skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

සිංහල ක්‍රිකට් විචාරකයෝ බලවත් අර්බුදයක-[අතිශයින්ම වැඩිහිටියන්ට පමණි].

15 comments

මං මේ ලිපිය ලියන්න කියලා මාස දෙකකට කලින් ඉඳලා සුදානම් වුනත් මෙච්චර කල් ඒකට ගත වුනේ මේ ලිපියේදී මට භාවිතා කරන්න වෙන වචන පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන හින්දායි. ඒත් අන්තිම මං හිතා ගත්තා මගේ මේ ලිපියේ මුලාශ්‍රය වුනේ E-mail මඟින් මගේ යාළුවෙක් මට යවපු ශ්‍රි ලංකාවේ ජාතික ඉංග්‍රිසී පුවත්පතක පලවුනු ලිපියක්,ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතකම මේ පිළිබඳ ලිපියක් ආපු එකේ මගේ බ්ලොගයේ මේ ලිපිය ලියන හින්දා ඒතරම් ලොකු ගැටලුවක් මතුවෙන එකක් නෑ කියලා.

මේකයි සිද්ධිය වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් රටේ 19න් පහළ කණ්ඩායම නියෝජනය තරුණ දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක් ඉන්නවා මොහු නුදුරු අනාගතයේදීම බටහිර ඉන්දිය කොදෙව් රටේ ජාතික කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ඉතින් ප්‍රශ්නේ තමයි මෙයාගේ නම.ඔයගොල්ලෝ හිතනවා ඇති සිංහල ක්‍රිකට් විචාරකයන්ට බරපතල අර්බුදයක් වෙන තරමට මෙයාගේ නම මොකක්ද කියලා.

මෙයාගේ නම තමයි යැනික් කැරියා (Yanic Cariah) .දැන් තේරෙනවානේ සිංහල ක්‍රිකට් විචාරකයන්ට අත්වන්නට යන බරපතල අර්බුදය මොකක්ද කියලා.බොහෝ විට ක්‍රිකට් විචාරකයෝ නිවේදනය කටයුතු වලදී භාවිතා කරන්නේ ක්‍රීඩකයාගේ අග නම. උදාහරණයක් වශයෙන් සනත් ජයසූරිය ක්‍රීඩා කරනකොට නිවේදන කරන්නේ ජයසූරිය කියලා.

මේ ඉන්නේ අපේ කතා නායකයා යැනික් කැරියා






ටිකක් හිතලා බලන්න මේ යැනික් කැරියා ක්‍රීඩකයා ක්‍රීඩා කරනකොට අපේ නිවේදකයෝ කොහොම නිවේදන කටයුතු කරයිද කියලා.

*Cariah(කැරියා) කඩුල්ලක් දවා ගත්තා.

*Cariah(කැරියා) හයේ පහරක් එල්ල කලා.

*Cariah(කැරියා) හතරේ පහරක් එල්ල කලා.

*Cariah(කැරියා) උඩ පන්දුව අත හැරියා.

*Cariah(කැරියා) උඩ පන්දුව රැක ගත්තා.


මෙන්න යැනික් කැරියාගේ Face Book Fan page එක
http://www.facebook.com/pages/Yannic-Cariah/120069086570

හරි එහෙනම් තාවකාලිකව සමුගන්නා වේලාවත් හරි
නැවත් හමුවෙනතුරු
ආයූ බෝ වේවා.


9:22 AM



15 responses to "සිංහල ක්‍රිකට් විචාරකයෝ බලවත් අර්බුදයක-[අතිශයින්ම වැඩිහිටියන්ට පමණි]."

  1. Meeya said...
    April 16, 2010 at 11:22 AM

    buahahaahahahahaha ape commentatorsla indala iwarooooooooooooo!!!!!!!!!!!

    Anonymous said...
    April 16, 2010 at 11:55 AM

    හික්ස්

    දොඩන් said...
    April 16, 2010 at 12:47 PM

    හකා....ස්!

    Dinesh_Silva said...
    April 16, 2010 at 4:51 PM

    කැරිය ට කැරිය කිව්වට කමක් නැහැ. ඒක උගේ නම නේ. හැබයි කැරියෙකුට ජයසූරිය කියන්න වෙන එක තමයි upset.

    Chrishi said...
    April 16, 2010 at 8:52 PM

    @Dinesh_Silva

    maru kathawa !!

    Carrie Adams said...
    April 16, 2010 at 8:57 PM

    මූ මගෙ හොඳ යාළුවෙක්නෙ....

    Carrie Adams said...
    April 16, 2010 at 9:01 PM

    ප්‍රසිද්ධියෙ බ්ලොග් වල කුනුහරුපයක් කොමෙන්ට් විදිහට දාන්න මේන්න හොද චාන්ස් එකක්... හැමදාම ඇනොනිමස් ඇවිත් කුනුහරුප දාපු කට්ටිය මේක අත අරින්න එපා... ඔන්න ප්‍රසිද්ධියේ හැකියාව පෙන්නන්න කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.

    Hasitha Gunasinghe said...
    April 16, 2010 at 9:13 PM

    කාලෙකට පස්සේ දැක්ක සිරා කතාවක්. මතක් වෙද්දිත් හිනා යනවා බන් :) :) :)

    කෙසේ වෙතත් මේ තරුණ කැරියාගේ අනාගත ක්‍රිකට් දිවියට මගේ සුභ පැතුම්

    චතුරංග රූපසිංහ said...
    April 16, 2010 at 9:59 PM

    කැරියට ජය වේවා

    ``` Outsider``` said...
    April 16, 2010 at 10:50 PM

    කැරිය ආවට පස්සෙ වෙන එවුන්ට කැරිය කියන්න ඔට්ටු නෑ හරිද
    කැරියට සුබ පැතුම්!

    Anonymous said...
    April 17, 2010 at 3:11 AM

    එළ කතාව :D

    uS said...
    April 17, 2010 at 7:13 AM

    @ Meeya,Sameerausa, කුම්භකර්ණයා, ගඩොල්, Hasitha, චතුරංග රූපසිංහ ,Outsider,panhida

    තුති Comments වලට

    @Dinesh & Chrisi

    මොනා වුනත් අපේ ක්‍රිකට් කණ්ඩායමට සනත් ලොකු සේවයක් කරලා තියෙනවා. සනත්ගේ එකම අවුල මන්ත්‍රීකමේ ඉඳගෙන ක්‍රිකට් සෙල්ලම් කරන එකයි. එකත් එයා හදාගනීයි කියලා හිතනවා.

    Unknown said...
    April 17, 2010 at 8:50 AM

    ade maaara fun eka ban...

    uS said...
    April 19, 2010 at 6:40 AM

    WelCome

    Dinesh_Silva said...
    April 19, 2010 at 10:08 AM

    සනත් ජයසූරිය චන්දෙ ඉල්ලුවෙ මන්ත්‍රී කෙනෙක් වී ජනතාවට සේවය කිරීමට නොවේ. මා දන්නා පරිදි ඔහු කිසිම සමාජ සේවා කටයුත්තක් මේ දක්වා සිදු කර නැත. මා දන්නා පරිදි ඔහු වැඩි පුරම සමාජ සේවය කරන්නේ විරුද්ධ ලිංගිකයන්ට පමණය. මේ පිලිබඳ ඔබට සැකයක් ඇත්නම් ඔහුගේ බිරිය විසින් ඔබගේ සැකය දුරලනු ඇත. ඔහු දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එහි විවාදයක් නැත. නමුත් ඔහු චන්දේ ඉල්ලුවේ තදුරටත් ක්‍රීඩාවේ අසාධාරණ ලෙස ‍රැඳී සිටී මටය. ඔහු නිසා අන්තර් පලාත් තරඟාවලියෙදී දක්ශතම ක්‍රීඩකයා වූ ජීවන්ත කුලතුංග ට අවස්ථාව නැතිවී ගියේය. ඔහුට ක්‍රීඩාව වෙනුවෙන් සේවයක් කරන්න අවැසි බවක් මට නම් පෙනෙන්න නැත. ඔහුගෙ එකම අභිප්‍රාය ක්‍රීඩාවෙන් හම්බ කිරීම ම පමණි. එමනිසා ඔහුට එසේ නාම විශේෂනයක් එක්වීම සාධාරණයයි මට සිතේ.


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ▼  April (6)
        • බිත්තරේ to කුකුළා [Amazing පින්තූර]
        • තර්කයෙන් ග්‍රහලොවක් ජයගත් හැටි - [කියවිය හැක්කේ බු...
        • ජිවිතේ විඳින්න කැමති අය [අනිවාර්යයෙන් කියවන්න].
        • අසාමාන්‍ය ප්‍රශ්න වලට අසාමාන්‍ය පිළිතුරු
        • සිංහල ක්‍රිකට් විචාරකයෝ බලවත් අර්බුදයක-[අතිශයින්ම ...
        • සුභ නව වසරක් වේවා! [වෙනස්ම විදිහේ අවුරුදු තෑග්ගක්]
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft