skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

බිල් ගේට්ස් ට බෑණා වෙන හැටි සහ ලෝක බැංකුවේ සභාපති වෙන හැටි

http://4.bp.blogspot.com/-blJ2-R8u__Q/TguLnpFsYNI/AAAAAAAAAcU/_2Lx8fIx6js/s320/positive-thought1.jpg 12 comments

හුඟ දවසකට පස්සේ අද ආවේ මගේ යාළුවෙක් කියපු හැමෝම කියවන්න වටින කතාවක් අරගෙන...කියවලාම බලන්නකෝ කොහොමද කියලා.


පියා : පුතා මං බලලා තියෙන ගෑණු ළමයාව ඔයා බඳින්න ඕන.

පුතා : එහෙම කොහොමද.... මං බඳින කෙල්ලව මමයි තෝරගන්නේ.

පියා : මං බලපු ගෑණු ළමයා බිල් ගේට්ස් ගේ දුව.

පුතා : හා..ඇත්තද...එහෙනම් මම කැමතියි.


ඊළඟ දින
පියා බිල් ගේට්ස් ව හමුවෙයි


පියා : බිල් ගේට්ස් ඔයාගේ දුවට හොඳ මනමාලයෙක් ඉන්නවා මං දන්න.

බිල් ගේට්ස් : මගේ දුවට තාම බඳින තරම් වයසක් නෑ නෙ.

පියා : ඒත් මං කියන මනමාලයා ලෝක බැංකුවේ උප සභාපති.

බිල් ගේට්ස් : ෂා හොඳයිනේ.. එහෙමනම් මම කැමති.මඟුල කතා කරන්නකෝ.


අවසානයේදී පියා ලෝක බැංකු සභාපති ව හමුවෙයි.


පියා : මං දන්න දක්ෂ බුද්ධිමත් තරුණයෙක් ඉන්නවා. ලෝක බැංකුවේ උප සභාපති ධුරයට ඔහු හොඳට ගැලපෙනවා.

සභාපති : ඒත් මට දැන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙනුත් උප සභාපති වරු ඉන්නවා.

පියා : සභාපති තුමා මං කියන තරුණයා බිල් ගේට්ස් ගේ බෑණා.

සභාපති : එහෙමද.. එහෙමනම් කමක් නෑ එයාව මං උප සභාපති
කරගන්නම්.


~..~ඔබ ගාව කිසිවක් නැති වූවද, ඔබට ඕනෑම දෙයක් ලබාගත හැක. නමුත් එයට ඔබේ ආකල්පය ධනවාදී විය යුතුයි~..~



1:03 PM



Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ▼  2011 (3)
      • ▼  June (1)
        • බිල් ගේට්ස් ට බෑණා වෙන හැටි සහ ලෝක බැංකුවේ සභාපති ...
      • ►  May (1)
      • ►  February (1)
    • ►  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft