හොඳම ගුණාංගය
ළමයි 18 දෙනෙකු සිටි මවකගෙන් පුවත්පත් වාර්තාකරුවෙක් මෙසේ ඇසුවේය.
"ඔබ මවක වශයෙන් ඔබගේ සැමියා තුළ දකින හොඳම ගුණාංගය කුමක්ද?"
"සෑම දෙයක්ම ඔහු ප්‍රමාණයට කරන එක!" යි ඇය පිළිතුරු දුන්නාය.
එකට එක
ළමුන් දෙදෙනෙක් තම දෙමව්පියන්ගේ කියුම් කෙරුම් ගැන පාරට්ටු කරමින් සිටියෝය.
පළමු ළමයා: ඔයා සුවස් ඇළ ගැන අහලා තියෙනවාද?
දෙවන ළමයා: ඔව්, මං අහලා තියෙනවා.
පළමු ළමයා: ඒක හෑරුවේ අපේ තාත්තා.
දෙවැනි ළමයා: ඕක මොකක්ද? ඔයා මළ මුහුද ගැන අහලා තියෙනවාද?
පළමු ළමයා: ඔව්, මං අහලා තියෙනවා.
දෙවැනි ළමයා: ඒක මැරුවේ අපේ තාත්තා.
ටිකට් ඉරා දැමීම.
එක්තරා පිටිසර ගමක ජීවත් වන ළමයෙක් ජිවීතේ පළමු වතාවට චිත්‍රපටයක් නැරඹීමට නගරයේ සිනමා ශාලාවකට ගියේය.
"මට ටිකට් එකක් දෙන්න". ඔහු කවුළුවේ සිටි ගැහැණු ළමයාට කීවේය.
"මොකද මේ....විනාඩි පහක් ඇතුළට ඔයා මේ ගන්න පස්වැනි ටිකට් එක නේද?" ගැහැණු ළමයා ඇසුවාය.
"ඔව්, ඉස්සර වෙලා ගත්ත ටිකට් හතරම, හෝල් එකට ඇතුළු වෙන කොට එතන ඉන්න මිනිහා දෙකට මැදින් ඉරුවා" ළමයා උත්තර දුන්නේය.
ප්‍රේමදාසට හැඩකාර තරුණියන් පෙන්නන්නට බැරිය. ඔහු හැන්දෑවට වෙරළේ ඇවිදින්නට යන්නේ කෙසේ හෝ තරුණියක සමඟ කදේ වැටෙන්නටය. තර්ක විද්‍යාව හොඳින් හදාරා සිටි ඔහු එම දැනුමින් ප්‍රයෝගිකව ප්‍රයෝජන ලබා ගැනීමටද පුරුදුව සිටියේය.
දිනක් ඔහු සුපුරුදු පරිදි සැඳෑවක මුහුදු වෙරළේ ඇවිදින්නට ගියේය. එහි සිටි සමරු පොතක් අතින් ගත් සුරූපී කතක් වෙත ඔහුගේ සිත ඇදී ගියේය. "ඇගෙන් හාදුවක් ලැබිය හැකි නම් ", ඔහුගේ සිත කියවන්නට විය.
තමා උගත් තර්ක විද්‍යාව ගැන මොහොතක් සිහිපත් කළ ඔහු තරුණිය අසලට ගොස් මෙසේ පැවසුවේය.
"මේ, මට උදව්වක් කරන්න පුළුවන්ද? මම දැන් ප්‍රකාශයක් කරනවා. මම ඒක කොලයක ලියලා දෙන්නම්කො. මගේ ප්‍රකාශය ඇත්ත නම් ඔබ මට ඔබේ සමරු පොත දෙන්න ඕන".
" ඕක ඒ තරම් ලොකු දෙයක් නොවෙයිනේ. හරි මම එකඟයි", තරුණිය ඉතා සැහැල්ලුවෙන් පැවසුවාය.
"හැබැයි ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕන.මගේ ප්‍රකාශය බොරු වුණොත් ඔබ මට ඔබේ සමරු පොත නොදිය යුතුයි."
"හරි මම කැමතියි. මේක බොහෝම ලේසි දෙයක්නේ". තරුණිය පැවසුවාය.
තරුණයා කඩදාසියක ලියු තම ප්‍රකාශය තරුණිය වෙත ඉදිරිපත් කළේය.එය කියවා මඳ කල්පනාවක නියැලුණු ඇයට (හිතේ රහස් සතුටක්ද ඇති කරවමින්) මෙලෙස හැඟිණ.
"මගේ පොරොන්දුවේ හැටියට මට ඔහුට දෙන්න වෙන්නේ සමරු පොත නොවෙයි. හාදුවක්".
තරුණයා ලිව්ව ප්‍රකාශය මොකක්ද?....
*
*
*
*
*
*
*
*
තරුණයාගේ ප්‍රකාශය මෙහෙමයි.
"ඔබ ඔබේ සමරු පොත හෝ හාදුවක් හෝ මට නොදෙනු ඇත."
මේ ප්‍රකාශය ඇත්ත නම් ඔහු පොරොන්දු වු පරිදි සමරු පොත ඔහුට දිය යුතුයි. එහෙත් එය දුන්නහොත් ප්‍රකාශය අසත්‍ය වේ. එනම් ප්‍රකාශය බොරුවක් වේ. එම නිසා ඔහුට සමරු පොත හෝ හාදුවක් හෝ දිය යුතුය. එහෙත් තරුණයාගේ කොන්දේසිය අනුව ප්‍රකාශය වැරදි නම් ඇය ඔහුට සමරු පොත නොදෙන බවට පොරොන්දු වී ඇත. එම නිසා ඇයට කළ හැකි එකම දෙය ඔහුට හාදුවක් දීම පමණී.
"ගණිතයයි විනෝදයයි" කෘතිය ඇසුරෙන්...
මුහුණු පොතේ එහේ මෙහේ යනකොට මට හම්බවුනා නියම පින්තූර දෙකක්....
ඔයගොල්ලොත් බලන්නකෝ ........
ලොකු කරල බලන්න පින්තූරේ උඩ කරන්න
ඡන්ද ප්‍රතිපල නිකුත් වෙන වේලාවත් ලං වෙන හින්දා හිත ටිකක් සැහැල්ලුවෙන් තියාගන්න මෙන්න මං අරන් ආවා හොද විහිළු කතා ටිකක්....
දෙපැත්තම නවත්තනවා
බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි. එහි සෑහෙන පිරිසක් ද සිටියහ. බීමතින් වැනෙමින් පොල්ලේ එල්ලී සිටි අයෙක් හදිසියේම කොන්දොස්තර ඇමතුවේ මහ හඬිනි.
’කොන්දොස්තර මහත්තයෝ, මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා. මම බහින්ඩ ඕනෙ බස් එකේ ඉස්සරහින් ද එහෙම නැත්තං පස්සෙන් ද?’
’ඔහේට කැමැති පැත්තකින් බහින්ඩ පුළුවන්. දෙපැත්තම නවත්වනවා’ කොන්දොස්තර වහා පිළිතුරු දුන්නේය.
හෙව්ව ගේ ම තමයි
පෙරේරා තම නිවෙස විකිණීමට අදහස් කළේ වඩාත් සැපපහසු නිවෙසක් මිලදී ගන්නා ලෙස ඔහුගේ බිරිය කාලයක් තිස්සේ ඇවිටිලි කරනා බැවිනි. ඔහු එවැනි කටයුතුවලට ප්‍රසිද්ධියක් උසුලන වෙළෙඳ සමාගමකට එය භාර කළේය. පසුදින ජනපි‍්‍රය පුවත් පතෙක එම වෙළෙඳ සමාගම එම නිවෙස පිළිබඳ දැන්වීමක් පළකොට තිබුණි.
දැන්වීම කියවූ පෙරේරා කඩිනමින් වෙළෙඳ සමාගමට දුරකථන ඇමතුමක් දී තම නිවෙස විකිණීම වහාම අත්හිටුවන ලෙස දැන්වීය.
’ඇයි මොකද වුණේ’ දුරකථන ඇමතුමට සවන් දුන් සමාගමේ කළමනාකරු විමතියෙන් ඇසීය.
’තමුසෙලා මගේ ගේ ගැන ඒ දැන්වීමේ දාපු විස්තරේ කියෙව්වම තමයි මට තේරුණේ මමත් මෙච්චර කල් හොය හොයා හිටියේ ඒ විදියේ ගෙයක් විත්තිය.’ පෙරේරා කීවේය.
ඌ කන්නෙම පලතුරුනෙ
දිවා ආහාරයෙන් පසු ළදරු වියේ පසුවූ තම පුත් මංජුල පැපොල් තීරුවක් අනුභව කිරීම ප්රතික්ෂෙප කරනවා දුටු හෙතෙම පුතු හට මෙසේ කීවේය.
’පුතා, කෑම කාලා හැමදාම පලතුරක් කන්න ඕනෙ. විශේෂයෙන් පැපොල්. අනික ඉදුණු පැපොල් හරිම රසයි. ඒ වගේම ගුණයි. පුතා දන්නවද පලතුරු කෑවාම ඇඟපත රන්වන් පාට වෙනවයි කියල.’
’මොන බොරුද තාත්තෙ. වවුලො කන්නෙම පලතුරු නේ. ඒත් එක වවුලෙක් ඉන්නවද රත්තරන් පාට?’ පුතා පිළිතුරු දුන්නේය.
අපිටත් එහෙමයි
රංජිත්ලා ඔවුන් එතෙක් පදිංචිව සිටි කුලී නිවෙසින් ඉවත්ව නගරයේ නව නිවෙසකට යාමට තීරණය කළෝය. දිනක් රංජිත්ලා අල්ලපු ගෙදර සුනිමල්ලා හමුවීමට ගියේ ඔවුන්ට ඒ බව දන්වා සමු ගැනීමේ අදහසිනි.
’ලබන මාසෙ අලුත් ගෙදරට ගියාම අපිට හොඳ මිනිස්සු කට්ටියක් ආශ්‍රය කරන්න ලැබේවි.’ රංජිත්ගේ බිරිඳ සුනිමල් ගේ බිරිඳට කීවේ ඔලොක්කුවට මෙනි.
’ඇයි, අපිටත් හොඳ කට්ටියක් ආශ්‍රයට ලැබෙයි.’ සුනිමල් ගේ බිරිඳ වහා පිළිතුරු දුන්නාය.
’ඇයි ඔයගොල්ලොත් මෙහෙන් යනවද?’ රංජිත්ගේ බිරිඳ විමසීය.
’නෑ අපි මෙහෙම ඉන්නවා’ සුනිමල් ගේ බිරිය පිළිතුරු දුන්නාය.
උපුටා ගැනීම-ඉරිදා රසඳුන
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය. අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව දක්වා ඇත.
Source: lankatruth.com
සදාම් හුසේන් සේවය නමින් නව අභිරහස් රූපවාහිනි චැනලයක් ඔවුන්ගේ විකාශන පසුගියදා දියත් කළේය. ඉස්ලාමීය දින පොතට අනුව 2006 වසරේදී ඔහු මරා දමනු ලැබූ දින මෙය විකාශය කර ඇත. එම දිනය වූයේ හඡ්ජි උත්සවයේ පළමුවැනි දිනය.
මෙම චැනලය කවුරු කොතැනක සිට කරන්නේද යන්න මෙතෙක් හෙළිදරව් වී නැත.
ඉරාක රජය මේ සම්බන්ධයෙන් සැක කරන්නේ සදාම් හුසේන් නායකත්වය දුන් බාත් පාක්ෂිකයන් මෙය පිටුපස සිටින බවය.
මෙම නව ව්‍යාපාරයේ සභාපති යෑයි කියනු ලබන මොහොමඩ් ජර්බුදා පවසන්නේ මෙයට බාත් පක්ෂයේ කිසිම සම්බන්ධතාවක් නොමැති බවය. මෙම චැනලය දියත් කළේ ඉරාකයේ සහ අනෙක් අරාබි රටවල්වල වාසය කරන සදාම් හුසේන්වාදීන් වෙනුවෙන් බවය
ලොව ජනප්‍රිය චර්තයක් වූ පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් සිහිවීම පිණිස ගොල්ෆ් ක්‍රීඩා පිටියක් සහ විනෝද උද්‍යානයක් ඉදිකිරීමටකටයුතු යොදා ඇත. මේ වෙනුවෙන් මයිකල් ජැක්සන්ගේ පවුලේ උදවිය සහ ඔහු උපන් ප්‍රදේශය වන ගැරි ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් මෙම කටයුත්ත සංවිධානය කර ඇත.
මයිකල් ජැක්සන්ගේ උපන් ගම වන ඉන්ඩියානා ප්රාන්තයේල ගැරී ප්‍රදේශයේදී තුරඟ තරඟ පිටියකින් සමන්විත ගොල්ෆ් ක්‍රීඩා සංකීර්ණයක්ද, නෙවර්ලන්ඩ් වතුයායට සමාන උද්‍යානයක් ද මෙහි පිහිටුවීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය අක්කර 100ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇත.
මෙහි මයිකල් ජැක්සන්ගේ කෞතුකාගාරයක්, කාමර 300කින් සමන්විත හෝටලයක්, විනෝද උද්‍යානයක් සහ ගොල්ෆ් පිටියක් තැනීමට යෝජිත වී ඇතැයි ව්‍යාපෘතියේ සභාපති ඔඩි ඇන්ඩර්සන් විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත.
මෙම ව්‍යාපෘතිය මුළුමණින්ම අවසන් කිරීම සඳහා අවම වශයෙන් වසර 10ක්වත් ගත වෙතැයි විශ්වාස කෙරෙන අතර, මෙහි පළමු අදියර මේ වසර තුළදී නිම කිරීමට එහි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. එමෙන්ම මේ සඳහා ඇස්තමේන්තුගත කර ඇති වියදම ඩොලර් බිලියන එකකි.
සම්මත ක්‍රමයට අනුව පිරිමි ඔරලෝසු බදින්නේ වම් අතේ
ගැහැණු ඔරලෝසු බදින්නේ දකුණු අතේ
මේකයි ප්‍රශ්නේ.....
පිරිමි වම් අතෙත් ගැහැණු දකුණු අතේත් ඔරලෝසු බදින්නේ ඇයි?...
උත්තරේ තමයි වේලාව බලන්න....:)
ප්‍රශ්න දෙකක්
එක්තරා සාස්තරකාරයෙක් තමාගෙන් ප්‍රශ්න දෙකක් ඇසීම සදහා එක් අයකුගෙන් රුපියල් 2000 අය කළේය.
"ප්‍රශ්න දෙකකට රු.2000 ක් වැඩියි නේද?"
"ඔව්. එහෙනම් කරුණාකරලා දැන් දෙවැනි ප්රශ්නය අහන්න." සාස්තර කාරයා කීවේය.
පිහිනුම් තටාකය
"මේ තානායමේ පිහිනුම් තටාකයක් තියෙනවාද?"
"ඔව් සර්., මුළු දවසේම එකේ පීනන්න පුළුවන්, එත් හවස තුනේ ඉදලා හතර වෙනකල් ඒක කරන්න බෑ"
"මොකද ඒ වේලාවේ..."
"දන්නේ නැද්ද, ඒ වෙලාවට තමයි තානායමේ ඇද ඇතිරිලි හෝදන්නේ."
මැරෙන වේලාව
ජිම් : ඇයි ඔබ අහස් යාත්‍රාවලින් නොයන්නේ?
ටොම් : අනතුරක් වෙයි කියලා මට බයයි.
ජිම් : ඔය අනතුරු ගැන බය වෙන්න ඕනෑ නෑ. ඔබේ වේලාව එනකම් ඔබ මැරෙන්නේ නෑනේ.
ටොම් : එක හරි. ඒත් බැරි වේලාවත් පයිලටගේ වේලාව ආවෝතින්?
තවත් රසකතා කිහිපයක් සමග ඉදිරියේදී හම්බවෙන්නම්
http://www.thelongestlistofthelongeststuffatthelongestdomainnameatlonglast.com/wearejustdoingthistobestupidnowsincethiscangoonforeverandeverandeverbutitsti
lllookskindaneatinthebrowsereventhoughtitsabigwasteoftimeandenergyandhasnore
alpointbutwehadtodoitanyways.html
අකුරු ගණන 263.....
ඔය ගොල්ලෝ මීට වැඩිය දිග URL දන්නවානම් Comment එකක් දාන්න...
සියලුම ආකාරයේ ගොඩනැගිලි පිළිබදව මෙතෙක් තිබු සියලුම වාර්තා බිඳ හෙළමින් පසුගිය ජනවාරි 4 වැනිදා ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆා" නමින් ඩුබයි එමීර්යේදී නිල වශයෙන් විවෘත කෙරිණි. බර්ජ කලීෆා යන්නෙහි අරුත කලීෆා කුළුණ යන්නයි. මීට පෙර මෙය නම් කොට තිබුනේ බර්ජ් ඩුබායි නමිනුයි.
බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ලොව උසම ගොඩනැගිල්ල, වැඩිම තට්ටු සංඛයාවකින් සමන්විත ගොඩනැගිල්ල, වඩාත් උසින් පිහිටි නිරීක්ෂණ අට්ටාලය සහිට ගොඩනැගිල්ල, වැඩිම උසකට ගමන් කරන විදුලි සෝපානය සහිත ගොඩනැගිල්ල යන සියලුම වාර්තාවන්ට හිමිකම් කියන ගොඩනැගිල්ල ලෙසත් වර්තාගත වෙනවා.
මීටර් 828 හෙවත් අඩි 2717 ක උසින් යුත් බර්ජ් කලීෆා හි මිනිස් වාසය සදහා තට්ටු 160ක් පිහිටා ඇති අතර ඊට අමතරව නඩත්තු කිරීමේ උපාංග සහිත තට්ටු 46 කින් සහ බිම් මහලේ වාහන ගාල් කිරීම සදහා තට්ටු 2 කින් සමන්විත වෙනවා.
මෙහි ඇති ජනෙල් සංඛයාව 24,348 ක්. ඉහළම මට්ටමේ ජනේල් පිරිසිදු කිරීම සදහා මිනිසුන් රහිත යන්ත්‍ර යොදවා ඇති අතර අනෙක් තට්ටු වල ජනෙල් පිරිසිදු කරන්නේ පිටතින් එල්ලෙන ගෝන්ඩෝලා වල නැගුණු පළපුරුදු ජනේල් පවිත්‍ර කරන්නන් විසිනුයි.
මෙහි තට්ටු වල තරු පහේ හෝටලයක්, සුබෝපභෝගී නිවාස, ආයතන, අවන්හල්, නිරීක්ෂණාගාර සහ නඩත්තු කුටි පිහිටා ඇත.මෙම ගොඩනැගිල්ලේ හැඩය සදහා පාදක කොට ගැන ඇත්තේ කාන්තාරයේ පිපෙන් මලක් වන " හයිමෙනෝකෙලිස්" මලේ ස්වරූපයයි.ගොඩනැගිල්ලේ නිමාව සදහා ප්‍රධාන වශයෙන් යොදාගෙන් ඇත්තේ වීදුරු, මල නොබැදෙන වානේ සහ ඔප දැමු අඳුරු පැහැති පාෂාණයි.
ගොඩනැගිල්ල තුල ගමනාගමනය සඳහා විදුලි සෝපාන 57 ක් ද, දුවන පඩි පෙළි 8 කින්ද පිහිටා තිබෙනවා. ඉහළ මාලය සදහා පිවිසෙන මෙම විදුලි සෝපානය තත්පරයකට මීටර් 10 ක වේගයකින් ගමන් කරන අතර ඒවා ලොව වේගවත්ම විදුලි සෝපානය ලෙසයි සැළකෙන්නේ.
මහජනයා සඳහා විවෘත මෙම ගොඩනැගිල්ලට කලින් වෙන් කරවගත් දිනකදී නියමිත වේලාවට පිවිසීම සඳහා වැඩිහිටියකු (වයස අවුරුදු 13 න් ඉහළ ) ඩිරාම් 100 ක මුදලක් එනම් රුපියල් 3500 මුදලක් ගෙවිය යුතු අතර ළමයෙකු ( අවු: 3 සිට අවු: 12 දක්වා ) ඩිරාම් 75 ක මුදලක් එනම් රුපියල් 2625 මුදලක් යුතුයි. එසෙනින් ප්‍රවේශ වීමේ අවෂ්‍යතාවය ඇති අයගෙන් ඩිරාම් 400 ක මුදලක් එනම් රුපියල් 14,000 මුදලක් අය කෙරේ.අවුරුදු 3 දක්වා ළමුන් සදහා කිසිදු ගාසිතුවක් අය නොකරයි.
වැඩි විස්තර සදහා මෙම වෙබ් ලිපිනයට පිවිසෙන්න...
http://www.burjdubai.com/observation-deck/ticket-information.aspx
ඉරිදා සිට බදාදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වාත් , බ්‍රහස්පතින්දා සිට සෙනසුරදා දක්වා පෙ.ව. 10.00 සිට මැදියම් රැය දක්වාත් මහජනයා සදහා " බර්ජ් කලීෆා " ගොඩනැගිල්ල විවෘතව පවතී.
වැඩිදුර තොරතුරු සදහා පහත සදහන් "බර්ජ් කලීෆා" හි නිළ වෙබ් ලිපිනයට පිවිසෙන්න..
http://www.burjdubai.com
"බර්ජ් කලීෆා" ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය.
යන්නෙ කොහොම ද?
එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්‍රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා. මොහොතකට කලින් දුමින්දට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා.
‘අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ. තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි. මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා. මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ. දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා.’
තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන දුමින්ද ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.
‘ඉතින් යන්ඩ කිව්වාම යනවා.’ ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා.
‘හරි මං යන්නං. ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද?’ දුමින්ද සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා.
***********************************************************************************
මටත් එහෙමම තමයි
අවන්හලකට ගොඩවුණු සිරිපාල, හිස් මේසයක් නොතිබුණු නිසා එක් අයෙක් පමණක් සිටි මේසයක් ඉදිරිපිට වාඩි වුණා.
වීදුරු දෙක තුනක් හිස් වෙද්දී දෙදෙනා තම තමන්ගෙ වංහුං කථා කරලා හිතවත් වුණා විතරක් නෙමෙයි එකිනෙකා වෙනුවෙන් බීම ඇණවුම් කරන්නත් පටන් ගත්තා.
රෑ දහය පහු වුණු ගමන් එක් අයෙක් නැගිට්ටා. අනෙකා විමතියෙන් ඔහු දිහා බැලුවා. ‘ඇයි මචං නැගිට්ටේ? බාර් එක වහන්ඩ තව පැයක් තියෙනව නෙ.’ ඔහු ඇහැව්වා.
‘මම දැන් යන්ඩ ඕනෙ. මොකද දන්නව ද? ඩ්‍රින්ක් එකක් දැම්මාම මට අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩම ඕනෙ.’ අනෙකා පිළිතුරු දුන්නා.
‘ඉතින් මටත් එහෙමනෙ. අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩ නං ඩ්‍රින්ක් එකක් දාන්ඩම ඕනෙ.’ ඔහු කිව්වා.
**********************************************************************************තව එකක් කමු ද?
අවුරුද්ද පුරාම, මුළු දවස තිස්සෙම කඩ බක්කි මැද්දේ ජීවිතේ ගෙවන කරෝලිස් මුදලාලි තමන්ගෙ පවුලත් එක්ක වෙසක් බලන්න යන්න එකඟ වුණේ යුතු කමට.
හැන්දෑ යාමේ ගෙදරින් පිටත් වෙලා තොරණක් දෙකක් බැලූ මේ ජෝඩුව, රෑ නවයට විතර ගෝල්ෆේස් පිට්ටනියට කිට්ටු කළා.
පිට්ටනියේ තැන තැන නවතා තිබුණු අයිස්ක්‍රීම් වෑන් දෙස බැලූ කරෝලිස් මුදලාලි, හිනාවකුත් මුවේ රඳවාගෙන හාමිනේ දිහා බැලුවා.
‘හාමිනේ අපි තව අයිස්ක්‍රීම් එකක් කමු ද?’ මුදලාලි මෙහෙම ඇහැව්වාම හාමිනේ පුදුම වෙලා මුදලාලි ගෙන් මෙහෙම ප්‍රශ්න කළා.
‘තව අයිස්ක්‍රීම් එකක්...’ අපි මීට කලින් අයිස්ක්‍රීම් කැවයැ.’ ඈ අවඥාවෙන් කට ඇද කළා.
‘ඇයි හාමිනේට මතක නැද්ද? අපි ගිය අවුරුද්දෙ වෙසක් බලන්ඩ ආ වෙලාවෙත් අයිස්ක්‍රීම් කෑවෙ.’ මුදලාලි උත්තර දුන්නා.
************************************************************************************
ඉඳලත් බැරි නැතුවත් බැරි ගැහැනු
හිඟන්නෝ දෙන්නෙක් දවල් කෑමෙන් පස්සේ මාර ගහක සෙවණක් යටට වෙලා කථා බහක යෙදිලා හිටියා.‘උඹ කොහොමද හිඟමනට වැටුණේ?’ එක් හිඟන්නෙක් අනිකා ගෙන් ඇහැව්වා.
‘මම මුලින් හොඳ බිස්නස් එකක් කරගෙන යස අගේට හිටියා. ඒත් මගෙ බිස්නස්වලට උදව් කරන්න ගෑනියෙක් හිටියේ නැහැ. ඒකයි වුණේ.’ යනුවෙන් පිළිතුරු දුන් ඔහු,
‘හැබෑට තමුසෙට මොකද වුණේ?’ කියලා අනෙක් හිඟන්නා ගෙන් ඇහැව්වා.
‘මමත් බිස්නස් කළේ. හැබැයි මට ගෑනියෙක් හිටියා.’ ඔහු පිළිතුරු දුන්නා.
උද්යෝගිමත් අයෙකු ලෙස හැසිරෙන්න.
සාර්ථකත්වය කරා ළගා වීමට අවශ්‍ය ප්‍රධානම සාධකය වන්නේ උද්යෝගිමත් සිතිවිලිය. උද්යෝගිමත් කතාව හා උද්යෝගිමත් හැසිරීම් ය. උද්යෝගිමත් මානසිකත්වයක් ඇති කල්හි එමගින් ආත්ම විශ්වාසය ගොඩ නැගේ. එසේම උද්යෝගිමත් බව බෝවෙන සුළුය. උද්යොගිමත් ගුරුවරයා පංති කාමරයට ඇතුල් වන විටම සිසුන් තුළ උද්යෝගය ජනනය වේ.ක්‍රීඩා කණ්ඩායමක උද්යෝගිමත් නායකයෙකුට, උපනායකයෙකුට පමණක් නොව ක්රීඩයකුට වූවද මුළු කණ්ඩායමේ ම ජවය ඉහළ නැංවිය හැක.
උද්යෝගිමත් නරඹන්නන් සිටින පාපන්දු පිටියක, මලල ක්‍රීඩා තරගයක උද්යොගය, ක්‍රීඩා කරන්නන්ගේ ජවය හා බලය ඉහළ නැංවීමට උදවු වේ. යමෙකු කතා කරන අයුරින් , හිස ඔසොවා බලන අයුරින් , අතට අත දී අචාර කරන අයුරින් උද්යෝගය ජනනය කළ හැකිය. මෙය කවර අයෙකුට වූවත් පුහුණුවිය හැකි ළගා කරගත් හැකි, අභ්‍යාස කළ හැකි, ජීවිත සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාර කර ගත් හැකි ශක්තියකි.
පෝඩ් ව්‍යාපාර ක්ෂේත්රය හා සම්බන්ධ වානේ කර්මාන්ත ශාලා පද්ධතියේ වැඩිම වැටුප් ලැබු නිලධාරියා වුයේ චාල්ස් ස්වොබ්ය.ඔහු වානේ කර්මාන්ත ශාලාවල සේවය කළ ද ඔහු වානේ ගැන කිසිවක් දැන සිටි අයකු නොවේ. ඔහුට ඉහළම වැටුප ගෙවීමට හේතුව කුමක්ද යැයි ඇසු විට ඔහු කීවේ, තමා වානේ ගැන නොදැන සිටියත්, වානේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සුත්‍ර ක්‍රියාත්මක කරන මිනිසුන් ගැන හොදින් දන්නා බවයි.මිනිසුන් සතු උපරිම ශ්ක්තිය මතු කර ගත හැක්කේ, ඔවුන් අගය කිරීමත්, උද්යෝගිමත් කිරීමත් මගින් බවත් ය.
ඔබ ජීවත් වන කාලයේ පණ ඇති, ජව ඇති, බල ඇති ජීවියකු වන්න. ජීවත් වන අතර තුර මළ මිනියක ලෙස ජිවත්වීම සොබා දහමට පිටුපා යාමකි.සාමාන්‍ය දක්ෂතා ඇති අයකු වූවද විශිෂ්ටයකු බවට පත්කරලීමට හැකියාව ලැබුනුයේ උද්යෝගිමත් බව එන්නත් කිරීමෙනී.උෂ්ණත්වය එක අංශයක් වැඩි වූ කල්හි ජලය වාෂ්ප බවට පත්වේ.එම වාෂ්ප බලයෙන් දැවැන්ත යන්ත්‍ර සුත්‍ර ක්‍රියා කරවිය හැකි ය. උද්යෝග්යද අප තුළ ම ඇති, එහෙත් ලං කරගත යුතු ශක්තියකි. බලයකි. ධනාත්මක පෞරුෂයක් ඇති පුද්ගලයා උද්යෝගිමත් බවින් යුතු අයෙකි.
ඇතුලත උණුසුම් වුන, රත් වුන යමහලක් වැනිය. ඇතුලත උද්යෝග්ය බැහැරට නිකුත් වනුයේ අන් අයට ද දැනෙන පිරිදි ය. ඔබත් යමහලක් වන්න. දැවෙන උද්යොග්යෙන් යුතු වන්න . එවිට ඔබ මෙලොව සිටින බව බාහිර ලෝකයා දැන ගනු ඇත. දැක ගනු ඇත.
"උද්යෝග්ය නොමැතිව ලොව දිනා ගත් කිසිවක් නොමැත"
(රැල්ප් වැල්ඩෝ එමර්සන්)
දයා රෝහණ අතුකෝරාලයන්ගේ " ජිවීතය ජයගන්න"කෘතිය ඇසුරෙනි.
ජොන් ලොගී බෙයාඩ් රූපවාහිනිය සොයගත් මුල් වකවානුවේ සිට මේ දක්වා එහි තාක්ෂණය දියුණු වී අද වන විට නොයෙකුත් මාදිලියේ රූපවාහිනී වෙළෙද පොළට පැමිණ තිබේ.මුල් කාල වකවානුවලදී CRT ( Cathode Ray Tube) රූපවහිනි භාවිතයට යොදා ගත් අතර පසුව LCD තාක්ෂණය යුතු රූපවාහිනී භාවිතයට ගැනුණි.
එහෙත් LED තාක්ෂණය වෙළෙදපොළට අළුතෙන් එකතු වන තාක්ෂණයකි.මෙම රූපවාහිනිය නිපදවා තිබෙන්නේ කුඩා LED බල්බ් විශාල සංඛයාවක් එකතු කිරීමෙනි.එම හේතුව නිසා CRT හා LCD තාක්ෂණය සහිත රූපවාහිනියට වඩා LED තාක්ෂණයෙන් යුතු රූපවාහිනියක දීප්තිමත් බව ඉතා වැඩි අගයක් ගනී.
එමන්ම මෙම රූපවාහිනිය අනෙකුත් රූපවාහිනී වලට වඩා හුරුබුහුටි කමින් ද වැඩිය.
LED රූපවාහිනියක් භාවිතා කිරීමෙන් විශේෂ වාසි රැසක් අත්වේ.LED බල්බ් වලඇති කුඩා බව නිසා තිරයේ ප්‍රමාණය ද ඉතා අඩුය.LED කල්පැවැතීමේ ස්වභාවය වැඩි නිසා රූපවාහිනියේ කල්පැවතීමද රදා පවතී.LED රූපවාහිනියේ අනෙක් වර්ගයේ රූපවහිනි වල මෙන් රසදිය ( Mercury) භාවිතා කිරීමක් සිදු නොවේ.
අද මං ඔයගොල්ලන්ට කියන්න යන්නේ මෙම වසරේ තිරගත කිරීමට නියමිත Boxoffice වාර්තා තියන්නට සුදානම් වන Hollywood චිත්‍රපටයක් ගැනයි.
Iron Man 2
මං විශ්වාෂ කරනවා ඔයගොල්ලෝ හැමෝම වගේ Iron Man 1 චිත්‍රපටය නරඹලා ඇති කියලා.ඒ චිත්‍රපටයේ Part 2 එක තමයි මෙම චිත්‍රපටයයි.
ප්‍රකට Marvel චිත්‍ර කතා පොතේ කතාවක් ඇසුරින් නිර්මාණය වන මෙම චිත්‍රපටය Jon Favreau අධ්යක්ෂනයෙන් සහ Kevin Feige ගේ නිෂ්පාදනයෙන් බිහි වේ. මෙම චිත්‍රපටය ප්‍රසිද්ධ Paramount Pictures සමාගම විසින් ලොව පුරා බෙදා හරිනු ලබයි.
මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සදහා වු පිරිවැය US $ 200 Million එනම් රුපියල් කෝටි 2200 වන බව වාර්තා වෙනවා.
මෙකෙන්ම හිතා ගන්න පුළුවන්නේ චිත්‍රපටය මොන වගේ එකක්ද කියලා.
ප්‍රධාන වශයෙන් ජනප්‍රිය නළු නිළියන් වන Robert Downey,Jr. , Don Cheadle , Mickey Rourke , Gwyneth Paltrow , Scarlett Johansson , Sam Rockwell සහ Samuel L. Jackson දායකත්වය සපයන මෙම චිත්‍රපටය 2010 මැයි මස 10 වන දින සිට ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.
හරි දැන් එකේ Trailer එක බලලා ඉමු.
කොරියවේ සුප්‍රකට LG සමාගම අලුතෙන්ම වෙළදපොලට ඉදිරිපත් කරන්නට යන LCD TV මොනිටරය පිටු 40ක අභ්‍යාස පොතකටත් වඩා ඝනකමින් අඩුයි කියලා කිව්වොත් ඔය ගොල්ලෝ පුදුම වේවී.
මිලි මීටර 2.6 ක ඝනකමකින් යුත් මෙම LCD TV Monitor යේ දිග අගල් 42 කි. මීට කලින් තිබබ කුඩාම LCD TV Monitor ඝනකම මිලි මීටර් 3 වුනා.
කිලෝ ග්‍රෑම් 4 කටත් වඩා අඩු බරකින් යුත් මෙය 120Hz Refresh rate සහ Full HD 1920 හා 1080p Resolution මට්ටම දක්වා දියුනු කරලා තියෙනවා.
සමාගමේ තවත් බොහී නිෂ්පාදන ඇතුලුව මෙම රූපවාහිනියද 2010 වසරේ ජනවරි 05 දින අමේරිකාවේ Las Vegas හි පැවත්වෙන තාක්ෂනික ප්රද්රිශනයේදී ඉදිරිපත් කරන බව කියනවා.
මෙතනින් අවසන් කරනවා.
තවත් ප්‍රයෝජනවත් ලිපියක් සමග ඉදිරියේදී හම්බ වෙන්නම්.
පරිගණක භාවිතය ඉහළ යන්නා සේ ම එදිනෙදා කටයුතු සඳහා ඉන්ටර්නෙට් භාවිතයට ද බොහෝ දෙනෙක් පෙළඹෙමින් සිටිති. පහසුවෙන් තොරතුරු ලබාගැනීමට වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාවත් සන්නිවේදන කටයුතු සඳහා ඊ - මේල් භාවිතයත් අධිවේගී ජීවන රටාවට විශාල පහසුවකි.
සමාජයේ අනෙක් සෑම අංශයකදී මෙන් ම ඉන්ටර්නෙට් භාවිතයේදී ද සොර සතුරන්ගෙන් ආරක්ෂා වීමට අපට සිදුවී ඇත. නොයෙක් උපක්‍රම යොදා රැවටීම් හා වංචා තුළින් අපගේ පෞද්ගලික තොරතුරු හා මුදල් ලබාගැනීමට විවිධ ඉන්ටර්නෙට් සොරු උත්සහ කරති.
ඉන්ටර්නෙට් ලොතරැයියක් ජයග්‍රහණය කළ බව දන්වමින් එම මුදල් බැර කිරීමට ගිණුමේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් ලැබෙන විවිධ ව්‍යාජ ඊ - මේල් සඳහා පිළිතුරු දීම නොකළ යුතු බව බොහෝ අය දන්නා කරුණක් වේ.
එසේ නමුත්, අප එදිනෙදා ඉන්ටර්නෙට් භාවිතයේදී නිතර සිදුකරන වෙනත් වැරදි තුළින් ඉන්ටර්නෙට් සොරුන්ට අපගේ තොරතුරු ලබාගැනීම පහසු කර දිය හැක.
වාර්තා සහ පරීක්ෂණ අනුව පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්හි ගුණදොස් සමාලෝචනය කර ප්‍රකාශයට පත් කරන පිළිගත් අමෙරිකානු සඟරාවක සංස්කාරකයෙකු වන ජෙෆ් ෆොක්ස්, CNN රූපවාහිනිය සමග මෑතකදී කළ සාකච්ඡාවකදී ඉන්ටර්නෙට් තුළ අපගේ ආරක්ෂාවට හානිදායක විය හැකි වැදගත් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු විය.
ජෙෆ් ෆොක්ස් පවසන පරිදි, බොහෝ දෙනෙක් කරන ප්‍රධාන ම වරදක් වන්නේ; වෛරස් ආරක්ෂණ (anti-virus) හෝ ඉන්ටර්නෙට් ආරක්ෂණ (internet security) මෘදුකාංගයක් දමා ගත් පමණින් සදාකාලිකව තම පරිගණකය සුරක්ෂිත බවට විශ්වාස කිරීමයි.
නව පරිගණක වෛරස් දිනපතා නිපදවෙන නිසා තම පරිගණක ආරක්ෂණ මෘදුකාංග නිසි පරිදි සක්‍රීය කර තිබීමත් නිතිපතා ඒවා යාවත්කාලීන කිරීමත් (update) ඉතා වැදගත් බව ඔහු පවසයි. ජෙෆ් ෆොක්ස් මෙහිදී නිර්දේශ කරන්නේ, ඔබ ඉන්ටර්නෙට් හා සම්බන්ධ වී සිටින සෑම විටකදී ම පරිගණක ආරක්ෂණ මෘදුකාංග නිසැකවම සක්‍රීයව ඇත්දැයි බැලීමත් එය ස්වයංක්‍රීයව යාවත්කාලීන විය හැකි පරිදි සකසා තැබීමත් සුදුසු බවය.
ඇතැම් වෙබ් පිටුවලදී පැන නගින දැන්වීම් (pop - up ads/ pop - up windows) තුළට උවමනාවෙන් හෝ වැරදීමෙන් යාම නිසා තම පරිගණකයේ තොරතුරු හොරෙන් ලබාගත හැකි හානිකර මෘදුකාංග ඔබේ පරිගණකයට ඇතුළු විය හැකි බවට ද ජෙෆ් ෆොක්ස් අනතුරු අඟවයි.
එවැනි දැන්වීමක් පැන නැගි විට කළ යුත්තේ; දැන්වීම අඩංගු කොටුවේ ඉහළ දකුණු හෝ වම් මුල්ලේ වසා දැමීම සඳහා ඇති කතිරයක් සහිත බොත්තම ඔබා එය ඉවත් කිරීමයි. ඊටත් වඩා සුදුසු කටයුත්ත වන්නේ, තමා භාවිත කරන වෙබ් බ්‍රව්සරයේ පැන නගින දැන්වීම් වළැක්වීමේ හැකියාව (pop - up blocker) සක්‍රීය කර තැබීම බව ජෙෆ් ෆොක්ස් මෙහිදී ප්‍රකාශ කළේය.
ඔහු තවදුරටත් පැවසුවේ, නොමිලේ ඉන්ටර්නෙට් තුළින් ලබාගත හැකි මෘදුකාංග (free and open source software) බා ගැනීමේදී ප්‍රවේශම් විය යුතු බවය. එසේ ලබාගත හැකි ඇතැම් මෘදුකාංග සමග අනවශ්‍ය හා හානිකර දෑ තම පරිගණකයට ඇතුළු වීමේ අවස්ථාවක් ද ඇත.
මීට පිළියම් ලෙස ෆොක්ස් උපදෙස් දෙන්නේ, හොඳින් දන්නා විශ්වාසවන්ත වෙබ් අඩවි හරහා පමණක් නොමිලේ ලබාගත හැකි මෘදුකාංග බා ගන්නා(download) ලෙසටයි. තව ද එවැනි නොමිලේ ලබාගත් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමට පෙර තම පරිගණකයේ Windows Defender මෘදුකාංගයෙන් ඒවා පරීක්ෂා (scan) කර බැලීම ද වැදගත් වේ.
තමා ඉන්ටර්නෙට් තුළින් පිවිසෙන ගිණුම් සියල්ල සඳහා එක ම කෙටි, සරල රහස් අංකයක්/රහස් යෙදුමක් භවිත කිරීම මගින් රහස් අංක/රහස් යෙදුම් කීපයක් මතක තබාගැනීමේ අවශ්‍යතාව මගහැර ගත හැකි වුව ද එය ඉන්ටර්නෙට් අපරාධකරුවන්ට ඔබගේ තොරතුරු සොරා ගැනීම පහසු කරවන්නකි.
ඇතැම් ඉන්ටර්නෙට් සොරුන් මිලියන ගණනක් අංක හා අකුරු සංකලනයන් යොදමින් යම් ගිණුමකට අදාළ රහස් අංකය සෙවිය හැකි පරිගණක වැඩසටහන් භාවිත කරති. එවැන්නක් මගින් සොරෙකු ඔබේ එක් ඉන්ටර්නටේ ගිණුමකට පිවිසියහොත්, එක ම රහස් අංකය ඇති ඔබේ ඉතිරි ගිණුම් ද අනතුරේ වැටෙනු ඇත.
එක් එක් ගිණුම සඳහා විවිධ රහස් අංක යෙදීම අපහසු නම් ජෙෆ් ෆොක්ස් නිර්දේශ කරන්නේ, එක ම රහස් අංකයක වෙනස් ප්‍රභේද සුළු වෙනස්කම් සහිතව හෝ භාවිත කරන ලෙසය. තවද, ඉලක්කම් හා විරාම ලකුණු ද අඩංගු, අවම තරමින් අකුරු 8ක් සහිත, සංකීර්ණ රහස් යෙදුම් භාවිත කිරීම තම ආරක්ෂාවට යෝග්‍ය බව ඔහු පවසයි.
ඔබගේ බැංකු ගිණුමට අදාළ දත්ත නැවත ඇතුළත් කළ යුතු බව දක්වා එන ඊ - මේල් පණිවිඩයක් සමග තිබූ වෙනත් වෙබ් පිටුවකට යාම සඳහා වූ ඈඳීමක් (link) තුළින් ගොස් තමාගේ බැංකු ගිණුම වෙත පිවිසීම කිසිසේත් ම නොකළ යුතු බව ජෙෆ් ෆොක්ස් අවධාරණය කරයි.
තම බැංකුවේ ලාංඡනය ද සහිතව විචිත්රව එන, බැලූ බැල්මට සත්‍ය එකක් යැයි හැඟෙන මෙවැනි ඊ - මේල් සෑම විට ම පාහේ වංචනික ඒවා වන්නේය. එවැන්නක් තුළින් ගොස් බැංකු ගිණුම වෙත පිවිසීමට ඔබ ඇතුළත් කරන ගිණුම් අංකය හා රහස්‍ය පදය ඇතුළු සියලු තොරතුරු ලබාගන්නා මෙම සොරුන්ට එමගින් ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගත හැකි වනු ඇත.
ඉන්ටර්නෙට් තුළින් ඔබේ බැංකු ගිණුම වෙත පිවිසිය යුතු නම්, අදාළ ගිණුම පිහිටි ආයතනයේ වෙබ් ලිපිනය ඔබගේ බ්‍රව්සරය තුළ ටයිප් කර, ඒ හරහා යා යුතු බව ඔහු පැවසීය.
තම ක්‍රෙඩිට් කාඩ්පත යොදාගෙන ඉන්ටර්නෙට් හරහා භාණ්ඩ හා සේවා ලබාගැනීම විශාල පහසුවක් වන්නා සේ ම සයිබර් සොරුන්ට එම කාඩ්පතේ අංකය ඇතුළු තොරතුරු ඉන්ටර්නෙට් මගින් දැන ගැනීමේ අවස්ථා ද සලසා දෙයි.
ක්‍රෙඩිට් කාඩ්පත මගින් ඉන්ටර්නෙට් තුළ මුදල් ගනුදෙනු කරන විට එම වෙබ් පිටුවේ ලිපිනය http. ලෙස නොව https. ලෙස ඇරඹෙන එකක් දැයි බලන ලෙස ෆොක්ස් උපදෙස් දෙයි. ඊට හේතුව නම් https. ලෙස ඇරඹෙන වෙබ් පිටුවල තොරතුරු සුරක්ෂිත භාවය http. ලෙස ඇරඹෙන ඒවාට වඩා වැඩි වීමයි.
ජෙෆ් ෆොක්ස් නිර්දේශ කරන තවත් දෙයක් වන්නේ; තම එදිනෙදා මූල්‍ය ගනුදෙනු සඳහා එක් ක්‍රෙඩිට් කාඩ්පතක් තබාගෙන, තම ඉන්ටර්නෙට් හරහා කරන මිලදී ගැනීම් සඳහා වෙන ම ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කිරීමය. එවිට, ඉන්ටර්නෙට් සොරෙකු කාඩ්පත් අංකය සොරකම් කළ අවස්ථාවක් ඇතිවුව ද ඔබට එම කාඩ්පත අවලංගු කොට නව කාඩ්පතක් ලබාගත හැකි වන අතර, තමාගේ අනෙක් එදිනෙදා මූල්‍ය ගනුදෙනුවලට බාධාවක් සිදුනොවනු ඇත.
Source: ethalaya.com
බොහෝ පුද්ගලයන් ජංගම දුරකතන භාවිත කරන අතර ළමුන් අත ද ජංගම දුරකතන දැන් දැන් දැකගත හැක.
අමෙරිකාවේ මාධ්‍ය හා ළමා සෞඛ්‍ය පිළිබඳ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට අනුව ඉදිරි වසර තුන තුළ අවුරුදු 8 ත් 12 ත් අතර ළමුන්ගෙන් 54%ක් ජංගම දුරකතන භාවිත කරනු ඇත.
තමා සමග නොසිටින විටෙක තම දරුවා පිළිබඳව සොයාබැලීමට, හදිසි අවස්ථාවකදී තමාට දරුවා ඇමතීමට හෝ දරුවාට තමාව ඇමතීමට මෙන් ම කුඩා දරුවන් සමග GPS (Global Positioning System) හැකියාව සහිත ජංගම දුරකතනයක් තැබීම තුළින් දරුවෙකු අතරමං වූ අවස්ථාවක ඒ හරහා දරුවා සොයා ගැනීමට වැනි විවිධ හේතු නිසා දෙමාපියෝ තම දරුවන්ට ජංගම දුරකතන ලබා දීමට පෙළඹෙති.
දරුවෙකුට කුමන පහසුකම් සහිත ජංගම දුරකතනයක් ලබා දිය යුතු ද? කුමන සේවා ඇති ජංගම දුරකතන පැකේජයක් දරුවෙකුට සුදුසු ද? දරුවාට ජංගම දුරකතනයක් ලබා දිය යුත්තේ කුමන වයසේදී ද? නොඑසේ නම් ජංගම දුරකතනයක් දරුවෙකුට කිසිසේත් නොදිය යුතු ද?
වියදම අතින් ගත් කල, දරුවෙකුට දෙන ජංගම දුරකතනයේ මිල මෙන් ම භාවිත කරන පැකේජය හා මාසිකව ලැබිය හැකි බිල ගැන ද මෙහිදී සැලකිලිමත් විය යුතුය.
දෙමාපියන් සැලකිය යුතු මුදලක් දී ලබාගන්නා ජංගම දුරකතන, බොහෝ ළමයින් සතු සෙල්ලම් බඩු මෙන් ම බිම වැටීම, වතුරේ වැටීම, හානි වීම හෝ නැති වීම සිදුවිය හැකි යැයි ළමා පර්යේෂකයයෝ පවසති.
එමෙන් ම ප්‍රමාණයට වඩා කතා කිරීම, කෙටි පණිවුඩ යැවීම, ගීත හා පරිගණක ක්‍රීඩා ගැනීම (download) හේතුවෙන් විශාල මාසික බිලක් ලැබ වියරු වැටී සිටින අප්‍රමාණ දෙමාපියන් සංඛ්‍යාවක් දැක ඇති බව පවසන පර්යේෂකයින්ට අනුව, ළමයින්ට ජංගම දුරකතනයක් දිය යුතු ම නම් ඊට වැය කරන මුදල අපතේ යාහැකි බව දැන කටයුතු කළ යුතු බවට ත් අනවශ්‍ය භාවිතය සීමා වන පැකේජයක් තෝරාගත යුතු බවට ත් උපදෙස් දෙති.
ඉන්ටර්නෙට් සීමා කළ, එසේත් නැත්නම් ඉන්ටර්නෙට් පහසුකම් නොමැති සහ කෙටි පණිවුඩ යැවීම සඳහා සීමා නොදැමූ පැකේජයකින් විශාල මුදල් නාස්තියක් වළකා ගත හැකි බව මෙහිදී අවධාරණය කළ යුතුය.
මගතොටේදී මෙන් ම පාසල් තුළදී හදිසි අනතුරු, ප්රචණ්ඩ ක්‍රියා, ත්‍රස්ත ක්‍රියා සිදුවූ අවස්ථා සලකා බලන විට තම දරුවා පිළිබඳ තොරතුරු දැන ගැනීමට දරුවා සතුව ජංගම දුරකතනයක් තිබීම දෙමාපියන්ට විශාල අස්වැසිල්ලකි.
ඇමරිකා එක්සත් ජනපද ජාතික පාසල් මාණ්ඩලික සංගමයේ නීතීඥවරයෙකු වන ටොම් හටන් පවසන පරිදි විශේෂ අවස්ථාවලදී දෙමාපියන්ට දරුවන්ට කතා කළ හැකි වීමේ වැදගත්කම අවබෝධ කරගත හැකි වුවත් ජංගම දුරකතන නිසා පන්ති කාමරයේදී ළමයින්ගේ අවධානය වෙනතකට යොමුවීමත්, කෙටි පණිවුඩ මගින් පිළිතුරු හුවමාරු කිරීමෙන් විභාග අක්‍රමිකතා සිදුකිරීමත්, නුසුදුසු පින්තූර හා වීඩියෝ පාසල් ළමුන් අතර පැතිර යාමත් මෙහි ඇති ඍණාත්මක අංග වන බවය.
ළමුන් ලිංගිකව අපයෝජනය කිරීමේ අරමුණින් දෙමාපියන්ට නොදැනෙන ලෙස දරුවන්ට ළංවීමට ඇතැම් පුද්ගලයින් ජංගම දුරකතන යොදා ගැනීමේ අවදානමක් ඇති බව ඇමරිකානු ළමා ලිංගික අපයෝජන වැළක්වීමේ ජාතික සංගමයේ සභාපති ටෙඩ් තොම්සන් පවසයි.
ළමුන්ට ජංගම දුරකතන ලබාදීමේදී සැලකිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඉන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලුය.
ජංගම දුරකතන භාවිතයේදී ඉන් නිකුත්වන විද්‍යුත් චුම්භක තරංගවලට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් පසුකාලීනව පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැයි මතයක් ඉදිරිපත්ව ඇත.නමුත් එය සත්‍ය බවට හෝ අසත්‍ය බවට ස්ථිරව කීම සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි තවම ලැබී නැතත් ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලීය පිළිකා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව ළමා මොළය වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන් හදිසි අවස්ථාවලදී පමණක් ජංගම දුරකතන භාවිත කිරීම සුදුසු බවට නිර්දේශ කර ඇත.
අනෙක් සෑම දෙයක් ලෙසම, දරුවන්ට ජංගම දුරකතන ලබාදීමේදී ද එහි හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් යුතුව, කටයුතු සිදුවන ආකාරය ගැන සැලකිල්ලෙන් හා අවධානයෙන් ක්‍රියා කිරීම සුදුසු බව බොහෝ දෙනෙකු දක්වන මතයකි.
Source: ethalaya.com
අෙමරිකා එක්සත් ජනපද රජය වඩාත් විවෘත හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා යෝජනා හා අදහස් අෙමරිකානුවන් වෙතින් ම ලබා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් ඔබාමා පරිපාලනය ක්‍රියාවට නැංවීමට යයි.
මේ සඳහා ඉන්ටර්නෙට්හි පවතින ක්රියාදාමයන්ගේ පහසුව හා වේගවත් බව ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කර තිබීම විශේෂ ලක්ෂණයකි.
ජනාධිපති බරැක් ඔබාමාගේ පොරොන්දුවක් වූයේ පෙර නොවූ විරූ මට්ටමේ විවෘතභාවයක්, විනිවිදභාවයක්, සහයෝගීත්වයක් හා සහභාගීත්වයක් සහිතව රාජ්‍ය පරිපාලනය සිදු කිරිමට කැප වන බවය.
මේ සඳහා අවශ්‍ය සැලසුම් සැකසීමේ ක්‍රියාවලියට සම්මාදම් වීමට අෙමරිකානු ජනතාවට ද අවස්ථාව විවෘත කර තිබේ.
වෙබ් අඩවියක් හරහා මීට අදාළ යෝජනා හා උපදෙස් ඉදිරිපත් කිරීමට ඕනෑ ම අයෙකුට ඉඩ සැලසෙන අතර විද්‍යුත් තැපෑලෙන් හෝ සාමාන්‍ය තැපෑලෙන් වුව ද මීට සම්බන්ධ විය හැක.
මෙහි පළමු පියවර ලෙස, මේ ආකාරයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු වනු ඇත.
දෙවන පියවර ලෙස මෙසේ ලැබුණු වඩාත් යෝග්‍ය අදහස් මධ්‍යගතව පාලනය කරන බ්ලොග් අඩවියක් (centrally - hosted blog) මගින් ජනතාව අතර කතිකාවක් ඇති කෙරේ.
ඒ හරහා තෝරා ගැනෙන අදහස්, නියමාකාරයෙන් සටහන්ගත කර ලේඛනයක් සැකසීමේ ක්‍රියාවලිය සඳහා ද මහ ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වේ.
අෙමරිකානුවන්ට මෙම වෙබ් පිටුවට පිවිස, නිවැරදිව වාක්‍ය ගළපා කෙටුම්පතක් ලෙස අදාළ යෝජනා හා අදහස් සැකසීමට මින් අවස්ථාව සැලසේ.
ජනතා සහභාගීත්වය සහිතව සිදු කෙරෙන මෙම අදියරයන් අවසානයේ අෙමරිකා එක්සත් ජනපද රජය බලාපොරොත්තු වන්නේ, ඔවුගේ නියෝජ්‍යායතන වෙත මෙසේ සැකසූ කෙටුම්පත් ඉදිරිපත් කර ඒවායින් ලැබෙන උපදෙස් සලකා බැලීමෙන් පසු අවසාන ලියැවිල්ල සකස් කිරීමටය.
වඩාත් විවෘත රාජ්‍ය පරිපාලනයක් සඳහා වන උපදෙස් රැගත් මෙම මග පෙන්වීමේ පත්‍රිකාව රටේ රාජ්‍ය ආයතන වෙත නිකුත් කෙරෙනු ඇත.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පැවසුවේ, ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා සමාජය තුළ දැනට පවතින වඩාත් ප්රශස්ත මට්ටමේ වූ තොරතුරු හා දැනුම ප්‍රයෝජනයට ගත යුතු බවත්, අපට අවශ්‍ය විශේෂඥ දැනුම හා ප්‍රවීණතාවන්ගෙන් බොහොමයක් අප රටේ පුරවැසියන් අතරින් ම සොයා ගත හැකි බවත්ය.
Source: ethalaya.com
ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කල ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂක කතා ලොව රහස් පරීක්ෂක කතා වලින් ප්රමුඛ ස්ඨානයක් ගන්නා රහස් පරීක්ෂක කතා සමුහයකි.
ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂක කතා වලට කැමති ඔය ගොල්ලන්ට සුභ ආරංචියක්.
නවතම ෂර්ලොක් හොම්ස් චිත්‍රපටය පසුගිය(2009.12.25) දෙසැම්බර් 25 දින සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුවා.
නුදුරු දිනයකදීම ලංකාවේ අපිටත් මෙම චිත්‍රපටය නැරඹීමට හැකි වෙයි කියලා විශ්වාස කරනවා.
අපි එහෙනම් දැන් ෆිල්ම් එකේ Trailer එක බලලා ඉමු.
මේ වසර අවසන් වනවිට මෙරට සාමාන්‍ය වාර්ෂික උද්ධමනය සියයට 5-6 මට්ටමක පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙන බව, මහ බැංකු අධිපතිවරයා පවසයි.
1985 වසරට පසුව වාර්තා වූ අඩුම සාමාන්‍ය වාර්ෂික උද්ධමන අනුපාතය වන සියයට 3.4 ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව 2009 වසර අවසානයේදී සමත්විය.
කෙසේවෙතත්, ආර්ථික විශ්ලේෂකයින්ගේ කණස්සල්ලට හේතුවූයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්යමය පදනමට අනුව 2009 නොවැම්බර්වල තිබූ සියයට 2.8 ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 4.8 ක් දක්වා විශාල වශයෙන් ඉහළ යෑම පිළිබඳවයි.
“අපේ ඉලක්කය වන්නේ සාධාරණ හා පාලනය කළ හැකි උද්ධමන මට්ටමක් පවත්වාගෙන යෑමයි. මේ අනුව, අපේ මූල්‍ය වැඩසටහන මගින් ඉලක්ක කර තිබෙන්නේ, 2010 වසරේදී සියයට 5-6 ත් අතර උද්ධමන අනුපාතයක් පවත්වා ගැනීමටයි.”
යනුවෙන්, මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් කොළඹදී සඳහන් කළේය.
මේ වනවිට, ලංකාව අඩු උද්ධමන සමයකට අවතීර්ණ වී තිබෙන බවත් එයින් ආර්ථික වර්ධනයට යහපත් බලපෑම් ඇතිවන බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
ඔන්න එහෙනම් 2010 අවුරුද්දත් උදා උනා.
ලැබුවාවු නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවායි ප්‍රාථනා කරනවා.
මේ අවුරුද්දේ මගේ පලවැනි ලිපිය Nokia දුරකථන පාවිච්චි කරන අයට ප්‍රයෝජන වන
Nokia Secret Codes ගැනයි.
*#060#-Display the IMEI
*#0000#-Display the firmwareversion and dates
*#sim0clock#-Display the Sim clock Status
#hra0#-Disable HR encoding
*#bta0#-Display the Bluetooth MAC address
*#mac0wlan#-Display the Wan MAC address
*#pca0#-Activate the GPRS PCCCH support
*#pcd0#-Deactivate the GPRS PCCCH support
*#opr0logo#-Clear the Operator Logo