skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක

0 comments


බොහෝ පුද්ගලයන් ජංගම දුරකතන භාවිත කරන අතර ළමුන් අත ද ජංගම දුරකතන දැන් දැන් දැකගත හැක.
අමෙරිකාවේ මාධ්‍ය හා ළමා සෞඛ්‍ය පිළිබඳ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට අනුව ඉදිරි වසර තුන තුළ අවුරුදු 8 ත් 12 ත් අතර ළමුන්ගෙන් 54%ක් ජංගම දුරකතන භාවිත කරනු ඇත.

තමා සමග නොසිටින විටෙක තම දරුවා පිළිබඳව සොයාබැලීමට, හදිසි අවස්ථාවකදී තමාට දරුවා ඇමතීමට හෝ දරුවාට තමාව ඇමතීමට මෙන් ම කුඩා දරුවන් සමග GPS (Global Positioning System) හැකියාව සහිත ජංගම දුරකතනයක් තැබීම තුළින් දරුවෙකු අතරමං වූ අවස්ථාවක ඒ හරහා දරුවා සොයා ගැනීමට වැනි විවිධ හේතු නිසා දෙමාපියෝ තම දරුවන්ට ජංගම දුරකතන ලබා දීමට පෙළඹෙති.

දරුවෙකුට කුමන පහසුකම් සහිත ජංගම දුරකතනයක් ලබා දිය යුතු ද? කුමන සේවා ඇති ජංගම දුරකතන පැකේජයක් දරුවෙකුට සුදුසු ද? දරුවාට ජංගම දුරකතනයක් ලබා දිය යුත්තේ කුමන වයසේදී ද? නොඑසේ නම් ජංගම දුරකතනයක් දරුවෙකුට කිසිසේත් නොදිය යුතු ද?

වියදම අතින් ගත් කල, දරුවෙකුට දෙන ජංගම දුරකතනයේ මිල මෙන් ම භාවිත කරන පැකේජය හා මාසිකව ලැබිය හැකි බිල ගැන ද මෙහිදී සැලකිලිමත් විය යුතුය.

දෙමාපියන් සැලකිය යුතු මුදලක් දී ලබාගන්නා ජංගම දුරකතන, බොහෝ ළමයින් සතු සෙල්ලම් බඩු මෙන් ම බිම වැටීම, වතුරේ වැටීම, හානි වීම හෝ නැති වීම සිදුවිය හැකි යැයි ළමා පර්යේෂකයයෝ පවසති.

එමෙන් ම ප්‍රමාණයට වඩා කතා කිරීම, කෙටි පණිවුඩ යැවීම, ගීත හා පරිගණක ක්‍රීඩා ගැනීම (download) හේතුවෙන් විශාල මාසික බිලක් ලැබ වියරු වැටී සිටින අප්‍රමාණ දෙමාපියන් සංඛ්‍යාවක් දැක ඇති බව පවසන පර්යේෂකයින්ට අනුව, ළමයින්ට ජංගම දුරකතනයක් දිය යුතු ම නම් ඊට වැය කරන මුදල අපතේ යාහැකි බව දැන කටයුතු කළ යුතු බවට ත් අනවශ්‍ය භාවිතය සීමා වන පැකේජයක් තෝරාගත යුතු බවට ත් උපදෙස් දෙති.

ඉන්ටර්නෙට් සීමා කළ, එසේත් නැත්නම් ඉන්ටර්නෙට් පහසුකම් නොමැති සහ කෙටි පණිවුඩ යැවීම සඳහා සීමා නොදැමූ පැකේජයකින් විශාල මුදල් නාස්තියක් වළකා ගත හැකි බව මෙහිදී අවධාරණය කළ යුතුය.

මගතොටේදී මෙන් ම පාසල් තුළදී හදිසි අනතුරු, ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්ත ක්‍රියා සිදුවූ අවස්ථා සලකා බලන විට තම දරුවා පිළිබඳ තොරතුරු දැන ගැනීමට දරුවා සතුව ජංගම දුරකතනයක් තිබීම දෙමාපියන්ට විශාල අස්වැසිල්ලකි.

ඇමරිකා එක්සත් ජනපද ජාතික පාසල් මාණ්ඩලික සංගමයේ නීතීඥවරයෙකු වන ටොම් හටන් පවසන පරිදි විශේෂ අවස්ථාවලදී දෙමාපියන්ට දරුවන්ට කතා කළ හැකි වීමේ වැදගත්කම අවබෝධ කරගත හැකි වුවත් ජංගම දුරකතන නිසා පන්ති කාමරයේදී ළමයින්ගේ අවධානය වෙනතකට යොමුවීමත්, කෙටි පණිවුඩ මගින් පිළිතුරු හුවමාරු කිරීමෙන් විභාග අක්‍රමිකතා සිදුකිරීමත්, නුසුදුසු පින්තූර හා වීඩියෝ පාසල් ළමුන් අතර පැතිර යාමත් මෙහි ඇති ඍණාත්මක අංග වන බවය.
ළමුන් ලිංගිකව අපයෝජනය කිරීමේ අරමුණින් දෙමාපියන්ට නොදැනෙන ලෙස දරුවන්ට ළංවීමට ඇතැම් පුද්ගලයින් ජංගම දුරකතන යොදා ගැනීමේ අවදානමක් ඇති බව ඇමරිකානු ළමා ලිංගික අපයෝජන වැළක්වීමේ ජාතික සංගමයේ සභාපති ටෙඩ් තොම්සන් පවසයි.

ළමුන්ට ජංගම දුරකතන ලබාදීමේදී සැලකිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඉන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලුය.

ජංගම දුරකතන භාවිතයේදී ඉන් නිකුත්වන විද්‍යුත් චුම්භක තරංගවලට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් පසුකාලීනව පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැයි මතයක් ඉදිරිපත්ව ඇත.නමුත් එය සත්‍ය බවට හෝ අසත්‍ය බවට ස්ථිරව කීම සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි තවම ලැබී නැතත් ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලීය පිළිකා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව ළමා මොළය වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන් හදිසි අවස්ථාවලදී පමණක් ජංගම දුරකතන භාවිත කිරීම සුදුසු බවට නිර්දේශ කර ඇත.

අනෙක් සෑම දෙයක් ලෙසම, දරුවන්ට ජංගම දුරකතන ලබාදීමේදී ද එහි හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් යුතුව, කටයුතු සිදුවන ආකාරය ගැන සැලකිල්ලෙන් හා අවධානයෙන් ක්‍රියා කිරීම සුදුසු බව බොහෝ දෙනෙකු දක්වන මතයකි.

Source: ethalaya.com



11:17 AM



0 responses to "දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක"


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft