skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

සුභ නව වසරක් වේවා!!!

0 comments


නව බලාපොරොත්තු පිරි අලුත් අවුරුද්දකට සුබ පතන අතරම මෙවර උදා වන්නේ තිස් වසරකට අධික යුධ වාතාවරණය නිමවු සාමය පිරි නව වසරක් බව සිහිපත් කරන්නේ දැඩි සතුටකිනි.
සිංහල දෙමළ ක්රමයට අප අප්රේල් (April) මාසයේ නව වසර සමරනවා සේ ඇතැම් රට වල නව වසර ලෙස සලකා සමරන්නේ විවිධ දිනයන්ය.කෙසේ වුවද බහුතරයකට නව වසර උදා වන්නේ ජනවාරි 1 වැනිදා දින දසුනට අනුවය.
2010 නව වසරට ලොව සුදානම් වන අයුරු අන්තර්ජාලය පිරික්සුවිට පිටු ගණනින් දැකිය හැකි වෙයි.විවිධ රට වල අලුත් අවුරුදු උත්සව පැවැත්වෙන තැන්, අලුත් අවුරුදු පෙර දිනයේ උත්සව, 2010 වසරට සුබ පැතුම් පත්, දින දසුන්, 2010 වසරේ විවිධ විශේෂ අවස්ථා, එම වසර තුළ පවත්වන්නට නියමිත උත්සව ඇතුලු මෙකී නොකී බොහෝ දෙයින් අන්තර්ජාලය පිරී ඉතිරී තිබේ.
වෙනකක් තබා අලුත් අවුරුද්දට පිළියෙල කර ගත හැකි ආහාර, අලුත් අවුරුදු පණිවුඩ පමණක් නොව අලුත් අවුරුද්දට ගැළපෙන ලෙස ඔබේ පරිඝනකයේ මුල් පිටුවේ දමාගත හැකි Wall Papers පවා ගලා එයි(http://ready2beat.com/entertainment/new-year-2010-wallpaper-happy-year-2010-pictures-happy-2010-cards).
සාම්ප්රදායක ලෙස නව වසර මල් වෙඩි පුපුරවා උත්සව ශ්රීයෙන් සමරන තැන්ද් ලහි ලහියේ සුදානම් වෙයි.ලොව උසම ගොඩනැගිල්ල වන 2010 ජනවාරි 4 වන දින විවෘත කිරීමට සුදානම් වන Burj Dubai ගොඩනැගිල්ලේ පැවත්වීමට සුදානම් වන New Year Fireworks වල Animation වීඩීයෝ පටය පහතින් දැක්වේ.

අන්තර්ජාලයක එන එක් ලිපියක දක්වා තිබුනේ යම් ආකාරයක ආර්ථික පසුබැස්මක් ලොව පුරා දක්නට ලැබුණත් අලුත් අවුරුද්ද තම නිවස තුල සුලුවෙන් හෝ සැමරීමට කිසිවකු හෝ අමතක කල යුතු නැති බවයි.අලුත් අවුරුද්ද ලබන මොහොත සැමරීමට මිලියන ගණනාවක ක්රම ඇති බව කියන එම ලිපිය පවුලේ අය පමණක් හෝ ඥාතීන් සමග සුලු සාදයක් පවත්වා හෝ විනෝද වීම නව වසරට හොද ආරම්භයක් බව පෙන්වා දෙයි.
" ඔබ නිවස සරසන්න අමතක කරන්න එපා.පරණ අවුරුද්දේ නිවස තිබුණු ආකාරයටම අලුත් අවුරුද්දේ නිවස තිබෙන එක ඔබට මානසිකව යහපත් නැහැ.ඒ නිසා නිවස පිරිසිදු කර හැකි පමණින් හෝ සරසා ගන්න.පුංචි තෑග්ගක් හෝ පවුලේ අයට හෝ කිට්ටු හිතවතුන්ට දෙන්න අමතක කරන්න එපා"යි අන්තර්ජාලය අවවාද කරයි.

අලුත් අවුරුද්ද අලුත් සිතුවිලි සමග පටන් ගමු.
එහෙනම්.....
සුභ නව වසරක් වේවා!!!
Happy New Year!!!


4:03 PM



0 responses to "සුභ නව වසරක් වේවා!!!"


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ►  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ▼  2009 (5)
      • ▼  December (5)
        • සුභ නව වසරක් වේවා!!!
        • ශුද්ධ වූ පාප් වහන්සේට වූ අකරතැබ්බය
        • වැඩ ක‍රන ඇත්තෝ
        • Mයිකල් ජැක්සන් සමග අවුරුද්දක්
        • Mයිකල් ජැක්සN

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft