skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ජිවිතේ විඳින්න කැමති අය [අනිවාර්යයෙන් කියවන්න].

6 comments


මෙච්චර ඉක්මනට ආයෙත් ආවේ මං ලගදී අහපු ලස්සන කතාවක් ඔයගොල්ලන්ටත් කියන්න කියලයි.

දක්ෂ තරුණ උපාධිධාරි තරුණයෙක් ගියාලු සම්මුඛ පරික්ෂණයකට.සම්මුඛ පරික්ෂණය සිදුකලේ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂකවරයායි. සම්මුඛ සාකච්චාව අතරතුර මේ දෙන්නා අතර මතගැටුමක් ඇතිවුනා. ටික වේලාවකින් ගැටුම උග්‍ර අතට හැරිලා තරුණයා අතින් නොදැනුවත්ම නුසුදුසූ වචනයක් කියවුනා. ඒකට තරහා ගිය කළමණකාර අධ්‍යක්ෂකවරයා "තමුසේ වගේ එකෙක්ට මේ ආයතනයේ විතරක් නෙමෙයි කොහෙවත් රස්සාවක් කරන්න දෙන්නේ නෑ" කියලා ඔහුගේ උපාධි සහතික සමඟ සියලුම සහතික ඉරලා දැම්මා.

තරුණයාට තමන්ගේ සුදුසුකම පෙන්නන්නට තිබ්බ එකම දේ මේ සහතික ටික විතරයි. කළමණාකර අධ්‍යක්ෂක වරයා කරපු මේ දේ නිසා තරුණයාට මොනා කරන්නද කියලා දන්නේ නැතුව අඩාගෙන කෙලින්ම ගෙදරට ගියා. මින් පස්සේ තමන් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතපු තරුණයා සියදිවිනසා ගන්න කියල තිරණය කරලා කාමරයට ගියා. අඬගෙන ආපු පුතාව දැක්ක අම්මා පුතාගේ පිටිපස්සෙන්ම ගියා.
අම්මා පුතාගෙන් ඇහුවා ඇයි පුතේ මොකක්ද වුනේ කියලා.පුතාත් ඔක්කෝම කියලා කිව්වා" අම්මේ මීට පස්සේ මං ජීවත් වෙලා වැඩක් නෑ , මං මැරෙන්න යනවා" .

අම්මා පුතාව කොහොම හරි සන්සුන් කලා. පුතාත් අම්ම කියපු දේ තාවකාලිකව ඇහුවා . ඊට පස්සේ පුතා කිව්වා අම්මේ මං ගෙදරදී මැරන්න ගියොත්නේ අම්මා මාව බේරගන්නේ. මං හෙට එළියට ගිහිල්ලා මැරනවා. එතකොට අම්මට මාව බේරගන්න බෑ".

අම්මා ඇහුවා ඒ කොහොමද කියලා. පුතා කිව්වා "මං හෙට එළියට ගිහින් වස බෝතලයක් අරන් බොනවා".ඊට පස්සේ අම්මා කිව්වා "එතකොට මං ඇවිල්ලා ඔයාව බේරගත්තනම් ඔයා මොනාද කරන්නේ".එතකොට පුතා මෙහෙම කිව්වා "මං කොච්චියට පනිනවා, එතකොට ඔයාට මාව බේරගන්න බෑ".ආයෙත් අම්මා කිව්වා"එතකොටත් මං ඇවිල්ලා ඔයාව බේරගත්තනම් ඔයා මොනාද කරන්නේ" .ආයෙත් පුතා කිව්වා"එතකොට මං මුහුදේ ගිලිලා මැරෙනවා, එතකොට අම්මට මාව බේරගන්න බෑ".

ඔයවගේ අම්මා අහන්න පුතා කියන්න කියලා දිගටම සංවාදේ ගියාලු.ඔය අතරේ මේ තරුණ පුතා මැරෙන ක්‍රම පහළොවක් විතර කිව්වා.

අන්තිමේදී අම්මා කිවා " පුතේ ඔයා මැරෙන ක්‍රම මෙච්චර කියනවා ඊට වැඩිය ක්‍රම තියෙනවා පුතේ ජීවත් වෙන්න.ඒ හින්දා පුතේ ඔයාව පරාදයි කියපු අය ඉස්සර ජීවත් වෙලා ජයගෙන පෙන්නන්න."

අන්තිමේදී පුතාට වැටහුනාලු අම්මා කිව්වදේ හරි කියලා.

ඉතින් යාළුවෙනි ඔයගොල්ලන්ටත් ජිවිතේදී ඕනතරම් ප්‍රශ්න ගැටලු වලට මුහුන දෙන්න සිදුවෙන්න පුළුවන් .ඒවාට කවදාවත් සැලෙන්න එපා, ධෛර්‍යමත්ව මුහුණ දෙන්න. ජිවිතේ ජයගන්න.

ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මෙන්න මෙහෙම කියලා තියෙනවා.
සාර්ථක වෙන්න නම් නිවැරදි තීරණ ගන්න ඕන.
නිවැරදි තිරණ ගන්න අත්දැකීම් ලබලා තියෙන්න ඕන.
අත්දැකීම් ලබන්න නම් වැරදි තීරණ අරන් තියෙන්න ඕන.


හරි එහෙනම් තාවකාලිකව සමුගන්න වෙලාවත් හරි
නැවත හමුවෙන තුරු
ආයූ බෝ වේවා!!!


7:20 AM



6 responses to "ජිවිතේ විඳින්න කැමති අය [අනිවාර්යයෙන් කියවන්න]."

  1. හෙළයා said...
    April 19, 2010 at 8:38 AM

    හොඳ ලිපියක්

    uS said...
    April 19, 2010 at 10:42 AM

    ස්තූතියි හෙළයෝ

    ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...
    April 19, 2010 at 8:59 PM

    :)

    හසී said...
    April 19, 2010 at 9:54 PM

    ඇත්ත ප්‍රශ්න වලදි සැලෙන්න හොද නෑ.

    Hasitha Gunasinghe said...
    April 20, 2010 at 5:23 AM

    අමූලික ඇත්ත. :) :) :)
    අසාර්ථක වීම වලින් පාඩම් ඉගෙන ගෙන ඉස්සරහට යන එක තමයි හොඳ

    uS said...
    April 20, 2010 at 10:24 AM

    @ ඉෂාන්
    හිනාවෙන්න ලෝබ වෙන්න එපා හොඳට හිනා වෙන්න :D :D :D

    @ Hais $ Hasitha
    අනිවාර්යයෙන් :D


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ▼  April (6)
        • බිත්තරේ to කුකුළා [Amazing පින්තූර]
        • තර්කයෙන් ග්‍රහලොවක් ජයගත් හැටි - [කියවිය හැක්කේ බු...
        • ජිවිතේ විඳින්න කැමති අය [අනිවාර්යයෙන් කියවන්න].
        • අසාමාන්‍ය ප්‍රශ්න වලට අසාමාන්‍ය පිළිතුරු
        • සිංහල ක්‍රිකට් විචාරකයෝ බලවත් අර්බුදයක-[අතිශයින්ම ...
        • සුභ නව වසරක් වේවා! [වෙනස්ම විදිහේ අවුරුදු තෑග්ගක්]
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft