පළමු පියවර තැබීම
බිය උපදවන දෙයකි
නොදන්නා දෙයකට මුහුණ දීම
ගෙනෙනුයේ අවිනිශ්චිත බවකි
බඩ ගැමෙන්
වෙහෙසට පත් වූ ළමයෙකු මෙනි
පළමු පියවර තැබිම
අන් සියල්ලට වඩා වැදගත්ය
එය ඔබේ ක්ෂිතිජය පුළුල් කරයි
ඔබට නව අලෝකයක් දැකිය හැකිය
ගවේෂණයේ අහ්ලාදය
ගුවනේ ගමනකට සමානය
ඔබ තබන පළමු පියවර
සියළු දොරගුළු හරිනු ඇත
ඔබ මෙයට පෙර දැක ඇති සැටියෙන්
ඔබටම ඔබ දැකගත හැක
-Rabona Turner Gordon
මෙම කවි පන්තිය ප්‍රසිද්ධියට පත් වූ පසුව එය කිය වූ බොහෝ පාඨකයෝ Rabona ට සුභ පැතූහ. පළමු පියවර කෙතරම් අමාරු වූවත්, අලුත් යමක් සඳහා පා තැබීමෙහි කිසියම් පුදුමයක් ඇති බව තමනට අත්විඳීමට ලැබුනු බව, තමන්ට සිහිපත් වූ බව ඔවුහු ලියා එවුහ.ඔබ අලුත් යමක් සඳහා පියවර තබන විට අභියෝග වලට මුහුණ දීමට සිදුවන බව අපේක්ෂා කළ යුතු බව ඔබට සිහිපත් කරනු ඇත. එය බඩගාන දරුවකු ඇවිදීමට පළමු පියවර තබනවාට සමාන ය.
ඔබ අසාර්ථක වන අවස්ථා තිබිය හැකිය. එහෙත් ඔබ ඔබේ සම්පූර්ණ අවධානය එම සිහිනය වෙතම තබා සිටින්නේ නම් ඔබ සාර්ථක වනු ඇත. ඔබ පළමු පියවර තැබීමට නිර්භීත වන්න. පළමු පියවර තැබු කල්හි දෙවන පියවර තැබිය හැකිය. වැටි වැටී නැගිටීම ස්වභාව ධර්ම න්‍යායයි. කිසි දා නො වැටී ඇවිද්ද දරුවෙකු ගැන අපට අහන්නට දකින්නට ලැබී නැත.
වැටුනත් නැගිටිවු
වැටි වැටී නැගිටිවු
පෙරටම යමු ලංකා \\\
ලැබුවාවු 2011 ඔබ තබන සියලු පියවරයන් සාර්ථක වන සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා!!!
4 responses to "ලැබුවාවු නව වසරේ පළමු පියවර තබමු!!!!!!!"
Subscribe to:
Post Comments (Atom)
සුභ නව වසරක් වේවා.............!
ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා!
ඔන්න මම අදතමයි මෙ බ්ලොග් 1ක පැත්තෙ අවෙ නියමයි කොල්ලො ..
ඔයටත් සුබ නව වසරක් වේවා!!!
(හැබැයි මම ටිකක් පරක්කු වෙලා සුබ පැතුවෙ තරහනැනේ )
ඔයාටත් ලැබුවාවු වසර සුභ වසරක් වේවා!
Comment එකටත් Tnx........
( බය වෙන්න එපා තරහ වෙන්නැ. යාළු වෙනවා මිසක් :)