skip to main | skip to sidebar
...::මතවාද::...
~පක්ෂ~......~විපක්ෂ~
RSS
  • Download Sinhala Fonts

"හාදු ගෙනෙන ප්‍රකාශය"

5 comments



ප්‍රේමදාසට හැඩකාර තරුණියන් පෙන්නන්නට බැරිය. ඔහු හැන්දෑවට වෙරළේ ඇවිදින්නට යන්නේ කෙසේ හෝ තරුණියක සමඟ කදේ වැටෙන්නටය. තර්ක විද්යාව හොඳින් හදාරා සිටි ඔහු එම දැනුමින් ප්‍රයෝගිකව ප්‍රයෝජන ලබා ගැනීමටද පුරුදුව සිටියේය.

දිනක් ඔහු සුපුරුදු පරිදි සැඳෑවක මුහුදු වෙරළේ ඇවිදින්නට ගියේය. එහි සිටි සමරු පොතක් අතින් ගත් සුරූපී කතක් වෙත ඔහුගේ සිත ඇදී ගියේය. "ඇගෙන් හාදුවක් ලැබිය හැකි නම් ", ඔහුගේ සිත කියවන්නට විය.

තමා උගත් තර්ක විද්යාව ගැන මොහොතක් සිහිපත් කළ ඔහු තරුණිය අසලට ගොස් මෙසේ පැවසුවේය.
"මේ, මට උදව්වක් කරන්න පුළුවන්ද? මම දැන් ප්‍රකාශයක් කරනවා. මම ඒක කොලයක ලියලා දෙන්නම්කො. මගේ ප්‍රකාශය ඇත්ත නම් ඔබ මට ඔබේ සමරු පොත දෙන්න ඕන".

" ඕක ඒ තරම් ලොකු දෙයක් නොවෙයිනේ. හරි මම එකඟයි", තරුණිය ඉතා සැහැල්ලුවෙන් පැවසුවාය.

"හැබැයි ඔයා මට එක පොරොන්දුවක් වෙන්න ඕන.මගේ ප්‍රකාශය බොරු වුණොත් ඔබ මට ඔබේ සමරු පොත නොදිය යුතුයි."

"හරි මම කැමතියි. මේක බොහෝම ලේසි දෙයක්නේ". තරුණිය පැවසුවාය.

තරුණයා කඩදාසියක ලියු තම ප්‍රකාශය තරුණිය වෙත ඉදිරිපත් කළේය.එය කියවා මඳ කල්පනාවක නියැලුණු ඇයට (හිතේ රහස් සතුටක්ද ඇති කරවමින්) මෙලෙස හැඟිණ.

"මගේ පොරොන්දුවේ හැටියට මට ඔහුට දෙන්න වෙන්නේ සමරු පොත නොවෙයි. හාදුවක්".

තරුණයා ලිව්ව ප්‍රකාශය මොකක්ද?....
*
*
*
*
*
*
*
*
තරුණයාගේ ප්‍රකාශය මෙහෙමයි.

"ඔබ ඔබේ සමරු පොත හෝ හාදුවක් හෝ මට නොදෙනු ඇත."

මේ ප්‍රකාශය ඇත්ත නම් ඔහු පොරොන්දු වු පරිදි සමරු පොත ඔහුට දිය යුතුයි. එහෙත් එය දුන්නහොත් ප්‍රකාශය අසත්ය වේ. එනම් ප්‍රකාශය බොරුවක් වේ. එම නිසා ඔහුට සමරු පොත හෝ හාදුවක් හෝ දිය යුතුය. එහෙත් තරුණයාගේ කොන්දේසිය අනුව ප්‍රකාශය වැරදි නම් ඇය ඔහුට සමරු පොත නොදෙන බවට පොරොන්දු වී ඇත. එම නිසා ඇයට කළ හැකි එකම දෙය ඔහුට හාදුවක් දීම පමණී.


"ගණිතයයි විනෝදයයි" කෘතිය ඇසුරෙන්...




6:52 AM



5 responses to ""හාදු ගෙනෙන ප්‍රකාශය""

  1. ජීවිතේ මල් said...
    January 29, 2010 at 10:54 AM

    අහෝ තර්ක ශාස්ත්‍රයට අදිපති දෙවියනි,,,
    මෙවන් තර්ක ඥාණයක් පිරිමින්ට නොදෙනු මැනවි... :-D

    නියම කතාව...... ජය වේවා!

    Anonymous said...
    January 29, 2010 at 11:04 AM

    මාර මීටරේනේ...

    uS said...
    January 30, 2010 at 12:17 AM

    @ ජීවිතේමල්

    ඔයා ප්‍රාර්ථනා කරන කොට ඔක්කෝම වෙලා ඉවරයි.
    Anyway thanks 4 GOLDEN Comment.

    @ Panhida

    Thanks 4 Comment.

    ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...
    February 2, 2010 at 4:46 AM

    මරු වැඩේ !!
    try එකක් දාලා බලන්න වටිනවා ;)

    සුපර් මාරියෝ said...
    May 18, 2011 at 11:46 PM

    පට්ටයි..


Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

    lankeeya sithuwili
    සිංහල බ්ලොග් කියවනය

    Get Sinhala

    • Download Sinhala Fonts

    වේලාව කීයද?

    ආකාස කුසුම් - Flowers of Sky

    සොයන්න

    යහළුවෝ

    සටහන්

    • ►  2011 (3)
      • ►  June (1)
      • ►  May (1)
      • ►  February (1)
    • ▼  2010 (55)
      • ►  December (3)
      • ►  October (1)
      • ►  July (1)
      • ►  June (3)
      • ►  May (3)
      • ►  April (6)
      • ►  March (2)
      • ►  February (14)
      • ▼  January (22)
        • රස කතා - 04
        • "හාදු ගෙනෙන ප්‍රකාශය"
        • හෙට පත්තරේ අද - මෙන්න 2010 ජනාධිපතිවරණයේ සමස්ත ඡන්...
        • රස කතා 03
        • ජනාධිපති අපේක්ෂකත්වයට ඡන්ද ලියාපදිංචිය අත්‍යවශ්‍ය ...
        • ''සදාම්" නමින් රූපවාහිනි චැනලයක්‌
        • මයිකල් ජැක්සන් සිහිවීමට ඩොලර් බිලියනයක ව්‍යාපෘතියක්
        • ප්‍රශ්නයක්....උත්තරේ දන්නවනාම් Plzz Comment එකක් ද...
        • රස කතා 02
        • Longest URL in the World - අන්තර්ජාලය තුල පවතින අර...
        • ලොව උසම ගොඩනැගිල්ල -බර්ජ් කලීෆා- විවෘත වේ.
        • රස කතා
        • ධනාත්මක සිතුවිලි - 01
        • මොනවද මේ LED TV?
        • 2010 Hollywood Box Office අනාවැකියක්
        • ලොව සිහින්මLCD TV Monitor කිරුළ LG දිනා ගනියි...
        • සයිබර් සොරුන්ගෙන් ආරක්ෂා වෙමු
        • දරුවන්ට ජංගම දුරකතනයක් දීමේ හොඳ - නරක
        • රාජ්‍ය පරිපාලනය සකස් කිරීම සඳහා ඉන්ටර්නෙට් සහය ලබා...
        • ෂර්ලොක් හෝම්ස් නැවතත්
        • 2010, උද්ධමන ඉලක්කය මෙන්න
        • Nokia දුරකථන සදහා Codes
    • ►  2009 (5)
      • ►  December (5)

    About Me

    My photo
    uS
    මං කවුද? තවම හොයනවා.අන්තර්ජාලයෙන් ඒක ගැන හොය හොය ඉන්න කොට තමා අහම්බෙන් බ්ලොග් කියවන්න ලැබුණා. ඒත් එක්කම බ්ලොග් ලියන්න ආස හිතුනා. ඒ හින්දා ලියනවා.මං ගැන කියන්න තරම් වෙන විශේෂ දෙයක් නම් නැත. මොකක් හරි තියනවානම් කියන්නම් කෝ :ඩී
    View my complete profile

    ආපු කට්ටිය

    widgeo.net

Copyright © All Rights Reserved. ...::මතවාද::... | Converted into Blogger Templates by Theme Craft