සමලිංගිකත්වය කියන මාතෘකාව යටතේ මං ලියපු ලිපිය කියවපු Comment කරපු සියලු සහෝදරයන්ට මගේ ස්තූතිය.මගේ ලිපියට ලැබුණු Comments වලින් බහුතරයක්ම සමලිංගිකත්වයට පක්ෂපාතී ඒවා. ඒ වගේම සමහරු Comments වලින් මට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබ්බා.ඒ හින්දා ඒ ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන් සහ සමලිංගිකත්වය පක්ෂපාතීව දක්වපු අදහස් වලට මගේ අදහස් ඉදිරිපත් කරන්නයි මං මේ ලිපිය ලියන්නේ[කලින් ලිපියේ සඳහන් කළා වගේ මේක මිත්රශීලීව ප්‍රතිචාර දැක්වීමක්] .මගේ මේ පිළිතුරු ලිපිය වෙනම ලිපියක් වශයෙන් මෙහෙම ඉදිරිපත් කරන්නේ මේ ලිපිය සියමු දෙනාට වගේ කියවන්නට ලේසි වෙන නිසයි.
මගේ පළවෙනි ලිපියේ මං දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා ඒඩ්ස් රෝගයේ මුලාරම්භය සිදුවූනේ සමලිංගිකත්වය නිසා කියලා. ඒ ලිපියට ප්‍රතිචාර දක්වපු Haru සහෝදරයා කියලා තිබ්බා ඒඩ්ස් රෝගයේ මූලාරම්භය සමලිංගිකත්වය කියන එක වෛදය උපකල්පනයක් බවත් පස්සේ ඒ මතය වෙනස් කල බව.මූලදී ඒක උපකල්පනයක් වුනාට පසුව ඒඩ්ස් රෝගය පිළිබඳව කරපු පර්යේෂණ වලදී හෙළි වුනා ඒඩ්ස් රෝගයේ මූලාරම්භය සිදුවූනේ සමලිංගිකත්වයෙන් කියලා.ඒ පිළිබඳව කිසිම සැකයක් ඇති කීරීමට අවශ්‍ය වෙන්නේ නැ. 200% විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒඩ්ස් රෝගයේ මූලාරම්භය සිදුවුනේ සමලිංගිකත්වය නිසා කියලා. ආරියසේන යූ.ගමගේ වෛද්‍යතුමාගේ "රජෙක් වුනත් ලෙඩෙක් වුනෝත්" කියන පොතේ ඒඩ්ස් රෝගය හා එහි උපත පිළිබඳව පුළුල් වශයෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අන්තර්ජායෙනුත් අපිට ඒඩ්ස් රෝගයේ උපත පිළිබඳව දැනගැනීමට පුළුවන්. අපි කොහේ බැලුවත් ඒ හැමතැනම තියෙන්නේ එකම දෙයයි ඒඩ්ස් රෝගයේ උපත සිදුවූයේ සමලිංගිකත්වය නිසා කියලා.
අනිත් කාරණය එඩ්ස් රෝගයේ පැතිරවීමට එකම හේතුව සමංගිකත්වය විතර නෙමෙයි. අනවශ්‍ය ලිංගික චාර්යාවන් නිසාත් ඒඩ්ස් රෝගය පැතිරෙනවා. අනවශ්‍ය ලිංගික චාර්යාවන් වලටත් තරයේ විරුද්ධ පුද්ගලයෙක් මම. සමලිංගිකත්වය මතෘකාව කරගෙන ලියන ලිපියක් නිසා තමයි සමලිංගිකත්වය පිළිබඳව පමණක් මං මේ ලිපියේ අදහස් දක්වන්නේ. අනිත් එක ලංකාවේ වර්තමානයේ සමලිංගිකත්වය නිතීගත කිරීමට වඩා ගණිකා වෘත්තීය නීතීගත කරන්න කියලා කිසිම කෙනෙක් කියන්නේ නැ. සමලිංගිකත්වය තමයි මූලික වුවමනාව වෙලා තියෙන්නේ ඒ හින්දා තමයි මූලිකව ඒ ගැන ලියන්නේ. ඒ වගේම Haru සහෝදරයා සහ budhajeewa සහෝදරයා අදහස් දක්වලා තිබ්බා සමලිංගිකත්වය නිසා අනිත් සහකරු\සහකාරියට පිඩාවක් නෙමෙයි කියලා. ඒ පිළිබඳව මට කියන්න තියෙන්නේ සමලිංගික ක්‍රියාව නිසා තමයි එඩ්ස් රෝගය බිහිවුනේ ඒවගේම ඒඩ්ස් රෝගය තව තවත් වර්ධනය කිරීමට සමලිංගිකත්වය උපකාරී වෙනවා. ඒ අදහස ලොකේ සිටින විශේෂඥ වෛදයවරු සියලුදෙනාම පාහේ අනුමත කරලා තියෙනවා.Haru සහෝදරයා කිව්ව විදිහට සහකරුට හෝ සහකාරීය පීඩාවක් නැත්තේ සමලිංගික ක්රියාවේ නිරත වීමේදී විතරයි. මොකද ඒ වේලාවේ හොඳ ලිංගික වින්දනයක් ලැබෙනවා. ඒත් ඊට පස්සේ තමනුත් ඒඩ්ස් රෝගියෙක් වෙලා අනිත් අයටත් දැන හෝ නොදැන එඩ්ස් රෝගය බෝ කරනවා. මේ අනුව අපිට පැහැදිලිව පෙනෙනවා සමලිංගිකත්වය සහකරු\සහකාරියට පමනක් නෙමෙයි මුළු සමාජයටම අහිතකර දෙයක් කියලා. Budhajeewa සහෝදරයා කියලා තිබ්බා සමලිංගිකයින් ඒඩ්ස් රෝග වාහකයින් ලෙස හැඳින්වීම වැරදියි කියලා. මං කියන්නේ සමලිංගිකයින් කියන්නේ නැවත් නැවත එඩ්ස් රෝගය නිපදවන්නන්. එතකොට 100% සමලිංගිකයන්ගෙන් ඒඩ්ස් රෝගය බෝනොවෙන බව Haru සහෝදරයාට හෝ budhajeewa සහෝදරයාට කියන්න පුළුවන්ද?
පිස්සා පලාමල්ල සහෝදරයා අදහස් දක්වලා තිබ්බා අරක්කු සිගරට් නිතීගත කලා නම් මේක නිතීගත කරන එකේ වැරැද්දක් නැ කියලා. මේක ඉතින් වැරැදි වැඩක් කරන හැමදෙනාටම තියෙන තුරුම්පුවක්.X කියනවා Y එහෙම කරන හින්දා මං මෙහෙම කරනවා කියලා. Y කියනවා X එහෙම කරන හින්දා මං මෙහෙම කරනවා කියලා. අන්තිම වෙනෙකම් මෙකම කිය කිය ඉඳීයි. මට කියන්න තියෙන්නේ මමත් අරක්කු , සිගරට්, මත්ද්‍රව්‍ය වගේම මිනිසුන්ට අහිතකර සියලු දේවල් වලට තරයේම විරුද්ධයි.අද වුනත් අරක්කු සිගරට් තහනම් කරනවානම් මගේ සම්පූර්ණ සහයෝගය ඒකට ලබාදෙනවා.
දැන් ගැටලුව වෙලා තියෙන්නේ තවම නිතීගත වුනේ නැති නිතීගත කරන්න කියල සුළුතරයක් විසින් කියන සමලිංගිකත්වයයි.නිකම් හරි සමලිංගිකත්වය නිතීගත කළානම් සමලිංගික ක්‍රියාව තව තවත් වර්ධනය වෙනවා. ඒවා වර්ධනය කරන්නට ඕනැ තරම සල්ලී දෙන්න සමලිංගිකත්වය හින්දා ඒඩ්ස් රෝගීන් වුන ඒ වගේම වෙන්න ඉන්න බොහෝ බටහිර ධනපතියන් ඉන්නවා. එතකොට වෙන්නේ තව තවත් ඒඩ්ස් රෝගීන් බහුල වීමයි. තවත් පැත්තකින් සමලිංගිකත්වය නිතීගත කලානම් ඊට පස්සේ කියයි සමලිංගිකත්වය නිතීගත කල එකේ සතුන් සමඟ ලිංගිකව හැසිරීමේ හෙවත් බෙස්ටියැලිටි නිතීගත කරන්න කියලා.ඔහොම ඔහොම ගිහින් අන්තිමට බලහත්කරයෙන් ලිංගිකව හැසිරීම හෙවත් දූෂණය කරන්න අවසර ඉල්ලයි. මොකද ඕනැවට වැඩිය නිදහස ගැන කතාකරන මිනිස්සු තමන්ගෙන් සමාජයට අයහපතක් නොවී ජීවත් වීම වෙනුවට තමන් පමණක් යහපතින් ජීවත් වෙන්න ඕන යන ආත්මාර්ථකාමි පුද්ගලයෝ බවට පත්වෙලයි ඉන්නේ.
අනිත් එක Haru සහෝදරයා කියලා තිබ්බා සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත් ඊට වඩා හපන් ලිංගික චාර්යාවන් පවතින බවත්. එතැනදී පොඩි සංශෝදනයක් කරන්න ඕන ඊට වඩා හපන් කියන එක වෙනුවට ඊට සමාන කියලා. සහෝදරයා කිව්ව විධියට අසාමාන්‍ය, ස්භාවධර්මයට පටහැනි, විවිධ මාරාන්තික රෝග නිර්මාණය කිරීමට සහ බෝ කිරීමට උපකාරී වන ලිංගික චාර්යාවන් සමාජයේ පවතිනවා. සහෝදරයා දක්වපු විදිහට පරපීඩා කාමුකත්වය විතරක් නෙමෙයි ස්වපීඩා කාමුකත්වය, සමලිංගිකත්වය, ඇඟලුම් මාරුව, ලිංගික අනන්‍යතා මාරුව, ප්රදර්ශනකාමිත්වය, ස්වඥාතිව්යාභිචාරය[ එකම පවුලේ සමාජිකයින් අතර සිදුවන ලිංගික ක්‍රියා],පූජාලංජන භක්තිය, දර්ෂනකාමීත්වය, සතුන් සමඟ ලිංගිකව හැසිරීම හෙවත් බස්ටියැලිටි ,ලමුන් කෙරෙහි ලිංගික ආකර්ෂණය හෙවත් පීඩෝෆිලියාව සහ බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයෙ යෙදීම හෙවත් දූෂණය කියන මේ හැම අසාමන්‍ය ලිංගික ක්‍රියාවක්ම සහකරුට\සහකාරියට හා සමස්ත සමාජයටම ඉතා අහිතකර ප්රතිවිපාකා උරුම කරදෙන ලිංගික ක්‍රියාවන්. මේ සියලුම ලිංගික ක්‍රියාවන් ලිංගික දුරාචාර රෝග නැතහොත් මානසික රෝග වශයෙන් තමයි වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ.
ඒ වගේම Haru සහෝදරයා විසින් ගබ්සාව පිළිබඳ ලිපියක් ලියලා තිබ්බා. අපි දන්නේ නැති හුඟක් දේවල් ඒ ලිපියේ තිබ්බා. Haru සහෝදරයාට ස්තූතීයි වන්ත වෙනවා ඒවගේ හොඳ ලිපියක් අපි වෙනුවෙන් ලියපු එකට. මං හිතනවා විදිහට ඒ ලිපිය අනුව සහෝදරයා ගබ්සාවට පාක්ෂපාතී කියලා[මං වැරදි නම් නිවැරදි කරන්න]. සමාජයට අහිතකර අනිකුත් ක්‍රියා මෙන් ගබ්සාවටත් මං තරයේම විරුද්ධයි.
සමලිංගිකත්වයේ ප්‍රතිවිපාක ගැන ලියනවානම් තව ඕන තරම් ලියන්න පුළුවන්. ඒත් මුලික වශයෙන් මං මෙතනැදි ඉදිරිපත් කලේ මගේ කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාරයට මගේ මිත්‍රශීලී ප්රතිචාරයයි.
අපි හැමවේලාවේම උත්සහ ගන්න ඕන අපේ අනවශ්‍ය හැඟීම් පාලනය කරන්න.හිත කියන දේ විතරක් කරන්නේ නැතුව මොලෙන් ටිකක් කල්පනා කරලා බලන්න ඕන හරි වැරදි මොකක්ද කියලා.විනාඩි ගාණකින් ශුක්‍රාණු පිටකරන්න මෙච්චර දරුණු විදිහට තමන්වත් විනාශ කරගෙන සමාජයත් විනාශ කරන්නට තියෙන වුවමනාව මොකක්ද?... [මං මෙහෙම කියන්නේ සමලිංගිකත්වය කියන්නේ අනිවාර්ය්යෙන්ම කාමයත් පදනම් කරගත් කායික හා මානසික දෙයක්. කාමයක් නැත්තම් ඒක සමලිංගිකත්වයක් නෙමෙයි.]
සින්ඩියේ අනිත් සහෝදරවරු වගේ ලස්සනට වචන ගලපමින් ලිපියක් ලියන්න තරම් මං දක්ෂයෙක් නෙමෙයි එත් මට පුළුවන් විදිහට ලිව්වා. මගේ මේ ලිපි කියවලා සමලිංගිකයෙක් හරි සමලිංගිකයෙක් වෙන්න හිතන් ඉන්න පුද්ගලයෙක් හරි ඒ සංකල්පයෙන් මිදෙනවානම් ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්.
අවසාන වශයෙන් කියන්න ඕන මං මේ ලිපිය ලිව්වේ කාගේවත් හිත රිදවන්න නෙමෙයි. මගේ මතය අනුව සමලිංගිකයෙක් වුනත් ඔහුගේ නොදැනුවත්භාවය නිසා තමයි ඔහු ඒ විදිහට හැසිරෙන්නේ. ඔහුත් මගේ සහෝදරයෙක්. එකේ කිසි වෙනසක් නැ. ඒ හින්දා මං මේ ලියුමෙන් කාගේ හරි හිත රිදුනා නම්, මං එයාගෙන් සමාව අයදිනවා.
19 responses to "සමලිංගිකත්වය II"
Subscribe to:
Post Comments (Atom)
සමලිංගිකත්වය යනු හුදෙක්ම ලිංගික හැසිරීමක් පමණක්මද?..විරුද්ධ ලිංගිකයින් අතර ඇති ආකාරයේ ආදරය වැනි හැඟීම් ඔවුන්ට අදාල නැතිද?..කාන්තා සමලිංගිකයින් හා ඒඩ්ස් රෝගය අතර සම්බන්ධයක් තිබේද?....
හේමලයා සහෝදරයා මං මගේ ලිපිය කිව්ව විදිහට සමලිංගිකත්වය ලිංගික හැසිරීම පමණක් නොවෙන්න පුළුවන්. ඒ වගේම සමලිංගිකත්වය තුළ තිබෙන්නේ ආදරය පමණකුත් නොවේ. ලිංගිකත්වයක් නැත්තම් එතැන සමලිංගිකත්වයක් නැ.අනිත් කාරණය සහෝදරයා සමලිංගිකත්වය නිසා [දැන හෝ නොදැන, සෘජුව හෝ වක්‍රව] ඇතිවන මූලික ප්‍රතිවිපාක තමයි ඒඩ්ස්.ඒ හින්දා තමයි ඒඩ්ස් රෝගය ප්රමුඛ කරනගෙන මං මගේ ලිපිය ලිව්වේ.නමුත් ඒක විතරක්ම නෙමෙයි.සමලිංගිකත්වය යනූ ලිංගික දුරාචාර රෝගයක් නැතහොත් මානසික රොගයක්.තවත් වෛද්‍ය පරික්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා සමලිංගික අතර මත්පැන් වලට ඇබ්බැනිවීම අධිකයි කියලා.
ඒ හින්දා කාන්තා සමලිංගිකයින් අතර ඒඩ්ස් රෝගය පිරිමි සමලිංගිකයින් ප්‍රමාණයටම නැති වුනත්.කාන්තා සමලිංගිකයින් 100% ඒඩ්ස් රෝගයෙන් තොරයි කියලා අපිට කියන්න බෑ.ඒ වගේම කාන්තා සමලිංගිකයින්ට සමලිංගික ක්‍රියා නිසා ඇතිවන අනෙකුත් ප්‍රතිවිපාක වලට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.
අනිත් කාරණය ලොව බහුලව දක්නට ලැබෙන්නේ පිරිමි සමලිංගිකයින් කාන්තා සමලිංගිකයින් දක්නට ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. තව දුරටත් කරුණු පැහැදිලි කරන්න පුළුවන් නමුත් මුලික කරුණු මං මෙතැනදී කිව්වා. ස්තූතීයි Comment එකට :)
මම නම් කියන්නෙ,ලොකයට මනුශ්‍යයන් වශයෙන් ඩෙවියන් වහන්සෙ මවල තියෙන්නෙ ගෑහනුන් හා පිරිමින් විතරයි.
එයින් කෙලින්ම පෑහෑඩිලි වෙන්නෙ ගෑහනුන්ගෙ අවශ්‍ය තාවයට පිරිමින් හා පිරිමින්ගෙ අවශ්‍ය තාවයට ගෑහනුන් බව.
සමලින්ගිකත්වයට පක්ශපාතින් එහෙනම් ඔබ බිහිවුනෙ සමලින්ගිකත්වයෙන්ඩ?
සෑ.යු : සමලින්ගිකත්වයෙන් පෙලෙන්නන් අඩම ගිහින් ලේ පරික්ශා කරන්න...
Gay guys be shame on You...
සමලින්ගිකයො කියන්නෙ නිකන් පිස්සො පවෙ සෙට් එකක් මෙච්චර කෙල්ලො ඉන්න රටෙ කොල්ලො පස්සෙ යන්නෙ පිස්සො නෙමෙද ??? අනික සමලින්ගිකයන්ව නීතිගත කරාම වෙන්නෙ තවත් කොලුකරයො වඩි වෙන එක තමා. ඉටප්පස්සෙ ඉතින් ඔය සමලින්ගිකයන්ට සුප්පොර්ට් කරන අයට වෙන්නෙ ******** ගන්න තම !!! මටනම් ඔකුන්ව පෙන්න බහ එතරම් උන් චාටර්.
අප සමාජයෙ විවිධාකාර මිනිසුන් බිහිවෙනවා. මෙසෙ සමාජය තුල සමලිංගිකයින් ඇතිවන ආකාරය ගැන යම් අවබොධයක් අපිට තියන්න ඔනා. කෙනෙක් සමලිංගිකයෙක් වුණු පමණින් එයාව හො ඇයව පිළිකුලෙන් යුතුව හෙලා දැකිම මනුෂ්ත්වයට නින්දාවක්. මම දැකලා තියනවා සමලිංගිකයින් විරුද්ද ලිංගිකයින් සමග විවහා වෙලා දරුවො ඇති පවුල්. සමාජයෙ ඇවිදිද්දි අපිට දක්නට ලැබෙනවා ඔහුනටම ආවෙනික වු ලක්ෂන. යම්කිසි විකෘතියක් මනසෙ හො ජානවල හො ශරිරියෙ, ආත්මයෙ යම් තැනක ඇතිවු නිසයි එයාලා එ තත්වෙට පත් වුණෙ. මෙ මිනිස්සු ගොඩාක් වෙදනාවෙන් පෙලෙන පිරිසක්, හැංගි හැංගි ජිවත් වෙන්නෙ.
කෙනෙක් සමලිංගිකයෙක් වුණු පමණින් කවුරු හරි කෙනෙක් එයාට ගරහනවානම් එක ගොඩාක් වැරදි. මොඩයොයි බුද්ධිමත් අයයි ගොඩාක් ලොකෙ ඉන්නවා, මොඩයො කරන මොඩ වැඩවලින් අහිංසක මිනිස්සුන්ගෙ ජිවිත සමහර වෙලාවට නැති වෙනවා. අපිට බැහැ අනිත් මිනිස්සුන්ගෙ ජිවිතවල, එයාලා උරුම කරන් ආපු වග විත්ති වෙනස් කරන්න. හොදම දෙ තමුන් වැලකෙන එක, එ පිළිබදව කවුරු හරි කෙනෙක් විමසුවොත් ඔහුට හො ඇයට කරුණු පහදා දිම, ඇයව හො ඔහුව නිවැරදි මාර්ගයට යොමු කිරිම.
කෙනෙක්ගෙ මතයකට, කෙනෙක් උරුම කරන් ආපු දේකට, කෙනෙක්ගෙ හැගිමකට ගරහන එක මනුස්සකමට නුසුදුසු දෙයක් කියලයි මම හිතන්නෙ. සමලිංගිකයින්ගෙ ක්‍රියාකරිත්වය නිසා සමාජය යම් අනතුරකට ලොකු නිරාවරණය විමක් සිදුවෙනවා,
සමලිංගිකයින් සමාජයෙ සැඟව සිටිම නිසා සමාජය කෙරෙහි ඔහුන් තුල යම් වෛරයක් ඇතිවෙනවා, අපි තවත් ඔහුන්ට ගැරහිමට ගියොත් ඔහුන්ත තුල ඇති වෛරය වැඩි විම මිසක්, අඩුවිමක් සිදුවෙන්නෙ නැහැ, මෙතනදි ඔහුන් අතර පැතිරෙන රොග සමාජයෙ අනිත් කොටස අතර ව්‍යාප්ත විමෙ ඉඩ කඩ වැඩියි.
කිසිම මිනිසෙකුට ගරහන්න එපා, එ අයට කැමති නැත්තම් ඇත් වෙලා ඉන්න,
" ආශ්‍රයට සුදුසු කෙනෙකු නැති කල්හි තනිව විසීම යහපත් "
Test Comment!
[said]
මගේ ලිපියට ලැබුණු Comments වලින් බහුතරයක්ම සමලිංගිකත්වයට පක්ෂපාතී ඒවා
[/said]
මෙතැන ඇත්තේ පක්ෂපාතීත්වය හෝ අපක්ෂපාතීත්වය පිළිබඳ ගැටළුවක් නොවේ. මා මෙතෙක් කල් පුන පුනා කිවූ පරිදිම, අනෙකුන්ට හානියක් නොවන තාක් කල් තමන්ට රිසි ඕනෑම දෙයක් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතිය තිබිය යුතුයි.
එය සමලිංගිකත්වයට නොව ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් සාධාරණයි. ඔබ අපගේ අදහස් දැක්වීම් හුදෙක් "පක්ෂපාතී" හෝ "අපක්ෂපාතී" වීම් ලෙස ලඝු කොට දකිනවා නම්, ඔබ පිළිබඳ මට ඇත්තෙන්ම කණගාටුයි.
මෙවැනි සංවේදී කාරණා පිළිබඳව හුදෙක් "පක්ෂපාතී" හෝ "අපක්ෂපාතී" වීම නොව, ගැඹුරින් විමසා බැලීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.
[said]
.මූලදී ඒක උපකල්පනයක් වුනාට පසුව ඒඩ්ස් රෝගය පිළිබඳව කරපු පර්යේෂණ වලදී හෙළි වුනා ඒඩ්ස් රෝගයේ මූලාරම්භය සිදුවූනේ සමලිංගිකත්වයෙන් කියලා.ඒ පිළිබඳව කිසිම සැකයක් ඇති කීරීමට අවශ්‍ය වෙන්නේ නැ. 200% විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒඩ්ස් රෝගයේ මූලාරම්භය සිදුවුනේ සමලිංගිකත්වය නිසා කියලා.
[/said]
මූලාශ්‍ර ලබා දෙන්න. අන්තර්ජාල ගත මූලාශ්‍රවලට ප්‍රමුඛතාව දක්වන්න.
භාහිර මූලාශ්රවල මෙලෙස සඳහන් වෙනවායැයි ප්‍රකාශ කරන විට, ඒ මුලාශ්රවලට සබැඳි එක් කිරීම වැදගත්ය.
[said]
ඒ වගේම Haru සහෝදරයා සහ budhajeewa සහෝදරයා අදහස් දක්වලා තිබ්බා සමලිංගිකත්වය නිසා අනිත් සහකරු\සහකාරියට පිඩාවක් නෙමෙයි කියලා.
[/said]
කෝ කොහෙද?
කොහොම වෙතත්, සමාජයේ බලපෑම් වලට යටත් වෙන්නේ නැතිව තමන්ගේ කැමැත්ත මත පුද්ගලයන් ක්‍රියා කරනවා නම් එතැන පීඩාවක් නැහැ. නමුත් සමාජයේ බලපෑම් වලට යටත්වී, තමන්ගේ කැමැත්තට විරුද්ධව ජීවත් වෙන්න සිදුවෙනවා නම් ඒක පීඩනයක්.
පීඩනය ගැන කතා කරමින් ඔබ සූදානම් වන්නේ සමලිංගිකයන්ව පීඩාවට පත් කිරීමයි.
Continued...
Continued...
[said]
මං කියන්නේ සමලිංගිකයින් කියන්නේ නැවත් නැවත එඩ්ස් රෝගය නිපදවන්නන්. එතකොට 100% සමලිංගිකයන්ගෙන් ඒඩ්ස් රෝගය බෝනොවෙන බව Haru සහෝදරයාට හෝ budhajeewa සහෝදරයාට කියන්න පුළුවන්ද?
[/said]
කාගේ හෝ ලිංගික ක්‍රියාවක් නිසා වෛරසයක් නිපදවිය හැකි බව ඇහුවාමයි!!! මේ කාරණාවටත් කිසියම් මූලාශ්‍රයක් තිබනවාද, ඔබ පර්යේෂණයක් කොට සොයාගත්තාද?
[said]
අද වුනත් අරක්කු සිගරට් තහනම් කරනවානම් මගේ සම්පූර්ණ සහයෝගය ඒකට ලබාදෙනවා.
[/said]
මෙවැනි මානුෂික අවශ්‍යතා තහනම් කිරීම් යනු සමාජයක දියුණුවට හේතුවන්නක් නොවේ. තහනම් කළ යුත්තේ "අපරාධ" ලෙස හැඳින්විය හැකි අනෙකුන්ට හානිකර වන චර්යාය.
මේ පිළිබඳ මගේ දැක්ම ඔබට අවබෝධ කර ගැනීම සඳහා උදාහරණයක් දක්වන්නම්:
සිගරට් තහනම් කිරීම පිළිබඳ මා විරුද්ධය; මන්ද තමන්ට අවැසි නම් සිගරට් භාවිතා කිරීමට ඕනෑම අයෙකුට ඉඩ තිබිය යුතුය. ප්‍රසිද්ධ ස්ථාන වල සිගරට් භාවිතා කිරීම තහනම් කිරීම පිළිබඳ මා එකඟය; මන්ද ප්‍රසිද්ධ ස්ථාන වල සිගරට් භාවිතයෙන් අනෙකුන්ට හානියක් වන බැවිනි.
[said]
දැන් ගැටලුව වෙලා තියෙන්නේ තවම නිතීගත වුනේ නැති නිතීගත කරන්න කියල සුළුතරයක් විසින් කියන සමලිංගිකත්වයයි.නිකම් හරි සමලිංගිකත්වය නිතීගත කළානම් සමලිංගික ක්‍රියාව තව තවත් වර්ධනය වෙනවා.
[/said]
ඔබ මිනිසුන් දෙස බලන කෝණය නිවැරදිදැයි නැවත විමසා බලන්න. ඔබ කියනා කාරණය සත්‍යනම්, පිපාසයෙන් පෙලෙන අයෙකුට වතුර දුන් විට ඔහුගේ පිපාසය අඩු වෙනවා නොව වැඩි විය යුතුයි!
නමුත් මෙවැන්නක් සිදු විය හැක. සමලිංගිකත්වය නීතිගත කළ විට - "නීතිගත කිරීම" යන යෙදුමට මම විරුද්ධය. මෙවන් මානුෂික අවැසිතා "නීතිගත කිරීම" හෝ "නීතියෙන් තහනම් කිරීම" අමනෝඥ ක්රියාවන්ය, ඒවා හුදෙක් මානව අවැසිතා පමණි. - සමාජයට බියෙන් මෙතෙක් කල් තමාගේ අවැසිතා සඟවාගෙන සිටි සමලිංගිකයින් ප්‍රසිද්ධියේ තමාගේ අනන්‍යතාවය එළිකිරීමට ඉදිරිපත් විය හැක, ඒ නොසිදුවිය යුතු මහා ව්‍යසනයක් නොවේ, සිදු විය යුත්තකි. සමාජයට බියෙන් තමන්ගේ අවැසිතා සඟවාගෙන සිටින්නන් පිරිසකට සහනයක් ලැබීමකි.
අනෙක නීතිගත කළ විට "වර්ධනය" වීමට හෝ "පැතිර යාමට" සමලිංගිකත්වය යනු රෝගයක් නොවේ. එය හුදෙක් ජීව විද්‍යාත්මක සාධක මත පදනම් වූ මානුෂික අවැසිතාවකි. ඔබ විෂමලිංගිකයෙක් වන්නා සේම ඔහු හෝ ඇයි සමලිංගිකයෙක් වෙයි. ඔබ දෙදෙනාගෙන් කවරෙකුවත් රෝගීන් නොවේ.
සමලිංගිකත්වය රෝගයක් නම්, විවිධ ඡවි වර්ණයන් හා කේශ වර්ණයන් සහිත Caucasoid, Congoid, Mongoloid ආදී මානවර්ග අතුරින් එකක් හැර අනෙකුන් රෝගීන් විය යුතුය!
[ http://en.wikipedia.org/wiki/Race_(classification_of_human_beings) බලන්න. ]
එමෙන්ම සයනයිඩ්වල සුවඳ දැනෙන හා නොදැනෙන පුද්ගලයන් දෙකොටස අතරින් එක් කොටසක් රෝගීන් විය යුතුය!
Continued...
[said]
තවත් පැත්තකින් සමලිංගිකත්වය නිතීගත කලානම් ඊට පස්සේ කියයි සමලිංගිකත්වය නිතීගත කල එකේ සතුන් සමඟ ලිංගිකව හැසිරීමේ හෙවත් බෙස්ටියැලිටි නිතීගත කරන්න කියලා.ඔහොම ඔහොම ගිහින් අන්තිමට බලහත්කරයෙන් ලිංගිකව හැසිරීම හෙවත් දූෂණය කරන්න අවසර ඉල්ලයි.
[/said]
එහෙම තත්වයක් උදාවෙන්නේ මිනිසුන් අසීමාන්තිව පීඩාවන්ට යටත් කර, මානුෂික අවශ්‍යතාවලට වැට බැඳ, මිනිසුන් කූඩු කර තබන සමාජයකදී ඇතිවන මානසික පීඩනය ඉවත් කරගන්න හදන වෑයම් වලදී මිස, නිදහස් සමාජයක නොවේ!
[said]
අනිත් එක Haru සහෝදරයා කියලා තිබ්බා සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවත් ඊට වඩා හපන් ලිංගික චාර්යාවන් පවතින බවත්. එතැනදී පොඩි සංශෝදනයක් කරන්න ඕන ඊට වඩා හපන් කියන එක වෙනුවට ඊට සමාන කියලා.
[/said]
ඒක කොහොමද "සමාන" වෙන්නේ? අයෙක් තවෙකෙක් පීඩාවට භාජනය කිරීමයි, තමන්ගේ කැමැත්ත අනුව ඊට එකඟවෙන තවෙකෙකු සමග කටයුතු කිරීමයි මොන විදියකින්ද "සමාන" වෙන්නේ? :O
[said]
සමලිංගිකත්වයේ ප්‍රතිවිපාක ගැන ලියනවානම් තව ඕන තරම් ලියන්න පුළුවන්.
[/said]
ඒවා ලියන්න. ඔබ මෙම ලිපියේ කර ඇත්තේ පෙර ලිපියේ කාරණයම නැවත පුනරුච්චාරණය කිරීමයි. මෙහි මේ සඳහා මූලාශ්‍ර ඇතැයි කීවද ඒවා කවරක්ද යන්න සඳහන් කොට නැත. එකී මූලාශ්‍ර ලබා දෙන්න.
එකම කාරණාව පුනරුච්චාරණය වෙනුවට "ඕන තරම් ලියන්න පුළුවන්" කාරණා අතරින් නව ලිපියක් ලියන්න.
[said]
අපි හැමවේලාවේම උත්සහ ගන්න ඕන අපේ අනවශ්‍ය හැඟීම් පාලනය කරන්න.
[/said]
මෙය අර්ථයක් නැති ප්‍රකාශයකි. ඔබේ ප්‍රකාශයට එකඟව සමලිංගිකයන් තමන්ගේ සමලිංගික හැඟීම් "පාලනය" කරගන්නවා නම්, අනිවාර්යයෙන් විෂම ලිංගිකයන් තමන්ගේ විෂම ලිංගික හැඟීම් "පාලනය" කර ගත යුතුය. මන්ද විෂම ලිංගිකයන්ට විෂම ලිංගික හැගීම් මෙන්, සමලිංගිකයන්ට සමලිංගික හැගීම් "අවශ්‍ය හැගීම්" වන නිසාය. සමලිංගිකයන්ට සමලිංගික හැගීම් ඇතිවීම "අනවශ්‍ය, පාලනය කළ යුතු" දෙයක් නම්, විෂමලිංගිකයන්ට විෂමලිංගික හැගීම් ඇතිවීම "අනවශ්‍ය, පාලනය කළ යුතු" දෙයක් වේ.
Continued...
Continued...
[said]
මං මෙහෙම කියන්නේ සමලිංගිකත්වය කියන්නේ අනිවාර්ය්යෙන්ම කාමයත් පදනම් කරගත් කායික හා මානසික දෙයක්. කාමයක් නැත්තම් ඒක සමලිංගිකත්වයක් නෙමෙයි.
[/said]
විෂම ලිංගිකත්වයේ පදනමත් ඕකයි. ඒ නිසා ඔබ ඔය සඳහන් කරන්නේ සමලිංගිකත්වයේ චරිත ලක්ෂණයක් නොව හුදෙක් සමස්ථ ලිංගිකත්වයේ චරිත ලක්ෂණයක්.
ඒ වගේම, "Shadow/හේමලයා" ඉදිරිපත් කළ "සමලිංගිකත්වය යනු හුදෙක්ම ලිංගික හැසිරීමක් පමණක්මද?..විරුද්ධ ලිංගිකයින් අතර ඇති ආකාරයේ ආදරය වැනි හැඟීම් ඔවුන්ට අදාල නැතිද?" ගැටළුව මමත් ඔබට ඉදිරිපත් කරනවා. එම පැනයට ඔබ ලබාදුන් පිලිතුර නැවතවරක් සමලිංගිකත්වයට නොව සමස්ථ ලිංගිකත්වයටම අදාළ වන්නක් නිසා එය පිළිගත නොහැකියි.
[said]
මගේ මේ ලිපි කියවලා සමලිංගිකයෙක් හරි සමලිංගිකයෙක් වෙන්න හිතන් ඉන්න පුද්ගලයෙක් හරි ඒ සංකල්පයෙන් මිදෙනවානම් ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්.
[/said]
and
[said]
මගේ මතය අනුව සමලිංගිකයෙක් වුනත් ඔහුගේ නොදැනුවත්භාවය නිසා තමයි ඔහු ඒ විදිහට හැසිරෙන්නේ.
[/said]
ඔබේ මේ ප්‍රකාශ ද්විත්වයෙන් මම එක දෙයක් තේරුම් ගත්තා. එනම් ඔබ සමලිංගිකත්වය යන්න තේරුම් අරන් ඉන්නේ වැරදියට. ඔබ සිතන්නේ ඔවුන්ට සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය යන තෝරාගැනීම් ද්විත්වයක් තිබී ඔවුන් සමලිංගිකත්වය තෝරාගත්තා කියාද? එසේ නම් ඔබ වැරදියි, කෙනෙකුගේ ලිංගික නැඹුරුව යමෙකුගේ උපතින්ම ලැබෙන දෙයක්. ඒ ස්වාභාවික දෙයක් මිස සමාජ විරෝධී, අපරාධකාරී ක්‍රියාවක් නොවේ.
"සමලිංගිකයෙක් වෙන්න හිතන් ඉන්න පුද්ගලයෝ" කියල කොටසක් නැහැ, එය ඔවුන් ලිංගිකව සක්‍රීය වෙන්නත් පෙර තීරණය වී අවසන්!
එය මනසින් ඉවත් කරගත හැකි "සංකල්පයක්" නොවේ. සමලිංගිකයෙකුට එසේ කළ හැකි නම් විෂම ලිංගිකයෙකුටද තමන්ගේ විෂම ලිංගික "සංකල්පයන්" ගෙන් මිදිය හැකියි!
සමලිංගිකයන්, සමලිංගිකයන් විදියට හැසිරෙන්නේ ඔවුන් එසේ නිර්මාණය වී ඇති නිසා මිස "නොදැනුවත්භාවය"ක් නිසා නොවේ!
නියම සංවාදයක් වගේ.
පස්සේ නිදහසේ ඇවිත් කියවලා කොමෙන්ට් දාන්නම්.
ලිංගිකත්වය කියන දේ අපිට තෝරල ලබා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. කෙනෙකුට විවාහයකදි තමන්ගේ සහකරු හෝ සහකාරිය තෝරගන්නව වගේ ඉපදෙද්දි තමන්ට අවශ්‍ය ලිංගිකත්වය ලබා ගන්න බැහැ. කය තමන්ට දෙන ලිංගත්වය තමයි තමන්ට භෞතිකව ලැබෙන්නේ. මනස තමන්ට දෙන ලිංගිකත්වය තමයි තමන්ට මානසිකව ලැබෙන්නේ. බහුතරයක් ජනතාවට මේ ලැබෙන ලිංගිකත්ව දෙක සමාන වෙනවා. ඒ වගේම මේ ලෝකයේ සෑහෙන ප්‍රමානයක් ඉන්නවා මේ ලිංගිකත්ව දෙක අසමාන වෙන. ඉතින් එහෙම කටිටිය පොඩි කාලෙ ඉඳන්ම කල්පනා කරන්නේ ඇයි තමන් අනිත් කට්ටියගෙන් වෙනස් කියන දේ. ගොඩක් කට්ටිය මේ වෙනස සමාජයට රහසක් විදිහට තියා ගන්නවා. මොකද සමාජය මේ වෙනස පිලිගන්න සූදානම් නැති නිසා. අනිත් කට්ටිය තම්න්ගේ වෙනසට අනුව තම්න්ගේ ජීවිතය හදා ගන්නවා. එහෙම තම්න්ගේ ජීවිතය හදා ගන්න එළියට ආපු එක්කෙනෙක් දැක්කහම ඒ වගේ අනිත් අය සතුටු වෙනවා, අපිටත් මේ වගේ එළියට ඇවිත් නිදහසේ ඉන්න පුලුවන් කියලා. නමුත් එහෙම එළියට එන්න ආත්ම ශක්තියක් නැති ගොඩක් දෙනෙක් කරන්නේ තමන්ගෙ ජීවිතය නැති කරගන්න එක. එයාලා මුලින්ම කරන්නෙ තමන් ගැන දුක් වෙන එක, ඇයි තමන්ට බහුතරයක් ජනතාව වගේ වෙන්න බැරි කියලා. ඊට පස්සෙ එයාලා සමාජයට වෛර කරන්න ගන්නවා, තමන්ව සමාජය පිලිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයාලා තමන්ට වෛර කරන්න ගන්නවා. අන්තිමට තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා.
සමාජය සමලිංගිකත්වයට කැමති නැහැ කියලා තමන්ට ඒකට තියෙන ආශාව නැති කර ගන්න බැහැ. කරන්න පුළුවන් එකම දේ තමන්ව පාලනය කරගෙන කිසිම දිනෙක ලිංගික ආස්වාදය නොලැබ ඉන්න එක. පොඩ්ඩක් හිතන්න සමාජය නිසා කෙනෙකුට මුලු ජීවිත කාලයටම තමන්ගෙ ලිංගික ආශාව සංසිඳුවා නොගෙන සිටීම ඒ මනුස්සයට කරන කොච්චර ආසාධාරණයක්ද? මම මෙතන දූෂණ වගේ දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. නිසි වයසේදි දෙන්නෙකුගෙ කැමැත්තෙන් ලිංගිකව එක්වීම සමාජය තහනම් කලයුතු නැහැ.
ඉස්සර මිනිස්සු විශ්වාස කලා වෙන වෙන ජාතීන් සමග විවාහය හා ලිංගිකව එක්වීමත් හොඳ නැහැ කියලා. මොකද එක එක ජාති වල මිනිස්සු එක එක ප්‍රදේශ වල ඉන්නේ ඒ මිනිස්සු අතර සම්බන්දතා ඇතිවිය යුතු නැති නිසා කියලා. නමුත් අද සමාජයේ විවිධ ජාතීන් අතර සිදුවන විවාහ සහ ප්‍රේම සම්බන්දතා සමන්ය විවාහ සහ ප්‍රේම සම්බන්දතා ලෙසම ගනන් ගැනෙනවා.
ඒ වගේම සමලිංගිකතා තහනම් කරන්න තවත් හේතුවක් තමයි ඔවුන්ට ළමයි හදන්න බැරි වීම. දෙදෙනෙකු කායිකව එක් වෙන්නේ ළමයි හදන්න විතරක්නම් ළමයි හදන්න බැරුව ඉන්න විවාහක පුද්ගලයන්ට නීතියෙන් වෙන් වෙන්න කියලා නීතියක් තියෙනවද?
මමනම් හිතන විදිහට මනුස්සයෙක්ගේ ලිංගිකත්වය කියන්නේ ඒ පුද්ගලයට ආවේනික දෙයක්. ඒ පුද්ගලිකත්වයට තවත් කෙනෙකුට අත දිගු කරන්න කිසිම අයිතියක් නැහැ. සමලිංගික පුද්ගලයන් කියන කොටස කොහොමත් මානසිකව සෑහෙන්න පීඩාවට ලක් වෙනවා මේ සමාජ ක්‍රමය තුල. ඉතින් එහෙම කට්ටියව තවත් පීඩාවට ලක් කරලා එයාලට ජීවිතේ නැති කර ගන්න හිතෙන තත්වයට පත් කලා කියලා මොකක්ද ලැබෙන වාසිය? ඒඩ්ස් අඩු කරන එකද? එහෙනම් ඉතින් කරන්න ඕන මුලු සමාජයටම ලිංගිකව එක්වීම තහනම් කරන එක.
තමුනුත් මේ වගේ තත්වයකට මූණ දුන්නනම් මම මේ කියන දේ හොඳට තේරෙයි. නමුත් තමුන්ගේ වාසනාවට සහ සමලිංගිකයන්ගේ අවාසනාවට තමුන් වැටෙන්නේ බහුතරයක් ජනතාවගේ කොටසට. මේ වගේ මතවාද නිසා අන්තිමට වෙන්නේ සමාජයෙන් හැමතිස්සෙම කොන් වෙන සමලිංගිකයන් තමන්ගේ ජීවිතෙන් සමු ගන්න හදන එක. ඊට පස්සේ එහෙම දෙයක් කරගන්න ගිහින් බේරුනොත් කරන්නේ, ඒකට විරුද්ධව නඩු දාන එක. ඉතින් අන්තිමට ඒ පුද්ගලයට ජීවත් වෙන්න අයිතියකුත් නැහැ. මැරෙන්න අයිතියකුත් නැහැ.
ලිංගික ඇසුරෙදි මෙන්ම සමන්ය ජීවිතයේදීත් තමන් ආරක්ෂා කාරී වෙනවනම් ලෙඩ පිලිබඳව අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ. අදටත් වැඩි ප්‍රමාණයක් ඒඩ්ස් බෝ වෙන්නේ ලිංගික ඇසුර නිසා. හැබැයි ඒ හැම ලිංගික ඇසුරක්ම සමලිංගික ඇසුරක් නෙමෙයි.
සහෝදරයා. ඔබ සමහර දේ සියයට ගණනින් ප්‍රකාශ කරන විට ඒ දත්ත ලබා ගත්ත තැන්ද සදහන් කරනවානම් ගොඩක් හොදයි.
ඔබ වෛද්‍ය විද්‍යාව ගැන ලොකුවට කතා කරනවා. එත් ඔබ දන්නවාද "ලෝක සෞඛ්‍ය සංවිධානය" සමලිංගිකත්වය ගැන කියල තියෙන දේ. ඒ සංවිධානය බටහිර රටවල් වලින් හැදුන සංවිධානයක් නෙමෙයි කියල සහෝදරයා හොදටම දන්නවා ඇතිනේ . ලෝක සෞඛ්‍ය සංවිධානයට එහා ගිහින් වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන්න ඔබට තියෙන සුදුසුකම මට කියනවද ?
HIV / ඒඩ්ස් පටන් ගත්තේ සමලින්ගිකයන්ගෙන් කියන එක ඔබට පුලුවන්නම් ඔප්පු කර පෙන්වන්න. එක්තරා යුගයක 80 දශකයේ ඇමෙරිකාවේ HIV / ඒඩ්ස් පැතිර යාම සමලිංගිකයන් අතර (නිසා නෙමෙයි) වැඩි වුණා. ඔබ දන්නවාද ඒ ඇයි කියල ?මොකද ඔවුන් කරන්නේ ගුද මාර්ගික සංසර්ගය. ගුද මාර්ගයේ ඇති මාංශ පේශි යෝනියක ඇති මාංශ පේශි වලට වඩා සියුම්. ඉතින් අනාරක්ෂිත ගුද මාර්ගික ලිංගික ක්‍රියාවන් වලදී HIV / ඒඩ්ස් පැතිරීමේ අවධානම වැඩියි. එය පිරිමියෙක් පිරිමියෙක් කලත් පිරිමියෙක් ගැහැණියෙක් කලත් එකයි. ඔබෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ දෙයක් කියන විට එය ගැන පැහැදිලිවම දැනගෙන කතා කරන්න. හේතුව මම comment එකේ අවසානයේ කියන්නම් .
ඔබ හා සමලිංගිකත්වය පිළිබධ කතා කිරීම "බිහිරි අලින්ට වීණා වාදනය කිරීමට" වඩා අමාරු කාර්යක් බව මට හැගෙනවා. මෙය පුද්ගලික මඩ ගැසීමක් නෙමෙයි. හේතුව ඔබ සිර වී සිටින ඔය රාමුවෙන් ඔබ කවදාවත්ම එලියට නොඑන නිසා. මම ඔබට කියන්නේ නැහැ සමලිංගිකත්වය පිළිගන්න කියා. මම ඔබට කියන්නේ ඒ පිලිබදව හරි තැනින් දැනගන්න කියන එකයි. ඉතින් කව්රු කුමක් ඔබට කිව්වත් එය පලක් නැහැ.
හැබැයි ඔබ වැරදි දේ සටහන් කිරීමෙන් වෙන්නේ ඔබ නොදන්නවාට වඩා භයානක දෙයක්. සමහර විට මෙය කියවන සමලින්ගිකයෙක් තමන්ගේ ජීවිතය පවා අහිමි කර ගැනීමේ තත්ත්වයට පත් විය හැකියි. පොඩ්ඩක් හිතල බලන්න. ඔබ ලියන දේ වල "මානුෂිකත්වය" කෝ ? ඔබට නොදැනෙන දේ ඔබට දැනෙන විදිහට තේරුම් ගන්න එපා සහෝදරයා. මොකද ඔබ ඒ දේ විදින්නේ නැති නිසා. ඔබට එහෙම දැනෙන්නේ නැති නිසා.
මත දරන්න. නමුත් ඔබගේ මත වලින් මිනිසුන් නොමරා මරන්න එපා. මේක බොහොම කාරුණික ආයාචනයක්.
සමහර විට ඔබ මේ comment එක පල කරන එකක් නැහැ. මගේ උත්සාහය ඒක නෙමෙයි. ඔබට පුද්ගලිකව ඇමතීමයි. මෙය පල කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
mama danna widiyata Samalingika aashawa jaana walinma upathin labena deyak lu.eka eka pudgalaya wenas.namuth danata lokuma tharjanawa wela tiyenne me wage smalingika adahas tiyana piris eyalage ashawan sansiduwa ganna podi wayas wala wagema 16, 17, 18 wage kriyakaree wayase inna lamainwa mema deta polabawa ganna eka.pudgalayek malinma labana lingika athdakimata (lingikawa dennek ekathu weema) tamailu eyala wadiyenma asa karanne.e kiyanne ape tharuna parapure kenek mulinma samalingika athdakimak nam labuwe eya kamathi digatama e wage dewal laba ganna. meka nisa tamai dinen dina me de wadi wenne.namuth me wenuwen apita karanna deyak nathi eka kanagatuwata karunak.ape nawa yowwana kollo kello mewata ikmanata purudu wenawa.special kollo dennek eka bed eke nida gatta kiyala kauruth saka karanne naa.Boys Collage wala newasika gaara wala bahulawa me wage dewal wenawaluuu.England wala 8 years wenakota sahodarayo dennata wath eka room eke inna baa. ehe nithiyen e de thahanam karala. ehema karalath UK wala Homosexual athi tharam aya karanawa..ehenam ape rata gana kawara kathada? apita me wenuwen karanna puluwan dewal bohoma adui....!!
සමලිංගික පුද්ගලයක් ඒ වගේ දෙයකින් මිදන්න පුළුවන් පාරක් හොයා දෙන්න ඔබට බුදු බව අත්වේ
මම බලා ඉන්නවා මට කව්රු හරි
උදව කරවී කියල ඔබ දන්නා හොද මනෝවදය
කෙනෙක්ග නම්බෙර් තියනවනම් දන්නා