skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

බිත්තරේ to කුකුළා [Amazing පින්තූර]

3 comments



















3:59 AM



තර්කයෙන් ග්‍රහලොවක් ජයගත් හැටි - [කියවිය හැක්කේ බුද්ධිමත් පාඨකයන්ට පමණි]

0 comments

අද මං ලියන්න යන්නේ රසවත් ගැටලුවක් හා එම ගැටලුව විසඳන ආකාරයයි.පළවැනියට ඔයගොල්ලෝ කතාව හොඳට කියවලා ගැටලුව තේරුම් ගන්න ඊට පස්සේ ගැටලුවට ඔයගොල්ලන්ගේ විසඳුමක් ඉදිරිපත් කරන්න.ඊට පස්සේ ඔයගොල්ලන්ගේ විසඳුමයි පල්ලේහා තියෙන විසදුමයි සසඳලා බලන්න.කතාව පොඩි උනාට ගැටලුව නම් බරපතළයි.

මේකයි කතාව.

එක්තරා අරුම පුදුම ග්‍රහලොවක් විය. එහි සියලු වැසියෝ රතු හෝ කොළ හෝ වර්ණයෙන් යුතු වූහ. අපේ පෘථිවියේ දී මෙන් ම හැම වැසියෙකුම පිරිම හෝ ගැහැණු හෝ වශයෙන් වර්ග කළ හැක. මේ ග්‍රහලෝක වාසීන්ගේ අනෙක් අපූර්වත්වය වූයේ රතු මිනිසුන් හැම විටම සත්‍ය කතා කිරීමත් කොළ මිනිසුන් හැම විටම බොරු කීමත්ය. ගැහැනුන් සම්බන්ධයෙන් නම් තත්වය ඊට වෙනස්ය. කොළ ගැහැනු හැමවිට ම ඇත්ත කියන අතර රතු ගැහැණු හැම විටම බොරු කියන්නෝය.

මේ ග්‍රහලෝක වාසීන් කටහඬින් තම අනන්‍යතාවය හඳුනා නොගත හැකි පරිදි හැසිරීමට සමත්ය. ඔවුන් ගමන් බිමන් යනවිට වෙස් මුහුණු පැළැඳ , ගත වැසෙන ඇඳුම් ඇඳ මෙස් පැළඳ යන හෙයින් ශරීර වර්ණය හෝ ලිංග භේදය හඳුනාගත නොහැක. එහෙත් පෘථිවියෙන් එහි ගොස් සිටි මානව විද්‍යඥයෙක් තමාට මුන ගැහුණු එලොව වැසියෙකු හා කතා බහක නියැලී එහි දී කළ ප්‍රකාශයක් ඇසුරින් එම පුද්ගලයා කොළ පාට ගැහැනියක බව සොයාගත්තේය.

එම ප්‍රකාශය කුමක්ද?
?
?
?
?
?

එලොව වැසියා කළ ප්‍රකාශය වන්නේ " මම රතු මිනිසෙකු නොවේ" යන්නය.
මම රතු මිනිසෙකු නොවේ යැයි බොරුකරයෙකුට (කොළ මිනිසෙකුට ) කිව නොහැක. එම නිසා මේ පුද්ගලයා ඇත්ත කියන්නකු විය යුතුය. එහෙත් සැම විටම ඇත්ත කියන රතු මිනිසෙකු ට මම රතු මිනිසෙකු නොවේ යැයි කිව නො හැක.. එම නිසා ප්‍රකාශය කළ පුද්ගලයා කොළ ගැහැනියක විය යුතුය.

"ගණිතයයි විනෝදයයි" කෘතිය ඇසුරෙනි


4:04 AM



ජිවිතේ විඳින්න කැමති අය [අනිවාර්යයෙන් කියවන්න].

6 comments


මෙච්චර ඉක්මනට ආයෙත් ආවේ මං ලගදී අහපු ලස්සන කතාවක් ඔයගොල්ලන්ටත් කියන්න කියලයි.

දක්ෂ තරුණ උපාධිධාරි තරුණයෙක් ගියාලු සම්මුඛ පරික්ෂණයකට.සම්මුඛ පරික්ෂණය සිදුකලේ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂකවරයායි. සම්මුඛ සාකච්චාව අතරතුර මේ දෙන්නා අතර මතගැටුමක් ඇතිවුනා. ටික වේලාවකින් ගැටුම උග්‍ර අතට හැරිලා තරුණයා අතින් නොදැනුවත්ම නුසුදුසූ වචනයක් කියවුනා. ඒකට තරහා ගිය කළමණකාර අධ්‍යක්ෂකවරයා "තමුසේ වගේ එකෙක්ට මේ ආයතනයේ විතරක් නෙමෙයි කොහෙවත් රස්සාවක් කරන්න දෙන්නේ නෑ" කියලා ඔහුගේ උපාධි සහතික සමඟ සියලුම සහතික ඉරලා දැම්මා.

තරුණයාට තමන්ගේ සුදුසුකම පෙන්නන්නට තිබ්බ එකම දේ මේ සහතික ටික විතරයි. කළමණාකර අධ්‍යක්ෂක වරයා කරපු මේ දේ නිසා තරුණයාට මොනා කරන්නද කියලා දන්නේ නැතුව අඩාගෙන කෙලින්ම ගෙදරට ගියා. මින් පස්සේ තමන් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතපු තරුණයා සියදිවිනසා ගන්න කියල තිරණය කරලා කාමරයට ගියා. අඬගෙන ආපු පුතාව දැක්ක අම්මා පුතාගේ පිටිපස්සෙන්ම ගියා.
අම්මා පුතාගෙන් ඇහුවා ඇයි පුතේ මොකක්ද වුනේ කියලා.පුතාත් ඔක්කෝම කියලා කිව්වා" අම්මේ මීට පස්සේ මං ජීවත් වෙලා වැඩක් නෑ , මං මැරෙන්න යනවා" .

අම්මා පුතාව කොහොම හරි සන්සුන් කලා. පුතාත් අම්ම කියපු දේ තාවකාලිකව ඇහුවා . ඊට පස්සේ පුතා කිව්වා අම්මේ මං ගෙදරදී මැරන්න ගියොත්නේ අම්මා මාව බේරගන්නේ. මං හෙට එළියට ගිහිල්ලා මැරනවා. එතකොට අම්මට මාව බේරගන්න බෑ".

අම්මා ඇහුවා ඒ කොහොමද කියලා. පුතා කිව්වා "මං හෙට එළියට ගිහින් වස බෝතලයක් අරන් බොනවා".ඊට පස්සේ අම්මා කිව්වා "එතකොට මං ඇවිල්ලා ඔයාව බේරගත්තනම් ඔයා මොනාද කරන්නේ".එතකොට පුතා මෙහෙම කිව්වා "මං කොච්චියට පනිනවා, එතකොට ඔයාට මාව බේරගන්න බෑ".ආයෙත් අම්මා කිව්වා"එතකොටත් මං ඇවිල්ලා ඔයාව බේරගත්තනම් ඔයා මොනාද කරන්නේ" .ආයෙත් පුතා කිව්වා"එතකොට මං මුහුදේ ගිලිලා මැරෙනවා, එතකොට අම්මට මාව බේරගන්න බෑ".

ඔයවගේ අම්මා අහන්න පුතා කියන්න කියලා දිගටම සංවාදේ ගියාලු.ඔය අතරේ මේ තරුණ පුතා මැරෙන ක්‍රම පහළොවක් විතර කිව්වා.

අන්තිමේදී අම්මා කිවා " පුතේ ඔයා මැරෙන ක්‍රම මෙච්චර කියනවා ඊට වැඩිය ක්‍රම තියෙනවා පුතේ ජීවත් වෙන්න.ඒ හින්දා පුතේ ඔයාව පරාදයි කියපු අය ඉස්සර ජීවත් වෙලා ජයගෙන පෙන්නන්න."

අන්තිමේදී පුතාට වැටහුනාලු අම්මා කිව්වදේ හරි කියලා.

ඉතින් යාළුවෙනි ඔයගොල්ලන්ටත් ජිවිතේදී ඕනතරම් ප්‍රශ්න ගැටලු වලට මුහුන දෙන්න සිදුවෙන්න පුළුවන් .ඒවාට කවදාවත් සැලෙන්න එපා, ධෛර්‍යමත්ව මුහුණ දෙන්න. ජිවිතේ ජයගන්න.

ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මෙන්න මෙහෙම කියලා තියෙනවා.
සාර්ථක වෙන්න නම් නිවැරදි තීරණ ගන්න ඕන.
නිවැරදි තිරණ ගන්න අත්දැකීම් ලබලා තියෙන්න ඕන.
අත්දැකීම් ලබන්න නම් වැරදි තීරණ අරන් තියෙන්න ඕන.


හරි එහෙනම් තාවකාලිකව සමුගන්න වෙලාවත් හරි
නැවත හමුවෙන තුරු
ආයූ බෝ වේවා!!!


7:20 AM



අසාමාන්‍ය ප්‍රශ්න වලට අසාමාන්‍ය පිළිතුරු

2 comments

හැම වේලාවෙම ලිපි කියවන ඔයගොල්ලන්ට ටිකක් වෙනස් විදිහේ අත්දැකීමක් ලබාදෙන්න තමයි මං මේ සුදානම් වෙන්නේ. ඒ කියන්නේ මේ පාර ඔයගොල්ල්ලෝ කියවලා විතරක් මදි පොඩ්ඩක් කල්පනා කරන්නත් ඕන.පල්ලේහා තියෙනවා වෙනස්ම විදිහේ ප්‍රශ්න 11 ක් මේ ප්‍රශ්න ටික හොඳට කියවලා ඔයගොල්ලෝ හිතන උත්තරේ කොලයක ලියාගන්න. ඊට පස්සේ පල්ලේහා තියෙන උත්තරත් එක්ක සසඳලා බලන්න.

01.Superකියන්නේ මොකක්ද?

02.සිංහල චිත්‍රපට ඉතිහාසයේ වටිනාම චිත්‍රපටය කුමක්ද?

03.පන්සලට ඇතුල්වීම තහනම් කර ඇත්තේ කුමන පක්ෂියෙක්වද?

04.අත් දෙක පාවිච්චි කරලා වැඩ ක‍රන්නේ කවුද?

05.අත් දෙකයි ඔලුවයි පාවිච්චි ක‍රලා වැඩ ක‍රන්නේ කවුද?

06.අත් දෙකයි ඔලුවයි හදවතයි පාවිච්චි ක‍රලා වැඩ ක‍රන්නේ කවුද?

07.අත් දෙකයි ඔළුවයි හදවතයි පාවිච්චි නොකර වැඩ කරන්නේ කවුද?

08.Letters කොච්චර අයින් කලත් තේරුම වෙනස් නොවී තියෙන Word එක මොකක්ද?

09.දේශපාලකයෝ අකමැතිම චිත්‍රපටය කුමක්ද?

10.නයි බහුල වශයෙන් දැකිය හැකි රට කුමක්ද?

11.ජලයේ රසායනික සංකේතය කුමක්ද?

ඔයගොල්ලෝ හිතපු උත්තර ටික ලිව්වද?
එහෙනම් පල්ලේහා තියෙන් උත්තරත් එක්ක සසඳලා බලන්න.


01.Super කියන්නේ නිකං නෙවෙයි.

02.හතර මහා නිධානය.

03.සිවුරු හොරා.

04.කම්කරුවා.

05.ශිල්පියා.

06.කලාකරුවා.

07.දේශපාලකයා.

08.Post Box

09.කඩවුනු පොරොන්දුව.

10.නයිජීරියාව

11. H,I,J,K,L,M,N,O,


[මෙම අසාමන්‍ය ප්‍රශ්න සහ පිලිතුරු උපුටා ගත්තේ අන්තර්ජාලයෙන් හා රූපවාහිනි වැඩසටහන් වලින් ]

මං හිතනවා ඔයගොල්ලෝ විනෝදයක් ලබලා ඇති කියලා.

තවත් හොද කතාවක් සමග ළගදීම හමුවෙන්නම්.
එතෙක් ආයූ බෝ වේවා!!!


6:39 AM



සිංහල ක්‍රිකට් විචාරකයෝ බලවත් අර්බුදයක-[අතිශයින්ම වැඩිහිටියන්ට පමණි].

15 comments

මං මේ ලිපිය ලියන්න කියලා මාස දෙකකට කලින් ඉඳලා සුදානම් වුනත් මෙච්චර කල් ඒකට ගත වුනේ මේ ලිපියේදී මට භාවිතා කරන්න වෙන වචන පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන හින්දායි. ඒත් අන්තිම මං හිතා ගත්තා මගේ මේ ලිපියේ මුලාශ්‍රය වුනේ E-mail මඟින් මගේ යාළුවෙක් මට යවපු ශ්‍රි ලංකාවේ ජාතික ඉංග්‍රිසී පුවත්පතක පලවුනු ලිපියක්,ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතකම මේ පිළිබඳ ලිපියක් ආපු එකේ මගේ බ්ලොගයේ මේ ලිපිය ලියන හින්දා ඒතරම් ලොකු ගැටලුවක් මතුවෙන එකක් නෑ කියලා.

මේකයි සිද්ධිය වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් රටේ 19න් පහළ කණ්ඩායම නියෝජනය තරුණ දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක් ඉන්නවා මොහු නුදුරු අනාගතයේදීම බටහිර ඉන්දිය කොදෙව් රටේ ජාතික කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ඉතින් ප්‍රශ්නේ තමයි මෙයාගේ නම.ඔයගොල්ලෝ හිතනවා ඇති සිංහල ක්‍රිකට් විචාරකයන්ට බරපතල අර්බුදයක් වෙන තරමට මෙයාගේ නම මොකක්ද කියලා.

මෙයාගේ නම තමයි යැනික් කැරියා (Yanic Cariah) .දැන් තේරෙනවානේ සිංහල ක්‍රිකට් විචාරකයන්ට අත්වන්නට යන බරපතල අර්බුදය මොකක්ද කියලා.බොහෝ විට ක්‍රිකට් විචාරකයෝ නිවේදනය කටයුතු වලදී භාවිතා කරන්නේ ක්‍රීඩකයාගේ අග නම. උදාහරණයක් වශයෙන් සනත් ජයසූරිය ක්‍රීඩා කරනකොට නිවේදන කරන්නේ ජයසූරිය කියලා.

මේ ඉන්නේ අපේ කතා නායකයා යැනික් කැරියා






ටිකක් හිතලා බලන්න මේ යැනික් කැරියා ක්‍රීඩකයා ක්‍රීඩා කරනකොට අපේ නිවේදකයෝ කොහොම නිවේදන කටයුතු කරයිද කියලා.

*Cariah(කැරියා) කඩුල්ලක් දවා ගත්තා.

*Cariah(කැරියා) හයේ පහරක් එල්ල කලා.

*Cariah(කැරියා) හතරේ පහරක් එල්ල කලා.

*Cariah(කැරියා) උඩ පන්දුව අත හැරියා.

*Cariah(කැරියා) උඩ පන්දුව රැක ගත්තා.


මෙන්න යැනික් කැරියාගේ Face Book Fan page එක
http://www.facebook.com/pages/Yannic-Cariah/120069086570

හරි එහෙනම් තාවකාලිකව සමුගන්නා වේලාවත් හරි
නැවත් හමුවෙනතුරු
ආයූ බෝ වේවා.


9:22 AM



සුභ නව වසරක් වේවා! [වෙනස්ම විදිහේ අවුරුදු තෑග්ගක්]

3 comments

හුඟ දවසකින් බ්ලොග් එකේ මොකුත් ලියන්නත් බැරි වුනා. මගේ බ්ලොග් එකේ Comments ලියන යාළුවන්ට වැදගත් දෙයක් කියන්න ඕන. මං මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලයි ඉන්නේ ඒ හින්දා ඔයගොල්ලෝ ලියන Comments වලට හරියට Reply කරන්න බැරිවුනා. ඔයගොල්ලෝ හිතනවාද දන්නෑ මං ලොකුකමට එහෙම කරනවා කියලා. අනේ එහෙම මොකුත් මගේ හිතේ නෑ වැඩ වැඩි හින්දයි මට Reply කරන්න බැරිවුනේ.මින් පස්සේ මට පුළුවන් උපරිමයට Comments වලට Reply කරන්න උත්සහ කරනවා. ඔයගොල්ලන්ගේ Comments තමයි මාව ධෛර්යමත් කරන්නේ.

ඔයගොල්ලන්ගේ වටිනා කාලය කැප කරලා මගේ ලි
පි වලට Comments ලියන ඔයගොල්ලන්ට අනේකවාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!.

මගේ අන්තිම ලිපියේ රොකියා සහෝදරයා Comment එකක් දාලා තිබ්බා Word Verification අයින් කරන්න කියලා.ඔන්න එයාගේ ඉල්ලීමත් ඉටුකලා.

කියන්න ආපු දේ අමතක වුනානේ.

ලැබුවාවූ සිංහල දෙමළ නව වසර බරබර ජරමර කරදර නැති සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා!




හුඟාක් අය අවුරුද්දට එක එක තෑගි දුන්නා.මමත් ඉතින් මට පුළුවන් පොඩි තෑග්ගක් ඔයගොල්ලන්ට දෙනවා.මේක පොඩි විඩියෝ එකක්.



මේක කලාකරුවකුගේ වෙනස්ම විදිහේ නිර්මාණයක්.මේ විඩීයෝ එක බැලුවට පස්සේ ඔයගොල්ලන්ටම සමීක්ෂණයක් කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සිතුවිලි මොන වගේද කියලා.

එහෙනම් නැවත හමුවෙනතුරු
ආයු බෝ වේවා!!!


11:19 AM



Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ▼  April (6)
        • බිත්තරේ to කුකුළා [Amazing පින්තූර]
        • තර්කයෙන් ග්‍රහලොවක් ජයගත් හැටි - [කියවිය හැක්කේ බු...
        • ජිවිතේ විඳින්න කැමති අය [අනිවාර්යයෙන් කියවන්න].
        • අසාමාන්‍ය ප්‍රශ්න වලට අසාමාන්‍ය පිළිතුරු
        • සිංහල ක්‍රිකට් විචාරකයෝ බලවත් අර්බුදයක-[අතිශයින්ම ...
        • සුභ නව වසරක් වේවා! [වෙනස්ම විදිහේ අවුරුදු තෑග්ගක්]
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft