට්, අයිස් ක්රීම් වගේ කැම ජාති. කියලා වැඩක් නැ බං එතන මාර ජොලි."
අනිත් එක කිව්වාලු " මං දැක්කේ ඔයිට වඩා ලස්සන හීනයක්. මං කාමරයේ ඇඳ උඩ ඉන්නකොට මං ළඟට ලස්සන කෙල්ලෙක් ආවා. එයා මං ළඟ ඉඳගෙන මං එක්කලා කතා කරමිනුයි හිටියේ. ඊළඟට තවත් ලස්සන කෙල්ලෙක් අවා. එයා නම් කලින් එක්කනාටත් වඩා ලස්සනයි. එයා ඉතින් මගේ අනිත් පැත්තේ මං මැදි කරගෙන ඉඳ ගත්තා. මට ඉතින්......."
"ඇති ඇති .... ඇයි ඉතිං ටෙලිෆෝන් කරලා මට දැන්නුවේ නැත්තේ? මටත් එන්න තිබුණනේ...."
"ඇයි නැත්තේ, මං උඹට කෝල් කළා. එතකොට උඹේ අම්මා කිව්වා උඹ සර්කස් බලන්න ගියා කියලා. ඉතිං මං මොනා කරන්න ද බං?" :D
හිනා වුනාම ලස්සන වෙනවායි කියලා කියනවානේ :P ඒ හින්දා පුළුවන් තරම් හිනා වෙලාම ඉන්න...
එහෙනම් අපි ගියා.. ආයෙත් මුණගැහෙනතුරු .... :D
0 responses to "ටිකක් හිනා වෙමු ........."
Subscribe to:
Post Comments (Atom)
Post a Comment