මේ වසර අවසන් වනවිට මෙරට සාමාන්‍ය වාර්ෂික උද්ධමනය සියයට 5-6 මට්ටමක පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙන බව, මහ බැංකු අධිපතිවරයා පවසයි.
1985 වසරට පසුව වාර්තා වූ අඩුම සාමාන්‍ය වාර්ෂික උද්ධමන අනුපාතය වන සියයට 3.4 ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව 2009 වසර අවසානයේදී සමත්විය.
කෙසේවෙතත්, ආර්ථික විශ්ලේෂකයින්ගේ කණස්සල්ලට හේතුවූයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්යමය පදනමට අනුව 2009 නොවැම්බර්වල තිබූ සියයට 2.8 ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 4.8 ක් දක්වා විශාල වශයෙන් ඉහළ යෑම පිළිබඳවයි.
“අපේ ඉලක්කය වන්නේ සාධාරණ හා පාලනය කළ හැකි උද්ධමන මට්ටමක් පවත්වාගෙන යෑමයි. මේ අනුව, අපේ මූල්‍ය වැඩසටහන මගින් ඉලක්ක කර තිබෙන්නේ, 2010 වසරේදී සියයට 5-6 ත් අතර උද්ධමන අනුපාතයක් පවත්වා ගැනීමටයි.”
යනුවෙන්, මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් කොළඹදී සඳහන් කළේය.
මේ වනවිට, ලංකාව අඩු උද්ධමන සමයකට අවතීර්ණ වී තිබෙන බවත් එයින් ආර්ථික වර්ධනයට යහපත් බලපෑම් ඇතිවන බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
0 responses to "2010, උද්ධමන ඉලක්කය මෙන්න"
Subscribe to:
Post Comments (Atom)
Post a Comment