හුඟ දවසකින් බ්ලොග් එකේ මොකුත් ලියන්නත් බැරි වුනා. මගේ බ්ලොග් එකේ Comments ලියන යාළුවන්ට වැදගත් දෙයක් කියන්න ඕන. මං මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලයි ඉන්නේ ඒ හින්දා ඔයගොල්ලෝ ලියන Comments වලට හරියට Reply කරන්න බැරිවුනා. ඔයගොල්ලෝ හිතනවාද දන්නෑ මං ලොකුකමට එහෙම කරනවා කියලා. අනේ එහෙම මොකුත් මගේ හිතේ නෑ වැඩ වැඩි හින්දයි මට Reply කරන්න බැරිවුනේ.මින් පස්සේ මට පුළුවන් උපරිමයට Comments වලට Reply කරන්න උත්සහ කරනවා. ඔයගොල්ලන්ගේ Comments තමයි මාව ධෛර්යමත් කරන්නේ.
ඔයගොල්ලන්ගේ වටිනා කාලය කැප කරලා මගේ ලිපි වලට Comments ලියන ඔයගොල්ලන්ට අනේකවාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!.
මගේ අන්තිම ලිපියේ රොකියා සහෝදරයා Comment එකක් දාලා තිබ්බා Word Verification අයින් කරන්න කියලා.ඔන්න එයාගේ ඉල්ලීමත් ඉටුකලා.
කියන්න ආපු දේ අමතක වුනානේ.
ලැබුවාවූ සිංහල දෙමළ නව වසර බරබර ජරමර කරදර නැති සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා!
හුඟාක් අය අවුරුද්දට එක එක තෑගි දුන්නා.මමත් ඉතින් මට පුළුවන් පොඩි තෑග්ගක් ඔයගොල්ලන්ට දෙනවා.මේක පොඩි විඩියෝ එකක්.
මේක කලාකරුවකුගේ වෙනස්ම විදිහේ නිර්මාණයක්.මේ විඩීයෝ එක බැලුවට පස්සේ ඔයගොල්ලන්ටම සමීක්ෂණයක් කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ සිතුවිලි මොන වගේද කියලා.
එහෙනම් නැවත හමුවෙනතුරු
ආයු බෝ වේවා!!!
3 responses to "සුභ නව වසරක් වේවා! [වෙනස්ම විදිහේ අවුරුදු තෑග්ගක්]"
Subscribe to:
Post Comments (Atom)
උදාවන නව වසර යස ඉසුරින් පිරි සියලු සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!
Same to u friend.!
එසේම වේවා..!!!