skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු

0 comments

පරිගණක භාවිතය ඉහළ යන්නා සේ ම එදිනෙදා කටයුතු සඳහා ඉන්ටර්නෙට් භාවිතයට ද බොහෝ දෙනෙක් පෙළඹෙමින් සිටිති. පහසුවෙන් තොරතුරු ලබාගැනීමට වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාවත් සන්නිවේදන කටයුතු සඳහා ඊ - මේල් භාවිතයත් අධිවේගී ජීවන රටාවට විශාල පහසුවකි.
සමාජයේ අනෙක් සෑම අංශයකදී මෙන් ම ඉන්ටර්නෙට් භාවිතයේදී ද සොර සතුරන්ගෙන් ආරක්ෂා වීමට අපට සිදුවී ඇත. නොයෙක් උපක්‍රම යොදා රැවටීම් හා වංචා තුළින් අපගේ පෞද්ගලික තොරතුරු හා මුදල් ලබාගැනීමට විවිධ ඉන්ටර්නෙට් සොරු උත්සහ කරති.

ඉන්ටර්නෙට් ලොතරැයියක් ජයග්‍රහණය කළ බව දන්වමින් එම මුදල් බැර කිරීමට ගිණුමේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් ලැබෙන විවිධ ව්‍යාජ ඊ - මේල් සඳහා පිළිතුරු දීම නොකළ යුතු බව බොහෝ අය දන්නා කරුණක් වේ.

එසේ නමුත්, අප එදිනෙදා ඉන්ටර්නෙට් භාවිතයේදී නිතර සිදුකරන වෙනත් වැරදි තුළින් ඉන්ටර්නෙට් සොරුන්ට අපගේ තොරතුරු ලබාගැනීම පහසු කර දිය හැක.

වාර්තා සහ පරීක්ෂණ අනුව පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්හි ගුණදොස් සමාලෝචනය ‍කර ප්‍රකාශයට පත් කරන පිළිගත් අමෙරිකානු සඟරාවක සංස්කාරකයෙකු වන ජෙෆ් ෆොක්ස්, CNN රූපවාහිනිය සමග මෑතකදී කළ සාකච්ඡාවකදී ඉන්ටර්නෙට් තුළ අපගේ ආරක්ෂාවට හානිදායක විය හැකි වැදගත් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු විය.

ජෙෆ් ෆොක්ස් පවසන පරිදි, බොහෝ දෙනෙක් කරන ප්‍රධාන ම වරදක් වන්නේ; වෛරස් ආරක්ෂණ (anti-virus) හෝ ඉන්ටර්නෙට් ආරක්ෂණ (internet security) මෘදුකාංගයක් දමා ගත් පමණින් සදාකාලිකව තම පරිගණකය සුරක්ෂිත බවට විශ්වාස කිරීමයි.

නව පරිගණක වෛරස් දිනපතා නිපදවෙන නිසා තම පරිගණක ආරක්ෂණ මෘදුකාංග නිසි පරිදි සක්‍රීය කර තිබීමත් නිතිපතා ඒවා යාවත්කාලීන කිරීමත් (update) ඉතා වැදගත් බව ඔහු පවසයි. ජෙෆ් ෆොක්ස් මෙහිදී නිර්දේශ කරන්නේ, ඔබ ඉන්ටර්නෙට් හා සම්බන්ධ වී සිටින සෑම විටකදී ම පරිගණක ආරක්ෂණ මෘදුකාංග නිසැකවම සක්‍රීයව ඇත්දැයි බැලීමත් එය ස්වයංක්‍රීයව යාවත්කාලීන විය හැකි පරිදි සකසා තැබීමත් සුදුසු බවය.

ඇතැම් වෙබ් පිටුවලදී පැන නගින දැන්වීම් (pop - up ads/ pop - up windows) තුළට උවමනාවෙන් හෝ වැරදීමෙන් යාම නිසා තම පරිගණකයේ තොරතුරු හොරෙන් ලබාගත හැකි හානිකර මෘදුකාංග ඔබේ පරිගණකයට ඇතුළු විය හැකි බවට ද ජෙෆ් ෆොක්ස් අනතුරු අඟවයි.

එවැනි දැන්වීමක් පැන නැගි විට කළ යුත්තේ; දැන්වීම අඩංගු කොටුවේ ඉහළ දකුණු හෝ වම් මුල්ලේ වසා දැමීම සඳහා ඇති කතිරයක් සහිත බොත්තම ඔබා එය ඉවත් කිරීමයි. ඊටත් වඩා සුදුසු කටයුත්ත වන්නේ, තමා භාවිත කරන වෙබ් බ්‍රව්සරයේ පැන නගින දැන්වීම් වළැක්වීමේ හැකියාව (pop - up blocker) සක්‍රීය කර තැබීම බව ජෙෆ් ෆොක්ස් මෙහිදී ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ, නොමිලේ ඉන්ටර්නෙට් තුළින් ලබාගත හැකි මෘදුකාංග (free and open source software) බා ගැනීමේදී ප්‍රවේශම් විය යුතු බවය. එසේ ලබාගත හැකි ඇතැම් මෘදුකාංග සමග අනවශ්‍ය හා හානිකර දෑ තම පරිගණකයට ඇතුළු වීමේ අවස්ථාවක් ද ඇත.

මීට පිළියම් ලෙස ෆොක්ස් උපදෙස් දෙන්නේ, හොඳින් දන්නා විශ්වාසවන්ත වෙබ් අඩවි හරහා පමණක් නොමිලේ ලබාගත හැකි මෘදුකාංග බා ගන්නා(download) ලෙසටයි. තව ද එවැනි නොමිලේ ලබාගත් මෘදුකාංග ක්‍රියාත්මක කිරීමට පෙර තම පරිගණකයේ Windows Defender මෘදුකාංගයෙන් ඒවා පරීක්ෂා (scan) කර බැලීම ද වැදගත් වේ.

තමා ඉන්ටර්නෙට් තුළින් පිවිසෙන ගිණුම් සියල්ල සඳහා එක ම කෙටි, සරල රහස් අංකයක්/රහස් යෙදුමක් භවිත කිරීම මගින් රහස් අංක/රහස් යෙදුම් කීපයක් මතක තබාගැනීමේ අවශ්‍යතාව මගහැර ගත හැකි වුව ද එය ඉන්ටර්නෙට් අපරාධකරුවන්ට ඔබගේ තොරතුරු සොරා ගැනීම පහසු කරවන්නකි.

ඇතැම් ඉන්ටර්නෙට් සොරුන් මිලියන ගණනක් අංක හා අකුරු සංකලනයන් යොදමින් යම් ගිණුමකට අදාළ රහස් අංකය සෙවිය හැකි පරිගණක වැඩසටහන් භාවිත කරති. එවැන්නක් මගින් සොරෙකු ඔබේ එක් ඉන්ටර්නටේ ගිණුමකට පිවිසියහොත්, එක ම රහස් අංකය ඇති ඔබේ ඉතිරි ගිණුම් ද අනතුරේ වැටෙනු ඇත.

එක් එක් ගිණුම සඳහා විවිධ රහස් අංක යෙදීම අපහසු නම් ජෙෆ් ෆොක්ස් නිර්දේශ කරන්නේ, එක ම රහස් අංකයක වෙනස් ප්‍රභේද සුළු වෙනස්කම් සහිතව හෝ භාවිත කරන ලෙසය. තවද, ඉලක්කම් හා විරාම ලකුණු ද අඩංගු, අවම තරමින් අකුරු 8ක් සහිත, සංකීර්ණ රහස් යෙදුම් භාවිත කිරීම තම ආරක්ෂාවට යෝග්‍ය බව ඔහු පවසයි.

ඔබගේ බැංකු ගිණුමට අදාළ දත්ත නැවත ඇතුළත් කළ යුතු බව දක්වා එන ඊ - මේල් පණිවිඩයක් සමග තිබූ වෙනත් වෙබ් පිටුවකට යාම සඳහා වූ ඈඳීමක් (link) තුළින් ගොස් තමාගේ බැංකු ගිණුම වෙත පිවිසීම කිසිසේත් ම නොකළ යුතු බව ජෙෆ් ෆොක්ස් අවධාරණය කරයි.

තම බැංකුවේ ලාංඡනය ද සහිතව විචිත්‍රව එන, බැලූ බැල්මට සත්‍ය එකක් යැයි හැ‍ඟෙන මෙවැනි ඊ - මේල් සෑම විට ම පාහේ වංචනික ඒවා වන්නේය. එවැන්නක් තුළින් ගොස් බැංකු ගිණුම වෙත පිවිසීමට ඔබ ඇතුළත් කරන ගිණුම් අංකය හා රහස්‍ය පදය ඇතුළු සියලු තොරතුරු ලබාගන්නා මෙම සොරුන්ට එමගින් ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගත හැකි වනු ඇත.

ඉන්ටර්නෙට් තුළින් ඔබේ බැංකු ගිණුම වෙත පිවිසිය යුතු නම්, අදාළ ගිණුම පිහිටි ආයතනයේ වෙබ් ලිපිනය ඔබගේ බ්‍රව්සරය තුළ ටයිප් කර, ඒ හරහා යා යුතු බව ඔහු පැවසීය.

තම ක්‍රෙඩිට් කාඩ්පත යොදාගෙන ඉන්ටර්නෙට් හරහා භාණ්ඩ හා සේවා ලබාගැනීම විශාල පහසුවක් වන්නා සේ ම සයිබර් සොරුන්ට එම කාඩ්පතේ අංකය ඇතුළු තොරතුරු ඉන්ටර්නෙට් මගින් දැන ගැනීමේ අවස්ථා ද සලසා දෙයි.

ක්‍රෙඩිට් කාඩ්පත මගින් ඉන්ටර්නෙට් තුළ මුදල් ගනුදෙනු කරන විට එම වෙබ් පිටුවේ ලිපිනය http. ලෙස නොව https. ලෙස ඇර‍ඹෙන එකක් දැයි බලන ලෙස ෆොක්ස් උපදෙස් දෙයි. ඊට හේතුව නම් https. ලෙස ඇර‍ඹෙන වෙබ් පිටුවල තොරතුරු සුරක්ෂිත භාවය http. ලෙස ඇර‍ඹෙන ඒවාට වඩා වැඩි වීමයි.

ජෙෆ් ෆොක්ස් නිර්දේශ කරන තවත් දෙයක් වන්නේ; තම එදිනෙදා මූල්‍ය ගනුදෙනු සඳහා එක් ක්‍රෙඩිට් කාඩ්පතක් තබාගෙන, තම ඉන්ටර්නෙට් හරහා කරන මිලදී ගැනීම් සඳහා වෙන ම ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කිරීමය. එවිට, ඉන්ටර්නෙට් සොරෙකු කාඩ්පත් අංකය සොරකම් කළ අවස්ථාවක් ඇතිවුව ද ඔබට එම කාඩ්පත අවලංගු කොට නව කාඩ්පතක් ලබාගත හැකි වන අතර, තමාගේ අනෙක් එදිනෙදා මූල්‍ය ගනුදෙනුවලට බාධාවක් සිදුනොවනු ඇත.

Source: ethalaya.com


11:20 AM



0 responses to "සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු"


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft