skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

රස කතා

13 comments

යන්නෙ කොහොම ද?

එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා. මොහොතකට කලින් දුමින්දට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා.

‘අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ. තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි. මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා. මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ. දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා.’

තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන දුමින්ද ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.

‘ඉතින් යන්ඩ කිව්වාම යනවා.’ ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා.

‘හරි මං යන්නං. ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද?’ දුමින්ද සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා.

***********************************************************************************

මටත් එහෙමම තමයි

අවන්හලකට ගොඩවුණු සිරිපාල, හිස් මේසයක් නොතිබුණු නිසා එක් අයෙක් පමණක් සිටි මේසයක් ඉදිරිපිට වාඩි වුණා.

වීදුරු දෙක තුනක් හිස් වෙද්දී දෙදෙනා තම තමන්ගෙ වංහුං කථා කරලා හිතවත් වුණා විතරක් නෙමෙයි එකිනෙකා වෙනුවෙන් බීම ඇණවුම් කරන්නත් පටන් ගත්තා.

රෑ දහය පහු වුණු ගමන් එක් අයෙක් නැගිට්ටා. අනෙකා විමතියෙන් ඔහු දිහා බැලුවා. ‘ඇයි මචං නැගිට්ටේ? බාර් එක වහන්ඩ තව පැයක් තියෙනව නෙ.’ ඔහු ඇහැව්වා.

‘මම දැන් යන්ඩ ඕනෙ. මොකද දන්නව ද? ඩ්රින්ක් එකක් දැම්මාම මට අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩම ඕනෙ.’ අනෙකා පිළිතුරු දුන්නා.

‘ඉතින් මටත් එහෙමනෙ. අපේ වයිෆ් උයන බත් කටක් කන්ඩ නං ඩ්රින්ක් එකක් දාන්ඩම ඕනෙ.’ ඔහු කිව්වා.

**********************************************************************************

තව එකක් කමු ද?

අවුරුද්ද පුරාම, මුළු දවස තිස්සෙම කඩ බක්කි මැද්දේ ජීවිතේ ගෙවන කරෝලිස් මුදලාලි තමන්ගෙ පවුලත් එක්ක වෙසක් බලන්න යන්න එකඟ වුණේ යුතු කමට.

හැන්දෑ යාමේ ගෙදරින් පිටත් වෙලා තොරණක් දෙකක් බැලූ මේ ජෝඩුව, රෑ නවයට විතර ගෝල්ෆේස් පිට්ටනියට කිට්ටු කළා.

පිට්ටනියේ තැන තැන නවතා තිබුණු අයිස්ක්රීම් වෑන් දෙස බැලූ කරෝලිස් මුදලාලි, හිනාවකුත් මුවේ රඳවාගෙන හාමිනේ දිහා බැලුවා.

‘හාමිනේ අපි තව අයිස්ක්රීම් එකක් කමු ද?’ මුදලාලි මෙහෙම ඇහැව්වාම හාමිනේ පුදුම වෙලා මුදලාලි ගෙන් මෙහෙම ප්රශ්න කළා.

‘තව අයිස්ක්රීම් එකක්...’ අපි මීට කලින් අයිස්ක්රීම් කැවයැ.’ ඈ අවඥාවෙන් කට ඇද කළා.

‘ඇයි හාමිනේට මතක නැද්ද? අපි ගිය අවුරුද්දෙ වෙසක් බලන්ඩ ආ වෙලාවෙත් අයිස්ක්රීම් කෑවෙ.’ මුදලාලි උත්තර දුන්නා.

************************************************************************************

ඉඳලත් බැරි නැතුවත් බැරි ගැහැනු

හිඟන්නෝ දෙන්නෙක් දවල් කෑමෙන් පස්සේ මාර ගහක සෙවණක් යටට වෙලා කථා බහක යෙදිලා හිටියා.

‘උඹ කොහොමද හිඟමනට වැටුණේ?’ එක් හිඟන්නෙක් අනිකා ගෙන් ඇහැව්වා.

‘මම මුලින් හොඳ බිස්නස් එකක් කරගෙන යස අගේට හිටියා. ඒත් මගෙ බිස්නස්වලට උදව් කරන්න ගෑනියෙක් හිටියේ නැහැ. ඒකයි වුණේ.’ යනුවෙන් පිළිතුරු දුන් ඔහු,

‘හැබෑට තමුසෙට මොකද වුණේ?’ කියලා අනෙක් හිඟන්නා ගෙන් ඇහැව්වා.

‘මමත් බිස්නස් කළේ. හැබැයි මට ගෑනියෙක් හිටියා.’ ඔහු පිළිතුරු දුන්නා.



12:42 AM



13 responses to "රස කතා"

  1. Anonymous said...
    January 17, 2010 at 1:54 AM

    හික් හික් හික්........
    ඇත්තටම හිනා ගියා..

    uS said...
    January 17, 2010 at 3:16 AM

    Com එකට තුති

    LG said...
    January 17, 2010 at 3:49 AM

    හික්ස්..නියම කතා ටිකක් ;-)

    uS said...
    January 17, 2010 at 7:34 AM

    LG Tnx 4 Com

    Sam said...
    January 17, 2010 at 9:37 AM

    එළ එළ..නියමයි..

    Anonymous said...
    January 17, 2010 at 11:56 AM

    ඇත්තටම හිනායන කතා ටිකක්. :)

    Anonymous said...
    January 17, 2010 at 11:57 AM

    මේකෙ word verification අයින් කලානම් හොඳයි නේද?

    uS said...
    January 17, 2010 at 10:31 PM
    This comment has been removed by the author.
    uS said...
    January 17, 2010 at 10:32 PM

    @ ධනංජය

    Tnxxx:)

    @ Indika
    Tnx 4 Comments
    මචං මං මේ බ්ලොග් එක පටන් අරගෙන මාසයක්වත් නෑ....
    මම හුගක් දේවල් දන්නේ නෑ...
    මට කියනවද Word Verification කියන්නේ මොකක්ද කියලා.

    Unknown said...
    January 17, 2010 at 11:08 PM

    ලස්සකයි

    Unknown said...
    January 17, 2010 at 11:14 PM

    ලස්සනයි.

    Word Verification කියන්නේ Comment post කරනකොට ඇද වෙච්ච අකුරැ ටිකක් පේන්නෙ, අන්න ඒකට. ඒක ඉවත් කරන්න පුළුවන් බ්ලොග් එකේ පාලන පුවරැවෙන්.

    Anonymous said...
    January 18, 2010 at 7:26 AM

    මම මේව පත්තරේක දැක්කද මන්ද..

    uS said...
    January 18, 2010 at 9:50 AM

    @ viyanasl

    Tnx 4 Comments

    @ Kaniya.info

    ඔව් සහෝදරයා මං මේක ගත්තේ ඉරිදා රසදුනෙන්


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft