නව බලාපොරොත්තු පිරි අලුත් අවුරුද්දකට සුබ පතන අතරම මෙවර උදා වන්නේ තිස් වසරකට අධික යුධ වාතාවරණය නිමවු සාමය පිරි නව වසරක් බව සිහිපත් කරන්නේ දැඩි සතුටකිනි.
සිංහල දෙමළ ක්‍රමයට අප අප්‍රේල් (April) මාසයේ නව වසර සමරනවා සේ ඇතැම් රට වල නව වසර ලෙස සලකා සමරන්නේ විවිධ දිනයන්ය.කෙසේ වුවද බහුතරයකට නව වසර උදා වන්නේ ජනවාරි 1 වැනිදා දින දසුනට අනුවය.
2010 නව වසරට ලොව සුදානම් වන අයුරු අන්තර්ජාලය පිරික්සුවිට පිටු ගණනින් දැකිය හැකි වෙයි.විවිධ රට වල අලුත් අවුරුදු උත්සව පැවැත්වෙන තැන්, අලුත් අවුරුදු පෙර දිනයේ උත්සව, 2010 වසරට සුබ පැතුම් පත්, දින දසුන්, 2010 වසරේ විවිධ විශේෂ අවස්ථා, එම වසර තුළ පවත්වන්නට නියමිත උත්සව ඇතුලු මෙකී නොකී බොහෝ දෙයින් අන්තර්ජාලය පිරී ඉතිරී තිබේ.
වෙනකක් තබා අලුත් අවුරුද්දට පිළියෙල කර ගත හැකි ආහාර, අලුත් අවුරුදු පණිවුඩ පමණක් නොව අලුත් අවුරුද්දට ගැළපෙන ලෙස ඔබේ පරිඝනකයේ මුල් පිටුවේ දමාගත හැකි Wall Papers පවා ගලා එයි(http://ready2beat.com/entertainment/new-year-2010-wallpaper-happy-year-2010-pictures-happy-2010-cards).
සාම්ප්‍රදායක ලෙස නව වසර මල් වෙඩි පුපුරවා උත්සව ශ්‍රීයෙන් සමරන තැන්ද් ලහි ලහියේ සුදානම් වෙයි.ලොව උසම ගොඩනැගිල්ල වන 2010 ජනවාරි 4 වන දින විවෘත කිරීමට සුදානම් වන Burj Dubai ගොඩනැගිල්ලේ පැවත්වීමට සුදානම් වන New Year Fireworks වල Animation වීඩීයෝ පටය පහතින් දැක්වේ.
අන්තර්ජාලයක එන එක් ලිපියක දක්වා තිබුනේ යම් ආකාරයක ආර්ථික පසුබැස්මක් ලොව පුරා දක්නට ලැබුණත් අලුත් අවුරුද්ද තම නිවස තුල සුලුවෙන් හෝ සැමරීමට කිසිවකු හෝ අමතක කල යුතු නැති බවයි.අලුත් අවුරුද්ද ලබන මොහොත සැමරීමට මිලියන ගණනාවක ක්‍රම ඇති බව කියන එම ලිපිය පවුලේ අය පමණක් හෝ ඥාතීන් සමග සුලු සාදයක් පවත්වා හෝ විනෝද වීම නව වසරට හොද ආරම්භයක් බව පෙන්වා දෙයි.
" ඔබ නිවස සරසන්න අමතක කරන්න එපා.පරණ අවුරුද්දේ නිවස තිබුණු ආකාරයටම අලුත් අවුරුද්දේ නිවස තිබෙන එක ඔබට මානසිකව යහපත් නැහැ.ඒ නිසා නිවස පිරිසිදු කර හැකි පමණින් හෝ සරසා ගන්න.පුංචි තෑග්ගක් හෝ පවුලේ අයට හෝ කිට්ටු හිතවතුන්ට දෙන්න අමතක කරන්න එපා"යි අන්තර්ජාලය අවවාද කරයි.
අලුත් අවුරුද්ද අලුත් සිතුවිලි සමග පටන් ගමු.
එහෙනම්.....
සුභ නව වසරක් වේවා!!!
Happy New Year!!!
(24 දා) නත්තල් දිනට පෙර සැන්දෑවේ වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගීවීමට යමින් සිටි යදි බෙනඩින්ට් පාප් වහන්සේ ඇතුළු පිරිස වෙත එක්වරම රතු ඇදගත් කාන්තාවක කඩා පැනීම, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේය.
සිද්ධියෙන් 87 හැවිරිදි Roger Etchegaray කාඩිනල් තුමාගේ පාදයක් බිඳී රෝහල් ගත කිරීමට සිදුවූ බවද එම වාර්තා සඳහන් කළේය.
වැඩ කරන ඇත්තෝ පිළිබද පොඩි වර්ගීකරණයක්........
අත් දෙක පාවිච්චි කරලා වැඩ කරන ඇත්තා කම්කරුවා
අත් දෙකයි ඔලුවයි පාවිච්චි කරලා වැඩ කරන ඇත්තා ශිල්පියා
අත් දෙකයි ඔලුවයි හදවතයි පාවිච්චි කරලා වැඩ කරන ඇත්තා කලාකාරයා
මේ මොකුත්ම පාවිච්චි කරන්නෙ නැතුව වැඩ කරන ඇත්තා දේෂපාලකයා
මං කියපු දේ හරිනේ??????
"මයිකල් ජැක්සන්" මේ නම කියු සැනින් එක එක අය එක එක කතා කියන්න පටන් ගන්නවා.එත් මේ විඩීයෝ එක එංගලන්ත මාධ්‍යවේදීයෙක් මයිකල් ජැක්සන් සමග වසරක් ජීවත් වී ඔහු පිළිබද ඇත්ත තොරතුරු ලෝකයාට හෙළී කරනවා.
මේ වීඩ්යෝ එකේ කොටස් 19 තියෙනවා මං මෙකේ දාන්නේ 1 කොටස විතරයි.ඔය ගොල්ලෝ youtube ගියානම් ඉතුරු කොටස් බලාගන්න පුලුවන්.
King of Pop කියල හදුන්වන මයිකල් ජැක්සන් වචනයේ පරිසමාප්තියෙන්ම King කෙනෙක් තමයි.එයා අපෙන් වෙන් වුනාට එයාගේ සින්දු අපේ සිත් වල රැව් දෙමින් තියෙනවා.එයාගේ සින්දු වලින් මං කැමතිම සින්දුවක් තමයි Will You Be There? සින්දුව.ඒ සින්දුවේ තේරුමත් ලස්සනයි.පහත විඩීයෝ එක මයිකල් ජැක්සන්ගේ අවසන් කටයුතු සිදු කීරිමට ප්‍රඨම පැවැති උත්සවයේදී ජනප්‍රිය ගායිකාවක් වන Jennifer Hudson විසින් මෙම ගීතය ගායනා කිරීම....R.I.P.Michale Jackson