skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.

0 comments


සියලුම ආකාරයේ ගොඩනැගිලි පිළිබදව මෙතෙක් තිබු සියලුම වාර්තා බිඳ හෙළමින් පසුගිය ජනවාරි 4 වැනිදා ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆා" නමින් ඩුබයි එමීර්යේදී නිල වශයෙන් විවෘත කෙරිණි. බර්ජ කලීෆා යන්නෙහි අරුත කලීෆා කුළුණ යන්නයි. මීට පෙර මෙය නම් කොට තිබුනේ බර්ජ් ඩුබායි නමිනුයි.

බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ලොව උසම ගොඩනැගිල්ල, වැඩිම තට්ටු සංඛයාවකින් සමන්විත ගොඩනැගිල්ල, වඩාත් උසින් පිහිටි නිරීක්ෂණ අට්ටාලය සහිට ගොඩනැගිල්ල, වැඩිම උසකට ගමන් කරන විදුලි සෝපානය සහිත ගොඩනැගිල්ල යන සියලුම වාර්තාවන්ට හිමිකම් කියන ගොඩනැගිල්ල ලෙසත් වර්තාගත වෙනවා.

මීටර් 828 හෙවත් අඩි 2717 ක උසින් යුත් බර්ජ් කලීෆා හි මිනිස් වාසය සදහා තට්ටු 160ක් පිහිටා ඇති අතර ඊට අමතරව නඩත්තු කිරීමේ උපාංග සහිත තට්ටු 46 කින් සහ බිම් මහලේ වාහන ගාල් කිරීම සදහා තට්ටු 2 කින් සමන්විත වෙනවා.

මෙහි ඇති ජනෙල් සංඛයාව 24,348 ක්. ඉහළම මට්ටමේ ජනේල් පිරිසිදු කිරීම සදහා මිනිසුන් රහිත යන්ත්‍ර යොදවා ඇති අතර අනෙක් තට්ටු වල ජනෙල් පිරිසිදු කරන්නේ පිටතින් එල්ලෙන ගෝන්ඩෝලා වල නැගුණු පළපුරුදු ජනේල් පවිත්‍ර කරන්නන් විසිනුයි.

මෙහි තට්ටු වල තරු පහේ හෝටලයක්, සුබෝපභෝගී නිවාස, ආයතන, අවන්හල්, නිරීක්ෂණාගාර සහ නඩත්තු කුටි පිහිටා ඇත.මෙම ගොඩනැගිල්ලේ හැඩය සදහා පාදක කොට ගැන ඇත්තේ කාන්තාරයේ පිපෙන් මලක් වන " හයිමෙනෝකෙලිස්" මලේ ස්වරූපයයි.ගොඩනැගිල්ලේ නිමාව සදහා ප්‍රධාන වශයෙන් යොදාගෙන් ඇත්තේ වීදුරු, මල නොබැදෙන වානේ සහ ඔප දැමු අඳුරු පැහැති පාෂාණයි.

ගොඩනැගිල්ල තුල ගමනාගමනය සඳහා විදුලි සෝපාන 57 ක් ද, දුවන පඩි පෙළි 8 කින්ද පිහිටා තිබෙනවා. ඉහළ මාලය සදහා පිවිසෙන මෙම විදුලි සෝපානය තත්පරයකට මීටර් 10 ක වේගයකින් ගමන් කරන අතර ඒවා ලොව වේගවත්ම විදුලි සෝපානය ලෙසයි සැළකෙන්නේ.

මහජනයා සඳහා විවෘත මෙම ගොඩනැගිල්ලට කලින් වෙන් කරවගත් දිනකදී නියමිත වේලාවට පිවිසීම සඳහා වැඩිහිටියකු (වයස අවුරුදු 13 න් ඉහළ ) ඩිරාම් 100 ක මුදලක් එනම් රුපියල් 3500 මුදලක් ගෙවිය යුතු අතර ළමයෙකු ( අවු: 3 සිට අවු: 12 දක්වා ) ඩිරාම් 75 ක මුදලක් එනම් රුපියල් 2625 මුදලක් යුතුයි. එසෙනින් ප්‍රවේශ වීමේ අවෂ්යතාවය ඇති අයගෙන් ඩිරාම් 400 ක මුදලක් එනම් රුපියල් 14,000 මුදලක් අය කෙරේ.අවුරුදු 3 දක්වා ළමුන් සදහා කිසිදු ගාසිතුවක් අය නොකරයි.

වැඩි විස්තර සදහා මෙම වෙබ් ලිපිනයට පිවිසෙන්න...

http://www.burjdubai.com/observation-deck/ticket-information.aspx

ඉරිදා සිට බදාදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වාත් , බ්‍රහස්පතින්දා සිට සෙනසුරදා දක්වා පෙ.ව. 10.00 සිට මැදියම් රැය දක්වාත් මහජනයා සදහා " බර්ජ් කලීෆා " ගොඩනැගිල්ල විවෘතව පවතී.

වැඩිදුර තොරතුරු සදහා පහත සදහන් "බර්ජ් කලීෆා" හි නිළ වෙබ් ලිපිනයට පිවිසෙන්න..

http://www.burjdubai.com

"බර්ජ් කලීෆා" ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය.


10:47 PM



0 responses to "ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ."


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft