විසි දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කණ්ඩායමට අනතුරට පත් පෙන්ග් ශුලින්ගේ ජිවීතය බේරාගැනීම සඳහා ඔහුගේ ශරීරය දෙකට වෙන්කිරීමට සිදුවුනා. ඇඳක් මත වසර ගණනාවක් ගත කලත් නැවතත් සාමන්‍ය ජිවිතයක් ගත කිරීම පිළිබඳව වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තු අවම වුනා.
නමුත් පුදුමයකට මෙන් බිජීන්හි චීන පුනරුත්තාපන පර්යේෂණ මධ්‍යස්ථානයේදී යළි ඇවිදීමට උත්සහ කරන පෙලින්ග් දැකගත හැකි වුනා. පුනරුත්තාපන මධ්‍යස්ථානයේ විශේඥයින් විසින් ඔහුගේ ශරිරයේ පහළට බිත්තරාකාර කොටසක් හා ජීවඉලෙක්ට්‍රෝනික [Bionic] පාද දෙකක් නිර්මාණය කළා.
පෙන්ග් ඔහුගේ අලුත් ශරීර කොටස් සමඟ ඇවිදීමට පුහුණුවන අයුරු බලන්න. ශරීරයෙන් විශාල කොටසක් අහිමි වූවත් නව ජීවිතයක බලාපොරොත්තු හා සුබවාදී හැඟීම් වලඉන් පිරී ඇති ඔහුගේ මුහුණේ ඇති ධෛර්ය හා අධිෂ්ඨානය කොපමණද.....
නමුත් අපේ සිත කළකිරී ඇති ප්‍රමාණයට අපට අහිමි වී ඇත්තේ මොනවාද? ..... :)
4:23 AM
මොකක්ද තිසර මගෙන් අහන්න හැදුවේ?
මං මේ අහන්න හැදුවේ දිවීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද කියලා?
හම්. වැදගත් ප්‍රශ්නයක් ...... වැදගත් ප්‍රශ්නයක්.
අපි මොකද මේ දුවන්නේ? ....... මෙහෙම දහඩිය පෙරාගෙන අපි මේ දුවන එකේ තියෙන ජොලිය මොකක්ද?
කිසිම ජොලියක් නෑ.
හම් කිසිම ජොලියක් නෑ.
කිසිම වින්දනයක් නෑ.
කිසිම වින්දනයක් නෑ.
කෙනෙක් දුවන්නේ මොකද දන්නවාද?..... කවුරුහරි එයාව ලුහුබඳින නිසා.
එක්කෝ ඒ කොලොස්ටරොල් වෙන්න පුළුවන්, එහෙම නැත්තම් ඒ ප්‍රබල හතුරෙක් වෙන්න පුළුවන්.
හතුරා ප්‍රබල වෙන තරමට අපි ධාවන ශූරයෝ වෙනවා.
හරියටම හරි සර්.
සිංහයන් විසින් ගොදුරුකරගන්නා තරමටම මුවන්ගේ වේගය වැඩි වන්නා සේ.
ඔන්න මචෝ උඹේ ගෑණි ඇහැරුණා.
ඔන්න අපි ගියා.
"ගරිල්ලා මර්කටින් චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී හා කමල් අද්දරආරච්චී අතර සිදුවූ කතිකාවකි"
11:10 AM
1.Pirates of the Caribbean: At World's End

චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න
චිත්‍රපටයේ ප්‍රචාරක පටය
2.Spider-Man 3

දෙවැනි ස්ථානයට වැඩිම වියදමක් දරා නිර්මාණය කළ චිත්‍රපටය වනුයේ Sam Raimi අධ්‍යක්ෂණය කළ "Spider Man 3" චිත්‍රපටයයි.ඒ සඳහා වැයකොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 258කි. එනම් ලංකා රුපියල් කෝටි 3,000 කට ආසන්න මුදලකි.
චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න
චිත්‍රපටයේ ප්‍රචාරක පටය
3.Harry Potter and the Half-Blood Prince

David Yates විසින් අධ්‍යක්ෂණය කළ "Harry Potter and the Half-Blood Prince" චිත්‍රපටය ලොව තෙවැනියට වැඩිම වැයක් දරා නිපැයූ චිත්‍රපටයයි.ඊට වැයවු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කි.එනම් ලංකා රුපියල් කෝටි 2850 කට ආසන්න මුදලකි.
චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න
චිත්‍රපටයේ ප්‍රචාරක පටය
4.Avatar

ඇමෙරිකානු ඩොලර් මිලියන 237 එනම් ලංකා රුපියල් කෝටි 2725 ආසන්න මුදලක් වැයකොට තැනු Avatar චිත්‍රපටය වැය අතින් හතරවන ස්ථානය හිමිකරගනී.Avatar චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූයේ James Cameron ය.
චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතන කොටන්න
චිත්‍රපටයේ ප්‍රචාරක පටය
3:46 AM
Subscribe to:
Posts (Atom)