skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

විශ්වාසනීය ආදරය

6 comments

අන්තිමට ලිපියක් ලියල මාසයකටත් වැඩිය.... මුළු ජිවිතේම ප්‍රශ්න වලින් පිරිලා..වේලාව යනවා තේරෙන්නේත් නැ....ඊට අමතරව කරන්න තියෙන වැඩ ගොඩ ගැහිලා...මොන කරන්නද අර කියමනක් තියෙනවානේ "වෙනස් වෙන ලෝකයේ නොවෙනස්ව පවතින එකම දෙය වෙනස්වීම කියලා"...ඒ මදිවට බ්ලොග් එක පටන් අරන් අවුරුද්දකුත් වුනා තවම ලිපි 64 යි... හරිම මන්දගාමී නේ? :P මොන කරන්නද, බලමු ඉදිරියවත් ටිකක් සීඝ්‍රගාමී වෙන්න ඕන ;) ළඟදී බ්ලොග් කරුවන්ගේ සුහද හමුවත් තිබ්බා. යන්න වුවමනාව තිබ්බට කලින් සැලසුම් කරපු නැති හින්දා ඒකත් අරහං වුනා. හරිම දුකයි ෆුල් ට්‍රයි එකක් දෙනවා ලබන පාරේ යන්න.

ළඟදී අහන්න ලැබුනා පොඩි කතාවක් .හරිම ලස්සනයි..ඔයගොල්ලොත් කියවලා බලන්නකෝ...

පාලමක් උඩින් යන ගමන් තාත්තා තමන්ගේ පොඩි පුතාට මෙහෙම කියනවා " පුතේ, මගේ අතින් අල්ලගන්න එතකොට ඔයාට බයනැතිව ඟගට වැටෙන්නෙ නැතුව යන්න පුළුවන්."

එතකොට පොඩි එකා මෙහෙම කියනවා "නැ, තාත්තේ ඔයා මගේ අතින් අල්ලගන්න"

තාත්තා අහනවා "මොකක්ද වෙනස? " කියලා.

එතකොට පොඩි එකා කියනවා" ලොකු වෙනසක් තියෙනවා . මම තාත්තාගේ අතින් අල්ලා ගත්තෝත් මට මොනා හරි වුනොත් අත අතහැරී වැටෙන්න ඉඩ වැඩියි. ඒත් මම දන්නවා තාත්තා මගේ අතින් අල්ල ගත්තෝත්
මොනා වුනත් තාත්තා මගේ අත අතහරින්නේ නැ බව,"

හැම සම්බන්ධයකම විශ්වාසය තියෙන්න ඕන ඒක තදින් අල්ලා ගන්න එක නෙමෙයි එකේ ඇති විශ්වාසනීය බැඳීම මතයි. ඒ නිසා ඔයගොල්ලෝ ආදරය කරන කෙනාගේ අත ඔයගොල්ලෝ විසින් අල්ලා ගන්න ඕන මිසක් ඔයගොල්ලන්ව අල්ලාගන්න තෙක් ඉන්න එපා. <3

අලුත් අවුරුද්දට කලින් පොඩි අලුත් අවුරුදු තැග්ගක් එක්ක ඔය ගොල්ලන්ව නැවත හමුවෙනතුරු තාවකාලිව සමුගන්නවා..... ආයු බෝ වේවා!!!!


9:18 AM



6 responses to "විශ්වාසනීය ආදරය"

  1. Anonymous said...
    December 20, 2010 at 2:06 PM

    මමත් නම් මේක කලින් අහල තියෙනවා... ඔයා කියන එක ඇත්ත.. හැම බැදිමක්ම රදා පවතින්නේ විශ්වාසය මත... ඔයාටත් සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක්...

    uS said...
    December 21, 2010 at 9:47 AM

    ඔයාටත් අත්දැකීම් තියෙනවා වාගේ ;)
    ඔයාටත් සුභම සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා!!!

    නෙරංජි සුලක්ඛනා said...
    December 23, 2010 at 11:09 PM

    හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....

    මෙහෙමයි...ලිපි ‍නෙවෙයි වැඩි විය යුත්තේ අන්තර්ගත කරුණු සාරවත් නම් ඒක හොද දෙයක්....

    uS said...
    December 24, 2010 at 11:34 AM

    බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට :)

    රවා said...
    December 29, 2010 at 6:33 AM

    ලස්සනයි. මෙක සුපිරි ඇත්තක්... :D
    කතාව මෙතනදි ඇහැව්වෙ :D

    uS said...
    January 2, 2011 at 3:24 AM

    ඔයාටත් අත්දැකීම් තියෙනවා වගේ :P
    බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට :)
    හැමෝටම සුභ නව වසරක් වේවා!


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ▼  December (3)
        • ලැබුවාවු නව වසරේ පළමු පියවර තබමු!!!!!!!
        • ගමරාළ කිරි දොවාගත්ත හැටි [අති:වැඩිහිටියන්ට පමණයි]
        • විශ්වාසනීය ආදරය
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft