skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

බලු සංගමයේ තීරණය

7 comments



ඔයගොල්ලෝ හැමෝම දන්න දෙයක් තමයි තාප්පයකට හරි ලයිට් කණුවකට හරි වෙන මොකකට හරි හේත්තු වෙලා බල්ලෝ මුත්‍රා කරනකොට, බල්ලො උන්ගේ එක කකුලක් උස්සලා අර තාප්පයේ හරි ලයිට් කණුවේ හරි තියාගන්නවා.

ඇයි බල්ලෝ මෙහෙම කරන්නේ කියලා හොයගෙන යනකොට මට ලැබුණ තොරතුර තමයි මේක .

මේක සිද්ධ වෙලා තියෙන්නේ 1880 ගණන් වල එංගලන්තයේදී. ඒ කාලේ හිටපු බල්ලෝ මුත්‍රා කරනකොට කකුල් ඉස්සුවේ නෑලූ. හරක් එහෙම මුත්‍රා කරන විදිහට තමයිලු ඒ කාලේ බල්ලෝ මුත්‍රා කලේ. දවසක් පරණ තාප්පයක් අයිනේ බලු සංගමයේ ඉහළ නිලයක් දරන බල්ලෙක් සාමාන්ය විදිහට මුත්‍රා කරන් ඉන්නකොට අර තාප්පය කඩන් වැටිලා ඒ බල්ලා එතනම මිය ගියාලු. මේ සිදුවීමෙන් කලකිරීමට පත් බලු සංගමය හදිසි රැස්වීමක් කැඳවලා මින් පස්සේ මෙවැනි ක්‍රියා සිදුනොවන්නට ගත හැකි ක්‍රියා මාර්ගයක් ගැන කල්පනා කළාලු. එතන හිටපු බල්ලෝ එක එක බලු අදහස් දුන්නට එකක්වත් බහුතර මතයට කැමති එකක් වුනේ නෑ.

අන්තිමෙදී එතන හිටපු තරුණ බල්ලෙක් කිව්වා " සභාවෙන් අවසරයි.මවැනි අවාසනාවන්ත සිදුවීමක් ආයෙත් සිදුනොවෙන්න නම් මින්පස්සේ අපි මුත්‍රා කරනකොට මුත්‍රා කරන ස්ථානයේ තියෙන තාප්පය හෝ ලයිට්කණුව බිම වැටෙන එක වැළැක්වෙන විදිහට අපේ එක කකුලක් උස්සලා තාප්පය හෝ ලයිට් කණුව මත අධාරකයක් වශයෙන් තියන්න ඕන."

මේ අදහස් එම සභාවේ සිටි සියලුදෙනාම ඒකමතිකව පිළිගත්තා. ඒදා ඉදන් ලෝකේ හැම රටකම බල්ලෝ මේ ක්‍රියාව අනුගමනය කරනවා.


10:23 AM



7 responses to "බලු සංගමයේ තීරණය"

  1. Anonymous said...
    February 27, 2010 at 7:55 PM

    ආහ් එතකොට බල්ලො නිදා ගන්න කලින් 3 පාරක් වටේට කැරකෙන්නෙ මොකෝ ?

    දුකා said...
    February 27, 2010 at 8:50 PM

    ela ela . . . hik hik

    ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...
    February 27, 2010 at 8:52 PM

    මේකනම් මාර බලු කතාවක් :p

    ප්‍රියන්ත කරුණාරත්න said...
    February 28, 2010 at 4:14 AM

    පට්ට

    ~ChAnDiKa~ said...
    February 28, 2010 at 8:08 PM

    ela ela....

    Dinesh_Silva said...
    March 4, 2010 at 3:17 PM

    In this same meeting there had been a disgusting smell. So One dog suggested, next day before the meeting everybody has to remove their backside before entering into the hall. They all agreed to that and one day all of a sudden there had been an earthquake. Everyone ran away by just grabbing any backside from the entrance. That’s why still when a dog meets a new dog, it smell others backside to see whether it has his one.

    Hasitha Gunasinghe said...
    April 16, 2010 at 9:19 PM

    නියම බලුම බලු කතාවක්


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ▼  February (14)
        • බලු සංගමයේ තීරණය
        • ...::දැන්වීමයි::....(මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.)
        • Boot කාපු කොල්ලෙකුගේ Hard Disk එක
        • අඩු මිල වැඩ වැඩි නෙට්බුක් එළිදකී.
        • Happy Valentines Day!!!1
        • මෑතකදී විවෘත කෙරුණු ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆ...
        • විවාහය
        • ලොව උසම ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ සිට
        • මිය යනවා.....
        • ආණ්ඩුවක් නැති රටක් සෝමාලියාව
        • Panasonic සමාගම HDTV ලොව විශාලතම රූපවාහිනිය නිපදවයි.
        • 62 වැනි නිදහස් දිනය
        • ගැහැණු නුවණ
        • දැන්වීමයි!!! බ්ලොග් එකේ නම වෙනස් වුනා.....
      • ►  January (22)
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft