skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා ගැනීමට ඔබාමා සැරසෙයි

0 comments


අ‌ෙමරිකා එක්සත් ජනපද රජය වඩාත් විවෘත හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා යෝජනා හා අදහස් අ‌ෙමරිකානුවන් වෙතින් ම ලබා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් ඔබාමා පරිපාලනය ක්‍රියාවට නැංවීමට යයි.
මේ සඳහා ඉන්ටර්නෙට්හි පවතින ක්‍රියාදාමයන්ගේ පහසුව හා වේගවත් බව ප්‍රයෝජනයට ගැනීමට සැලසුම් කර තිබීම විශේෂ ලක්ෂණයකි.

ජනාධිපති බරැක් ඔබාමාගේ පොරොන්දුවක් වූයේ පෙර නොවූ විරූ මට්ටමේ විවෘතභාවයක්, විනිවිදභාවයක්, සහයෝගීත්වයක් හා සහභාගීත්වයක් සහිතව රාජ්‍ය පරිපාලනය සිදු කිරිමට කැප වන බවය.

මේ සඳහා අවශ්‍ය සැලසුම් සැකසීමේ ක්‍රියාවලියට සම්මාදම් වීමට අ‌ෙමරිකානු ජනතාවට ද අවස්ථාව විවෘත කර තිබේ.

වෙබ් අඩවියක් හරහා මීට අදාළ යෝජනා හා උපදෙස් ඉදිරිපත් කිරීමට ඕනෑ ම අයෙකුට ඉඩ සැලසෙන අතර විද්‍යුත් තැපෑලෙන් හෝ සාමාන්‍ය තැපෑලෙන් වුව ද මීට සම්බන්ධ විය හැක.

මෙහි පළමු පියවර ලෙස, මේ ආකාරයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු වනු ඇත.

දෙවන පියවර ලෙස මෙසේ ලැබුණු වඩාත් යෝග්‍ය අදහස් මධ්‍යගතව පාලනය කරන බ්ලොග් අඩවියක් (centrally - hosted blog) මගින් ජනතාව අතර කතිකාවක් ඇති කෙරේ.

ඒ හරහා තෝරා ගැනෙන අදහස්, නියමාකාරයෙන් සටහන්ගත කර ලේඛනයක් සැකසීමේ ක්‍රියාවලිය සඳහා ද මහ ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

අ‌ෙමරිකානුවන්ට මෙම වෙබ් පිටුවට පිවිස, නිවැරදිව වාක්‍ය ගළපා කෙටුම්පතක් ලෙස අදාළ යෝජනා හා අදහස් සැකසීමට මින් අවස්ථාව සැලසේ.

ජනතා සහභාගීත්වය සහිතව සිදු කෙරෙන මෙම අදියරයන් අවසානයේ අ‌ෙමරිකා එක්සත් ජනපද රජය බලාපොරොත්තු වන්නේ, ඔවුගේ නියෝජ්‍යායතන වෙත මෙසේ සැකසූ කෙටුම්පත් ඉදිරිපත් කර ඒවායින් ලැබෙන උපදෙස් සලකා බැලීමෙන් පසු අවසාන ලියැවිල්ල සකස් කිරීමටය.

වඩාත් විවෘත රාජ්‍ය පරිපාලනයක් සඳහා වන උපදෙස් රැගත් මෙම මග පෙන්වීමේ පත්‍රිකාව රටේ රාජ්‍ය ආයතන වෙත නිකුත් කෙරෙනු ඇත.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පැවසුවේ, ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා සමාජය තුළ දැනට පවතින වඩාත් ප්‍රශස්ත මට්ටමේ වූ තොරතුරු හා දැනුම ප්‍රයෝජනයට ගත යුතු බවත්, අපට අවශ්‍ය විශේෂඥ දැනුම හා ප්‍රවීණතාවන්ගෙන් බොහොමයක් අප රටේ පුරවැසියන් අතරින් ම සොයා ගත හැකි බවත්ය.

Source: ethalaya.com


11:04 AM



0 responses to "රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා ගැනීමට ඔබාමා සැරසෙයි"


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft