skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.

3 comments


ලැප්ටොප් මෙන්ම ඩෙස්ක්ටොප් පරිඝණකවල අලෙවිය මේ වන විට එක්තරා මට්ටමකට පහළ බැස ඇත. ඒ වෙනුවට ලෝකයේ වැඩිපුරම අලෙවි වන පරිඝණක වර්ගය වන්නේ නෙට්බුක් පරිඝණකයි. මෙම නෙට්බුක් පරිඝණක රැල්ලට අලුතින්ම එක්වු සාමාජිකයා වන්නේ Intex Technologies ආයතනයයි.

ඔවුන්ගේ පළමු නෙට්බුක් පරිඝණකය පසුගිය වසරේ අගෝස්තු මාසයේ වෙළෙඳපොළට හඳුන්වාදෙන ලදී. කිලෝග්‍රෑම් 1.2 ක බරකින් යුත් මෙය නම්කර තිබුණේ Intex N101-WC1100 යන නමිනි. සාමාන්ය නෙට්බුක් පරිඝණකයක් ලෙස පෙනුණත් ලෝකයේ වැඩිම අලෙවියක් ඇති පරිඝණක බවට මෙය පත්වී ඇත. මෙයට හේතුව වන්නේ මිලෙන් අඩුවීමත් වර්ණ මාදිලි දෙකකින් මෙම පරිඝණකය ලබාගත හැකිවීමත්ය. එසේම මෙහි තිබෙන අඟල් 10.1 ක විශාලත්වයකින් යුත් LED Display එකද මෙහි අලෙවිය සඳහා බලපා ඇත.

1.6GHz ක වේගයකින් යුත් ඉන්ටෙල් ඇටම් ව්‍රගයේ ප්‍රොසෙසරයක්, ගිගාබයිට් 1 ක ධාරිතාවකින් යුත් Ram එකක්, මෙගාපික්සෙල් 1.3 වෙබ් කැමරාවක් මෙන්ම ගිගාබයිට් 160 ක ධාරිතාවකින් යුත් Hard Disk එකක් මෙහි සවිකර තිබෙනවා. මයට අමතරව WiFi පහසුකම සහ Memory Card එකක් සහ USB Port දෙකක් ද මෙම පරිඝණකයේ තිබෙනවා.

මෙම නෙට්බුක් වර්ගයේ පරිඝණකයේ භාවිතා වන බැටරියට පැය හතරකට සෑහෙන තරමේ විදුලි ගබඩා කර තබාගත හැක. මෙම නෙට්බුක් පරිඝණකය පසුගිය අගෝස්තු මස වෙළෙඳපොළට හඳුන්වාදීමේදී මිල වූයේ US $ 400 කි එනම් රුපියල් 44,500 කට ආසන්න මුදලකි. අද වන විට මෙම පරිඝණකයේ මිල බොහෝසෙයින් අඩුවී තිබේ.


9:50 AM



3 responses to "අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී."

  1. ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...
    February 13, 2010 at 6:41 PM

    අනේ සාධු, අපිටත් ලැපක් ගන්න හම්බෙනවනම් එච්චරයි :D

    Madhawa Habarakada said...
    February 14, 2010 at 5:15 AM

    මම හිතන්නෙ, සියළුම නෙට් බුක්ස් වල ඔය කියන පහසුකම් ටික තියෙනව. එහෙම නේද?

    uS said...
    February 16, 2010 at 9:13 AM

    @ ඉශාන් තිලිණ
    ලැපක් නෙමෙයි ඊට වැඩිය වටින දේවල් ඔයාට ජිවීතයේදී හම්බවෙයි

    @ Madhawa Habarakada
    ඔව්. එත් මේකට සාපේක්ෂව අනෙක් ඒව වල මිල වැඩියි


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ▼  February (14)
        • බලු සංගමයේ තීරණය
        • ...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.)
        • Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක
        • අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.
        • Happy Valentines Day!!!1
        • මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆ...
        • විවාහය
        • ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට
        • මිය යනවා.....
        • ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව
        • Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.
        • 62 වැනි නිදහස් දිනය
        • ගැහැණු නුවණ
        • දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft