skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ගැහැණු නුවණ

4 comments


දිනක් එක්තරා තරුණ කාන්තාවක් ස්වර්ණාභරණ වෙළෙඳසලකට ගොඩ වැදුණාය. ජැන්ඩියට ඇඳ පැළද සිටි ඈ කතා බහ කලේ රුපියල් විසිතිස් දාහක ආභරණ මිල දී ගැනීමට පැමිණියාක් මෙනි. පැයක් හමාරක් රන් භාණ්ඩ අතපත ගාමින් සිටි ඇය අවසානයේදී රුපියල් දාහක් වටිනා මුද්දක් තෝරාගෙන ඊට මුදල් ගෙවා පිටව ගියාය.

පසුවදා ද එම වෙළඳසැලට පැමිණි ඇය පෙර දින ගෙන ගිය මුද්ද මාරු කරගත හැකි දැ යි විමසුවාය."ආ ඒකට මොකද! එහෙනම් නෝනා වෙන එකක් තෝරා ගන්නකෝ." මුද්ද ආපසු බාරගනිමින් වෙළෙන්දා පැවසී ය.

එවර රුපියල් දෙදෙහසක් වටිනා මුද්දක් තෝරාගත් ඇය " බොහෝම ස්තූතියී මුදලාලි" කියමින් පිටවී යන්නට සැරසුණාය.
"මේ නෝනා, ඉතිරි රුපියල් දාහ දීලා යන්න" කලබලයට පත් වෙළෙන්දා ඇය පසුපස දිව ගියේය.

ගමන නවතා ආපසු හැරී වෙළෙන්දා දෙස ආඩම්බර බැල්මක් හෙළු ඈ මෙසේ පවසා යන්නට ගියාය."ඇයි මුදලාලි මං කලින් දවසේ රුපියල් දාහක් ගෙවුවා. අද රුපියල් දාහක් වටින මුද්දක් දුනනා.එතකොට රුපියල් දෙදාහ හරිනේ."
මේ පිළිතුර අසා වෙළෙන්දා අන්දුන් කුන්දුන් විය.

අමාරුවේ නොවැටී සිටීමට නම් ඔහු කළ යුතුව තිබුනේ කුමක්ද?
*
*
*
කාන්තාව ආපසු ගෙන ආ මුද්දේ වටිනාකම ඇයට ගෙවා නැවත මුද්දක් තෝරා ගන්නට කීවා නම් ඔහු අමාරුවේ වැටෙන්නේ නැත.


"ගණිතයයි විනෝදයයි" කෘතිය ඇසුරෙන්...


11:41 AM



4 responses to "ගැහැණු නුවණ"

  1. බිඟූ said...
    February 1, 2010 at 7:09 PM

    හා... හා.. හා...

    ඕකනේ කියන්නේ ගැහැණු මොලේ හැඳිමිටේ ගානට කියලා.
    ඔය කියන හැන්ද හෙන ලොකු එකක් වෙන්න ඕනෑ...


    මේ වගේම කතාවක් මම දෙමළ බයිස්කෝප් එකක දැක්කා. ඒකෙනම් කෙහෙල් ගෙඩි 2ක් ගැනයි කතාව.
    `
    /බිඟුවා...!

    Thameera said...
    February 2, 2010 at 12:15 AM

    මේ වගේ වැඩවලට නම් ගෑණුන්ට හොඳට මොළේ තියෙනවා :D

    ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...
    February 2, 2010 at 4:43 AM

    ලංකාවේ වෙලෙන්දෙක්ට ඔය වගේ කතාවක් කිව්වොත් අහගන්න පුළුවන් හොඳට :P

    දොඩන් said...
    February 19, 2010 at 5:16 AM

    ඔව් ඔය වෙළෙන්ද ලංකාවෙ නං වෙන්න බෑ. වෙන රටක මෝඩයෙක් වෙන්න ඇති. අපේ රටේ උන්ට ඔහොම කරන්න ගියොත් හම්බු වෙන කතාටික ඉතිං ඒ වාගෙ දෙයක් කරලම අහගත්තැහැකි.


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ▼  February (14)
        • බලු සංගමයේ තීරණය
        • ...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.)
        • Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක
        • අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.
        • Happy Valentines Day!!!1
        • මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆ...
        • විවාහය
        • ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට
        • මිය යනවා.....
        • ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව
        • Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.
        • 62 වැනි නිදහස් දිනය
        • ගැහැණු නුවණ
        • දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft