skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

බලු සංගමයේ තීරණය

7 comments



ඔයගොල්ලෝ හැමෝම දන්න දෙයක් තමයි තාප්පයකට හරි ලයිට් කණුවකට හරි වෙන මොකකට හරි හේත්තු වෙලා බල්ලෝ මුත්‍රා කරනකොට, බල්ලො උන්ගේ එක කකුලක් උස්සලා අර තාප්පයේ හරි ලයිට් කණුවේ හරි තියාගන්නවා.

ඇයි බල්ලෝ මෙහෙම කරන්නේ කියලා හොයගෙන යනකොට මට ලැබුණ තොරතුර තමයි මේක .

මේක සිද්ධ වෙලා තියෙන්නේ 1880 ගණන් වල එංගලන්තයේදී. ඒ කාලේ හිටපු බල්ලෝ මුත්‍රා කරනකොට කකුල් ඉස්සුවේ නෑලූ. හරක් එහෙම මුත්‍රා කරන විදිහට තමයිලු ඒ කාලේ බල්ලෝ මුත්‍රා කලේ. දවසක් පරණ තාප්පයක් අයිනේ බලු සංගමයේ ඉහළ නිලයක් දරන බල්ලෙක් සාමාන්ය විදිහට මුත්‍රා කරන් ඉන්නකොට අර තාප්පය කඩන් වැටිලා ඒ බල්ලා එතනම මිය ගියාලු. මේ සිදුවීමෙන් කලකිරීමට පත් බලු සංගමය හදිසි රැස්වීමක් කැඳවලා මින් පස්සේ මෙවැනි ක්‍රියා සිදුනොවන්නට ගත හැකි ක්‍රියා මාර්ගයක් ගැන කල්පනා කළාලු. එතන හිටපු බල්ලෝ එක එක බලු අදහස් දුන්නට එකක්වත් බහුතර මතයට කැමති එකක් වුනේ නෑ.

අන්තිමෙදී එතන හිටපු තරුණ බල්ලෙක් කිව්වා " සභාවෙන් අවසරයි.මවැනි අවාසනාවන්ත සිදුවීමක් ආයෙත් සිදුනොවෙන්න නම් මින්පස්සේ අපි මුත්‍රා කරනකොට මුත්‍රා කරන ස්ථානයේ තියෙන තාප්පය හෝ ලයිට්කණුව බිම වැටෙන එක වැළැක්වෙන විදිහට අපේ එක කකුලක් උස්සලා තාප්පය හෝ ලයිට් කණුව මත අධාරකයක් වශයෙන් තියන්න ඕන."

මේ අදහස් එම සභාවේ සිටි සියලුදෙනාම ඒකමතිකව පිළිගත්තා. ඒදා ඉදන් ලෝකේ හැම රටකම බල්ලෝ මේ ක්‍රියාව අනුගමනය කරනවා.


10:23 AM



...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.)

4 comments


Kawaski Bike for SALE!!!

KDX 125
21000 Km Done
Unregistered
Disk x 2 Sport
Rs. 130,000/=

වැඩි විස්තර සඳහා
Rimaz : 077 660 9103


2:09 AM



Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක

16 comments


ඔයා දුන්නු ඔක්කෝම දුක
Compress කරලා
Capacity අඩු මගේ
Hard එකට
දැම්මේ
බොහෝම අමාරුවෙන්
වෙන අය වගේ
Partition
කරන්න පුළුවන්නම්
ඔයා දුන්නු දුක මම
Care කරන්නේ නෑ
සමහර
Files Delete කරන්නත් බෑ
System Files
Vertual Memory අඩු වුනාම
මාව බාගෙට පිස්සෙක් වෙනවා
මොකද දන්නවාද
මගේ හදවතට පණ කියලා
ජාතියක් තියන හින්දා


8:52 AM



අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.

3 comments


ලැප්ටොප් මෙන්ම ඩෙස්ක්ටොප් පරිඝණකවල අලෙවිය මේ වන විට එක්තරා මට්ටමකට පහළ බැස ඇත. ඒ වෙනුවට ලෝකයේ වැඩිපුරම අලෙවි වන පරිඝණක වර්ගය වන්නේ නෙට්බුක් පරිඝණකයි. මෙම නෙට්බුක් පරිඝණක රැල්ලට අලුතින්ම එක්වු සාමාජිකයා වන්නේ Intex Technologies ආයතනයයි.

ඔවුන්ගේ පළමු නෙට්බුක් පරිඝණකය පසුගිය වසරේ අගෝස්තු මාසයේ වෙළෙඳපොළට හඳුන්වාදෙන ලදී. කිලෝග්‍රෑම් 1.2 ක බරකින් යුත් මෙය නම්කර තිබුණේ Intex N101-WC1100 යන නමිනි. සාමාන්ය නෙට්බුක් පරිඝණකයක් ලෙස පෙනුණත් ලෝකයේ වැඩිම අලෙවියක් ඇති පරිඝණක බවට මෙය පත්වී ඇත. මෙයට හේතුව වන්නේ මිලෙන් අඩුවීමත් වර්ණ මාදිලි දෙකකින් මෙම පරිඝණකය ලබාගත හැකිවීමත්ය. එසේම මෙහි තිබෙන අඟල් 10.1 ක විශාලත්වයකින් යුත් LED Display එකද මෙහි අලෙවිය සඳහා බලපා ඇත.

1.6GHz ක වේගයකින් යුත් ඉන්ටෙල් ඇටම් ව්‍රගයේ ප්‍රොසෙසරයක්, ගිගාබයිට් 1 ක ධාරිතාවකින් යුත් Ram එකක්, මෙගාපික්සෙල් 1.3 වෙබ් කැමරාවක් මෙන්ම ගිගාබයිට් 160 ක ධාරිතාවකින් යුත් Hard Disk එකක් මෙහි සවිකර තිබෙනවා. මයට අමතරව WiFi පහසුකම සහ Memory Card එකක් සහ USB Port දෙකක් ද මෙම පරිඝණකයේ තිබෙනවා.

මෙම නෙට්බුක් වර්ගයේ පරිඝණකයේ භාවිතා වන බැටරියට පැය හතරකට සෑහෙන තරමේ විදුලි ගබඩා කර තබාගත හැක. මෙම නෙට්බුක් පරිඝණකය පසුගිය අගෝස්තු මස වෙළෙඳපොළට හඳුන්වාදීමේදී මිල වූයේ US $ 400 කි එනම් රුපියල් 44,500 කට ආසන්න මුදලකි. අද වන විට මෙම පරිඝණකයේ මිල බොහෝසෙයින් අඩුවී තිබේ.


9:50 AM



Happy Valentines Day!!!1

2 comments


Keep Love in Valentines Day..
Happy Valentines Day!!!


4:17 AM



මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆා" වසා දමයි.

1comments



ලොව උසම ගොඩනැගිල්ල ලෙස පසුගිය ජනවාරි 4 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්යයේ විවෘත කෙරුණු "බර්ජ් කලීෆා" ගොඩනැගිල්ලේ බලශක්ති සැපයුමේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා හා බලාපොරොත්තු නොවූ පරිදී ගොඩනැගිල්ල තුල ඇති වූ තදබදය හේතුවෙන් "බර්ජ් කලීෆා" ගොඩනැගිල්ල වසා දමයි.


10:20 AM



විවාහය

3 comments


...::විවාහය::...

එලඹෙන තුරු
ඉවසිල්ලක් නැති
එලඹුනු දින....
මියයන තුරු
ගැලවිල්ලක් නැති
ලොව එකම එක පටලැවිල්ල


10:43 AM



ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට

7 comments


අන්තර්ජාලයේ සැරිසරද්දී මට හම්බවුනා අපූරු පිංතූරයක්. ඒ තමයි ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්යයේ පිහිටා තිබෙන ලොව උසම ගොඩනැගිල්ල වන "බර්ජ් කලීෆා" හි උඩම තට්ටුවේ සිට ගත් අපූරු ඡායාරූපයක්...



11:52 AM



මිය යනවා.....

2 comments

මිය යනවා.....


මුළින්ම පාසැල් අධ්යාපනය අව්සන් කරලා විශ්ව විද්යාලයට යන්න මැරුනා
උපාධිය අවසන් කරන්න මැරිලා රස්සාවක් කරන්න පටන් ගත්තා
පස්සේ විවාහ වෙන්න මැරිලා ළමයි හැදුවා
පස්සේ ළමයි ලොකු වෙනකන් ඔවුන් වෙනුවෙන් මැරුනා
තව වැඩ කරන්න පුළුවන් වුනත් විශ්‍රාම ගන්න මැරුනා
දැන් මම ඇත්තටම මියයනවා

ක්ෂණිකව හිතට ආවා මට ජීවත් වෙන්න අමතක වුනා නේද කියලා.

මේ දේ ඔබට සිද්ධ වෙන්න දෙන්න එපා
වර්ථමාන තත්වයේ අගය තේරුම් අරන් සැමදා විනෝදයෙන් ඉන්න.
මහළු යාළුවා

සල්ලි හොයන්න ගිහින් ශරීර සෞඛ්ය නැතිවෙලා ලෙඩ වෙනවා
ලෙඩ හොඳකරගන්න ගිහින් සල්ලි නැතිවෙනවා
කවදාවත් මැරෙන්නේ නැති විදිහට අපි ජීවත් වෙනවා
කවදාවත් ජීවත් වුනේ නැති විදිහට අපි මැරෙනවා


9:41 AM



ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව

0 comments


සෝමාලියාව කලෙකට ඉහත නැගෙනහිර අප්‍රිකාවේ බලවත් රටක්ව තිබිණි.එහි මොගඩිෂු අගනුවර පැරැණි වෙළෙඳ මධ්යස්ථානයකි. එසේ වූවද අද එය ආණ්ඩුවක් නොමැති රටක් බවට පත්ව ඇත. එහි නීත්යානුකූල ආණ්ඩුවක් නාමිකව ඇතත් එහි බලය කුඩා ප්‍රදේශයකට සීමාවී තිබේ. රටේ විශාල භූමි ප්‍රදෙශයක් පාලනය කරන්නේ අවිගත් කණ්ඩායමක් විසිනි.

කිසි දිනෙක සම්පූර්ණ යටත් විජිතයක්ව නොපැවති සෝමාලියාව නවසීය පනස් ගණන් වල පැවතියේ බ්‍රිතාන්ය අධිරාජ්යයේ ආරක්ෂිත ප්‍රදේශ දෙකක් වශයෙනි. 1960 දී වත්මන් සෝමාලියාව ගොඩ නැගෙන්නේ එම ප්‍රදේශ දෙක එක් කිරීමෙනි.

එරටෙහි වාමාංශික රජයක් බලයට පත්වීම 1976 දී සිදුවන අතර 1991 ජනවාරි දක්වා සෝමාලියාව පාලනය වන්නේ එම රජය යටතේය.

සෝමාලියාවේ වාමාංශික රජය 1991 ජනවාරියේ පෙරළා දමන්නේ සන්නද්ධ කණ්ඩායක් තුනක එකතුවෙනි. සෝමාලියාව රැකගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ , එක්සත් සෝමාලි කොන්ග්‍රසය, සෝමාලි දේශප්‍රේමි පෙරමුණ එක්ව සෝමාලියාවේ වාමාංශික ආණ්ඩුව පෙරළා දැමුවද නව රජයක් පිහිටුවීමේදී එකඟත්වයක් ඇතිකර ගත නොහැකි විය.

එම තත්වය අද වන විට අභ්යන්තර සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති අතර එරටෙහි එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබෙන්නේ තත්වය යම්තාක් දුරකට පාලනය කිරීම සඳහාය.


6:30 AM



Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.

2 comments

වර්තමානයේ තාක්ෂණය සීඝ්‍ර ලෙස දියුණු වෙමින් පවතී. මෙය ඔප්පු කරමින් මෑතකදී සිදුවූ නවතම තාක්ෂණික පෙරළිය පිළිබදවයි මෙම සටහන....

ලොව HDTV තාක්ෂණයේ ප්‍රමුඛයා වන සමාගම පසුගිය මාසයේදී තවත් ඉදිරි පිම්මක් තැබුවේය. එනම් අඟල් 152ක දිගින් යුත් ලොව විශාලතම 4k x 2k (4096x2160) Definition Full HD 3D Plasma Display ක් ලොවට හඳුන්වාදිමත් සමඟිනි.ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති තාක්ෂණික වෙළෙඳ ප්‍රදර්ශනයේදී මෙය එළි දක්වන ලදී.

විශිෂ්ට කාර්යක්ෂමතාව, සාමාන්ය Plasma Display එකකට සාපේක්ෂව රූපවල ඇති පැහැදිලිතාවය සිව් ගුණයකින් වැඩි බව, අධිවේගි 3D Drive තාක්ෂණය යන ගුණාංග වලින් මෙය සමන්විත වීමද සුවිශේෂී කරුණකි. මෙහි දසුන් නරඹන ප්‍රේක්ෂකයාට සැබෑ 3D Movie Theater අත්දැකිමක් ලබාගත හැකි බව Panasonic සමාගමේ අදහසයි. මෙය අනර්ඝ Picture Quality කින් යුතු විමද ඊට උපකාරී වී තිබේ.


11:21 AM



62 වැනි නිදහස් දිනය

0 comments



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 62 වැනි නිදහස් දිනය අභිමානවත් ලෙස සමරමු.


7:14 AM



ගැහැණු නුවණ

4 comments


දිනක් එක්තරා තරුණ කාන්තාවක් ස්වර්ණාභරණ වෙළෙඳසලකට ගොඩ වැදුණාය. ජැන්ඩියට ඇඳ පැළද සිටි ඈ කතා බහ කලේ රුපියල් විසිතිස් දාහක ආභරණ මිල දී ගැනීමට පැමිණියාක් මෙනි. පැයක් හමාරක් රන් භාණ්ඩ අතපත ගාමින් සිටි ඇය අවසානයේදී රුපියල් දාහක් වටිනා මුද්දක් තෝරාගෙන ඊට මුදල් ගෙවා පිටව ගියාය.

පසුවදා ද එම වෙළඳසැලට පැමිණි ඇය පෙර දින ගෙන ගිය මුද්ද මාරු කරගත හැකි දැ යි විමසුවාය."ආ ඒකට මොකද! එහෙනම් නෝනා වෙන එකක් තෝරා ගන්නකෝ." මුද්ද ආපසු බාරගනිමින් වෙළෙන්දා පැවසී ය.

එවර රුපියල් දෙදෙහසක් වටිනා මුද්දක් තෝරාගත් ඇය " බොහෝම ස්තූතියී මුදලාලි" කියමින් පිටවී යන්නට සැරසුණාය.
"මේ නෝනා, ඉතිරි රුපියල් දාහ දීලා යන්න" කලබලයට පත් වෙළෙන්දා ඇය පසුපස දිව ගියේය.

ගමන නවතා ආපසු හැරී වෙළෙන්දා දෙස ආඩම්බර බැල්මක් හෙළු ඈ මෙසේ පවසා යන්නට ගියාය."ඇයි මුදලාලි මං කලින් දවසේ රුපියල් දාහක් ගෙවුවා. අද රුපියල් දාහක් වටින මුද්දක් දුනනා.එතකොට රුපියල් දෙදාහ හරිනේ."
මේ පිළිතුර අසා වෙළෙන්දා අන්දුන් කුන්දුන් විය.

අමාරුවේ නොවැටී සිටීමට නම් ඔහු කළ යුතුව තිබුනේ කුමක්ද?
*
*
*
කාන්තාව ආපසු ගෙන ආ මුද්දේ වටිනාකම ඇයට ගෙවා නැවත මුද්දක් තෝරා ගන්නට කීවා නම් ඔහු අමාරුවේ වැටෙන්නේ නැත.


"ගණිතයයි විනෝදයයි" කෘතිය ඇසුරෙන්...


11:41 AM



දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....

0 comments

මගේ බ්ලොග් එකේ නම වුනේ මතවාද ඒත් මට කල් ගිහිල්ලා ආයුබෝවන් කියන නමට කැමැත්තන් තිබ්බ හින්දා ආයුබෝවන් කියලා දැම්මා. මං ඊයේ Sinhala Blogs කියවන් ඉන්නකොට මට හම්බවුනා ආයුබෝවන් කියලා තවත් බ්ලොග් එකක්.බ්ලොග් එකOpen කරලා බැලුවා. එයා හුඟ දවසක හිදලා ආයුබෝවන් කියන නමින්ම බ්ලොග් එක කරගෙන යනවා වගේ. මගේ බ්ලොග් එකේ නමත් ආයුබෝවන් කියලා පවත්වාගෙන යන එක ඒ සහෝදරයාටත් අසාධාරණයක් වගේම මගේ බ්ලොග් එක කියවන ඔයගොල්ලනටත් මගේ බ්ලොග් එක හඳුනා ගන්න අමාරු වෙනවා.ඒ හින්දා මං හිතුවා මගේ බ්ලොග් ඉදිරියට මතවාද කියන නමින්ම පවත්වාගෙන යන්න.
මගේ බ්ලොග් එකේ Address එකත් www.mathavada.blogspot.com හින්දා ආයෙත් නම් මේ වගේ ප්‍රශ්නයක් එයි කියලා මං හිතන්නේ නෑ.
එහෙනම් මීට පස්සේ මගේ බ්ලොග් එකේ නම
මතවාද~ පක්ෂ ....විපක්ෂ .

ස්තූතීයී


11:22 AM



Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ▼  February (14)
        • බලු සංගමයේ තීරණය
        • ...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.)
        • Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක
        • අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.
        • Happy Valentines Day!!!1
        • මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆ...
        • විවාහය
        • ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට
        • මිය යනවා.....
        • ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව
        • Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.
        • 62 වැනි නිදහස් දිනය
        • ගැහැණු නුවණ
        • දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft